කැනඩාව ඩිජිටල් සේවා බද්ද ඉවත් කිරීමට ප්‍රතිචාර වශයෙන් ගූගල් දැන්වීම් ගාස්තුව අඩු කරයි.

කැනඩාව විසින්  අක්‍රිය කල ඩිජිටල් සේවා බද්දට ප්‍රතිචාර වශයෙන් ගූගල් සමාගම විසින් මීට පෙර ක්‍රියාත්මක කරන ලද දැන්වීම් සඳහා අයකල අධිභාරයක් ඉවත් කිරීමට පියවර ගනිමින් ඇත. වසරකට පෙර, ගූගල් සමාගම පැවසුවේ 2024 ඔක්තෝබර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි  පැනවූ බද්දට ප්‍රතිචාර වශයෙන් කැනඩාවේ ප්‍රදර්ශනය වන දැන්වීම් සඳහා සියයට 2.5 ක අධිභාරයක් පනවන බවයි.

ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කලේ තම සමාගම අධිභාර ගාස්තුව අය කිරීම නවතා දමා ඇති බවයි. ෆෙඩරල් රජය බද්ද ක්‍රියාත්මක කළ නීති නිල වශයෙන් අවලංගු කළ පසු කලින් එකතු කරන ලද අරමුදල් ආපසු ගෙවන බවත් එම සමාගම සදහන් කර ඇත.

කැනේඩියානු පරිශීලකයින්ගෙන් ආදායම් උපයන තාක්ෂණික දැවැන්තයින් සඳහා ඩිජිටල් සේවා සදහා සියයට තුනක  අමතර බද්දක් පැනවීමට ඉඩ තිබුණි.නමුත් ජුනි 30 වන දින මූලික ප්‍රතිගාමී ගෙවීමක් සිදුකිරීමට නියමිතව තිබියදී, අගමැති මාර්ක් කාර්නිගේ රජය පැවසුවේ බද්ද ඉවත් කරන බවයි.බද්ද සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වෙළඳ සාකච්ඡා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නතර කිරීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ .

අන්තර්ජාල වෙළඳපොළවල්, මාර්ගගත වෙළඳ දැන්වීම් සේවා සහ සමාජ මාධ්‍ය වේදිකා ක්‍රියාත්මක කරන සමාගම් සහ පරිශීලක දත්ත විකිණීමෙන් ආදායමක් උපයන සමාගම් සඳහා මෙම බද්ද අදාළ වනු ඇත.

පළමු ප්‍රතිගාමී ගෙවීම මඟින් ගූගල්, ඇමේසන් සහ උබර් වැනි ඇමරිකානු සමාගම්වලට ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ඇස්තමේන්තුගත මුළු මුදලක් සඳහා බැඳී සිටීමට නියමිතව  තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *