
2025 ජුනි 25 කැනේඩියානු බෞද්ධාගමික ඉතිහාසයේ සන්ධිස්ථානයක් වනවාට කිසිම සැකයක් නැහැ. කැනඩාවේ මිසිසාගා නගර සභාව විසින් මැයි බෞද්ධ උරුම මාසය ලෙස නිල වශයෙන් නම් කර වැදගත් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් විවිධ රටවලින් පැමිණි කැනේඩියානු බෞද්ධාගමිකයින්ට ගෞරවනීය ප්‍රභාශ්වරයක් ලබා දෙනවා. එමෙන්ම, මේ ප්‍රකාශනය මගින් කැනේඩියානු බෞද්ධන්ගේ සංස්කෘතික සමගිය සහ සමාජයීය ආත්මික සහසම්බන්ධතාවය ප්‍රවර්ධනයද සිදුවෙනවා.
මෙම නිල නිවේදනය ප්‍රකාශයට පත් කරමින් නියෝජ්‍ය නගරාධිපති, Ward 4 Councillor John Kovac මහතා අනුකම්පාව, සිහිකල්පනාව, අවිහිංසාව සහ ආධ්‍යාත්මික යහපැවැත්ම වැනි විශ්වීය ඉගැන්වීම් Mississauga සමාජයේ මානසික සෞඛ්‍යයේ සිට අධ්‍යාපනය දක්වාත්, යහපැවැත්මේ සිට සාමය ගොඩනැගීම දක්වාත් ධනාත්මක ලෙස බලපා ඇති ආකාරය ඉතා අගය කළා.
මෙම ඓතිහාසික පිළිගැනීමේ ආරම්භකයා ලෙස අදහස් දක්වූ අතිපූජ්‍ය ආචාර්ය බංගලිදේශ සරණපාල ස්වාමීන් වහන්සේ, මිසිසාගා යනු නගරයේ වර්ධනයට සහ සමගියට දායක වන දහස් ගණනක් බෞද්ධයින්ගේ නිවහන බව අවධාරණය කර දෙනු ලැබුවා. සරණපාල හිමියන් විසින් බෞද්ධාගමේ සාමකාමී සහ ආක්‍රමණශීලී නොවන ස්වභාවය, අවිහිංසාව, කරුණාව, සංවේදනය වැනි ගැඹුරින් මුල් බැසගත් වටිනාකම්ද සභාවට පැහැදිලි කර දුන්නා. ඊට අමතරව මිසිසාගා බෞද්ධ විහාරස්ථානයේ මුලිකත්වයෙන් පවත්වනු ලබන සිහිනුවණ සහ කාරුණික බව පදනම්වූ භාවනා පුහුණුවීම් ගැනද සභාවට පැහැදිලි කර දුන්නා. උන්වහන්සේ, කැනේඩියානු බෞද්ධ ප්‍රජාව සහ වෙස්ට්-එන්ඩ් බෞද්ධ විහාරස්ථානය වෙනුවෙන් මෙම ඓතිහාසික අවස්ථාව නම් කිරීමේ උදාර කර්තව්‍යයට මිසිසාගා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, මන්ත්‍රීවරුන් සහ මිසිසාගා නගර සභාවට හෘදයාංගම කෘතඥතාව පළ කරනු ලැබුවා.


එමෙන්ම, උතුරු ඇමරිකාව පුරා වසනා බෞද්ධ ප්‍රජාවන් සඳහා ආදර්ශයක් ලෙස බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සැමරීම වෙනුවෙන් සෑම වසරකම මැයි මස Mississauga Celebration Square හිදී දහස් ගණනක් බෞද්ධ අබෞද්ධ සෑම ජන කොට්ඨාශයක්ම සහභාගිත්වයෙන් සිදු කරන අධ්‍යාත්මික හා සංස්කෘතික වෙසක් උත්සවයේ වැදගත්කම ද උන්වහන්සේ සභාවට අවධාරණය කර දෙනු ලැබුවා.
මිසිසාගා නගර සභා මන්ත්‍රීනී Dipika Damerla (ward 7) ඉන්දියාවේ අජන්තා ගුහාව නැරඹීමේ පරිවර්තනීය සංචාරය අවසානයේ ඇයට ප්‍රත්‍යක්ෂවූ බෞද්ධ දර්ශනයේ උරුමය සහ ගැඹුරයි මේ ප්‍රකාශනයට බීජ වස්තුව වුයේ. ඒත් එක්කම, මිසිසාගාහි බහු සංස්කෘතික සමාජය තුළ බෞද්ධාගමේ දායකත්වය හඳුනාගත් ඇය විසින් කරන ලද යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ Chris Fonseca (ward 3) සහ Martin Reid (ward 9)මන්ත්‍රීවරුන් කැනේඩියානු බෞද්ධ ප්‍රජාවේ එකමුතුකම, කැපවීම පාදක කරගෙන ඇයගේ උත්සාහයන්ට මුළු හදින්ම සහාය දැක්වුවා.
1997 දී ටොරොන්ටෝ හි පිහිටුවන ලද Fo Guang Shan විහාරස්ථානයේ ආරාමාධිපතිනි චූ ෆෑන් විසින් මිසිසාගාහි විවිධ ප්‍රජාවන් සම්බන්ධ කරනා පාලම් ගොඩනැගීම අරමුණින් ෆෝ ගුවාං ෂාන් විහාරස්ථානයේ කැපවීම හඳුනා ගැනීම පිළිබඳව මිසිසාගා නගර සභා කවුන්සිලයට ඇයගේ හෘදයාංගම කෘතඥතාව පළ කළා.
නියෝජ්‍ය නගරාධිපති John Kovac මහතා බුදුන් වහන්සේගේ අකාලික ප්‍රඥාව සහ අවිහිංසාව සෑම තරාතිරමකම පුද්ගලයින්ගේ අභිවෘධිය සදහා ඇප කැපවී ඇති බවත් බෞද්ධ ඉගැන්වීම්, සහ එයට සම්බන්ධ කලාව සහ ගෘහ නිර්මාණ ශිල්පය නූතන සමාජයට අනුපූරකව සාමය, අවබෝධය සහ මානසික යහපැවැත්ම සඳහා මාවතක් ලබා දෙන බවත් පැවසීය. ඒ වෙනුවෙන් කැනේඩියානු සියලුම බෞද්ධ සංවිධානවල දායකත්වයටද ස්තූතිය පල කරමින් ඔහු උත්සවය අවසන් කළා.
මෙම උත්කර්ෂනීය අවස්ථාවට සහභාගී වූ අමුත්තන් සහ සංවිධාන අතරට:
අතිපූජ්‍ය ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේ
- Mississauga West End Buddhist Temple & Meditation Center බැතිමතුන්
- Cham Shan Temple
- ටොරොන්ටෝහි Fo Guang Shan විහාරස්ථානයේ ආරාමාධිපතිනි
- Karma Sonam Dargye Lingහි පූජ්‍ය ලාමා ගාලෝ ඇතුළු ථේරවාද, මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායේ සාමාජිකයින්
- Mississauga නගරය නියෝජනය වන විවිධ රටවල් 20 කට අධික සංඛ්‍යාවක ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන බෞද්ධ ප්‍රජාවන්
මැයි බෞද්ධ උරුම මාසය ලෙස නම්කිරීම නිල ප්‍රකාශයනකට පමණක් සීමා නොකර, මනුෂ්‍යත්වයේ වටිනාකම් සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිගැනෙනා කැනේඩියානුවන්ගේ සැබෑ එකමුතුකමේ සහ අධ්‍යාත්මික සැමරුමේ මොහොතක් බවට පත්වන බවට අපට සහතික විය හැකියි. අපගේ ශ්‍රේෂ්ඨ Mississauga නගරයේ විචිත්‍රවත්බව පොහොසත් කරමින්, අධ්‍යාත්මික දියුණුවේ ප්‍රවර්ධනය, යහපැවැත්ම, සමගිය සහ අන්තර් සංස්කෘතික සංවාදය ගොඩනැගීම සඳහා නගර පුරා වැඩසටහන් සමඟින් බෞද්ධ උරුම මාසය සැමරීමට කැනේඩියානු බෞද්ධ ප්‍රජාවන් බලාපොරොත්තු වන බවද අප ප්‍රවෘත්ති පත්‍රයට දැනගැනීමට ලැබුනා.


City of Mississauga, Canada Officially Declares May as Buddhist Heritage Month
It is with immense joy and pride that the Buddhist communities of Mississauga celebrate a significant milestone in Canadian Buddhist history. In a historic and inclusive gesture, the Mississauga City Council officially proclaimed the month of May as Buddhist Heritage Month on June 25, 2025. This landmark proclamation promotes mutual understanding, respect, cultural harmony, and social cohesion by recognizing the longstanding contributions of the Buddhist communities to Canadian society.
Deputy Mayor John Kovac, who made the formal announcement at City Hall, commended the Buddhist community for its enduring commitment to values such as compassion, mindfulness, nonviolence, and spiritual well-being. He acknowledged how these universal teachings have positively influenced diverse sectors of Mississauga society—from mental health to education, wellness to peace-building initiatives.
Speaking on behalf of the Buddhist community, I was honoured to be joined by the Most Venerable Dhammawasa Nayaka Thero, resident monks of the West End Buddhist Temple and Meditation Centre, Venerable Master Chueh Fan, Abbess of Fo Guang Shan Temple Toronto and Venerable Lama Galo of Karma Sonam Dargye Ling. Together, we expressed our deep gratitude to the Mayor, Deputy Mayor, Councillors, and the City of Mississauga for recognizing our community and this historic occasion. Nearly 100 members from across the Theravāda, Mahāyāna, and Vajrayāna traditions were in attendance, making this a moment of true unity and spiritual celebration.
This proclamation was made possible through the initiative and advocacy of City Councillor Dipika Damerla (Ward 7), who was deeply inspired by a visit to the Ajanta Caves in India—an experience that cultivated her appreciation for the profound depth of Buddhist philosophy and heritage. Motivated by that transformative journey, she championed the initiative to formally recognize Buddhism’s contributions within Mississauga’s multicultural mosaic. Her efforts were wholeheartedly supported by Councillors Chris Fonseca (Ward 3) and Martin Reid (Ward 9), who co-sponsored the motion and praised the Buddhist community’s unity, dedication, and service.
Venerable Master Chueh Fan emphasized the transformative role of Fo Guang Shan Temple, established in Toronto in 1997. More than just a place of worship, the temple operates under the guiding principles of education, culture, charity, and spiritual practice, and serves as a dynamic center for cultural engagement, interfaith dialogue, and social service. She expressed heartfelt appreciation to the city for recognizing the temple’s commitment to building bridges across communities.
As the initiator of this historical recognition, I addressed Council and guests, emphasizing that Mississauga is home to thousands of Buddhists who actively contribute to its growth and harmony. I highlighted Buddhism’s peaceful and non-invasive nature and its deep-rooted values of kindness, empathy, and inner transformation. I shared how the Buddhist community has introduced mindfulness and kindfulness meditation training to members of the Canadian Armed Forces, Peel Regional Police, and other policing and public service agencies across Canada.


I also underscored the significance of Mississauga’s annual Vesak Festival—a major spiritual and cultural gathering that has served as a model for Buddhist communities across North America. Recognized by the United Nations, Vesak celebrates the birth, enlightenment, and passing of the Buddha, and brings together thousands of people each year in Celebration Square. Declaring May as Buddhist Heritage Month is not only timely, but deeply meaningful.
Deputy Mayor Kovac concluded the ceremony by thanking all Buddhist organizations for their contributions, stating that “The timeless wisdom of the Buddha continues to inspire and uplift people from all walks of life. Buddhist teachings, art, and architecture complement modern society, offering a pathway to peace, understanding, and mental well-being.”
Participating organizations included:
Fo Guang Shan Temple Toronto
West End Buddhist Temple and Meditation Centre
Cham Shan Temple
Karma Sonam Dargye Ling
and other Theravāda, Mahāyāna, and Vajrayāna Buddhist communities from over 20 different countries represented here in Mississauga.
This proclamation is not just an official declaration; it is a recognition of shared values and mutual respect. The Buddhist communities look forward to celebrating Buddhist Heritage Month each May with city-wide programs that promote spiritual education, wellness, harmony, and intercultural dialogue—further enriching the vibrant tapestry of our great city of Mississauga.
https://www.facebook.com/bhante.saranapala