

කැනඩාවේ පලාත් ප්‍රධානීන් පසුගිය බදාදා ඔන්ටාරියෝ හි පැවති සමුලුවේ තුන්වන සහ අවසාන දිනය සඳහා රැස්විය.එහිදී අභ්‍යන්තර වෙළඳාම, ඇප ප්‍රතිසංස්කරණ සහ සෞඛ්‍ය සේවා පිළිබඳ වැඩි අවධානයක් යොමුවිය. පසුගිය සඳුදා සිට පැවති අග්‍රාමාත්‍ය මාර්ක් කානිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුලුවේදී ඔන්ටාරියෝ පලාත් ප්‍රධානී ඩග් ෆෝඩ්, සත්කාරකත්වය සැපයු අතර වෙළඳ ආධිපත්‍යය දරන සාකච්ඡා සඳහා වැඩි අවධානක් යොමු කෙරිණි.
පළමු දිනයේ ස්වදේශික නායකයින් සමඟ පැය තුනක පමණ සාකච්ඡා පැවති අතර , පසුව ෆෝඩ් පලාත් ප්‍රධානීන්ට සහ අගමැතිවරයාට ඔහුගේ නිවසේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය .
අඟහරුවාදා දින ප්‍රධානත්වය ගනු ලැබුවේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජනයයි . ප්‍රාන්ත සමඟ ගිවිසුමකට එළඹිය හැකි බවට ඇති ඉඩකඩ පිළිබඳව අගමැති මාර්ක් කාර්නි පලාත් ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්විණි.දැනට අගෝස්තු 1 වන දින සිට සියයට තිස්පහක තීරු බදු අය කිරීමට නියමිතය.
එක්සත් ජනපදයෙන් එල්ල වන තර්ජනය, අභ්‍යන්තර වෙළඳාම වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය සහ ට්‍රම්ප්ගේ අනපේක්ෂිතභාවය පිළිබඳ කනස්සල්ල පලවූ අතර ඔවුන්ට ස්ථිර විසඳුම් කිහිපයක් තිබුණි.
රැස්වීම බලාපොරොත්තු වූ කාලයට පෙර අවසන් වූ වහාම නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයකින්, ප්‍රධාන ව්‍යාපෘති සඳහා ඉක්මනින් කටයුතු කිරීමේ සහ ෆෙඩරල් තීරුබදු ප්‍රතිචාර සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී.කවුන්සිලය එකඟ වූ කිසිදු නිශ්චිත පළිගැනීමක් එහි ඇතුළත් නොවූ අතර, ඔවුන් සියල්ලන්ම සහාය දක්වන ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘති හඳුනාගෙන නොතිබුණි.මෙහිදී ඖෂධ අනුමත කිරීම් වේගවත් කිරීම වැනි සෞඛ්‍ය ආරක්ෂණ වෙනස්කම් සමඟ, ඇප ප්‍රතිසංස්කරණ සඳහා පෙනී සිටීම ද තීරණය වී ඇත.