ඔස්ට්‍රියානු Skydiving ශූරයා මියයයි.

ඔස්ට්‍රියානු ස්කයිඩයිවර් ශූරයෙකු වන ෆීලික්ස් බෝම්ගාට්නර් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

56 හැවිරිදි බෝම්ගාට්නර්, තම පැරග්ලයිඩරයේ පාලනය නැති වී ඉතාලියේ මධ්‍යම මාර්චේ කලාපයේ පෝර්ටෝ සැන්ට්’එල්පිඩියෝ වෙරළබඩ නගරයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයකට පසුගියදා කඩා වැටි තිබුණි. එම අනතුරින් පසු ඔහු පසුගිය (18) වැනිදා සිය දිවි සැරියට සමුදුන්නේය.

2012 දී ෆීලික්ස් වාර්තා අතරට එක් වූයේ අභ්‍යවකාශයේ සිට වැඩිම උසක් පැනීම සිදුකළ පුද්ගලයා ලෙසයි.

2012 ඔක්තෝම්බර් මාසයේදී, විශේෂයෙන් සාදන ලද ඇඳුමක් ඇඳගෙන, පෘථිවියට කිලෝමීටර 38ක් ඉහළින් බැලූනයකින් පැන, සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 1,110කට වඩා වැඩි වේගයකින් යුත් ශබ්ද බාධකය බිඳ දැමූ පළමු ස්කයිඩයිවර් බවට පත්වීමත් සමඟ ඔස්ට්‍රියානුවා ලොව පුරා ප්‍රධාන පුවත් මැවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *