
විෂය නිර්දේශ මෙන්ම විභාග ක්‍රමය ද ඇතුළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය (23)වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යෝජනාවල සාධනීය වෙනස්කම් සිදුකර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.එතුළින් සිසුන්ට වඩාත් යෝග්‍යවන අයුරින් පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක්කරන බව ද අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය.
ඒ අනුව අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය අවම කිරීමේ අරමුණින් 2026 සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යෝජනා කරන අතර, විභාග ක්‍රමය හා විෂයමාලා සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බව අගමැතිනිය පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
"නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් විෂයමාලා ඇඟයීම් සහ තක්සේරු කරන ක්‍රියාවලියන් සංශෝධනය වෙනවා. ඒ අනුව වර්තමානයේ පාසල් සිසුන් ඉගෙනුම ලබන විෂයන් සංඛ්‍යාව ඇඟයීම හා තක්සේරුකරණ ක්‍රියාවලිය හරහා ඇති වෙන ශිෂ්‍ය පීඩනය අවම වෙන පරිදි අපි සංශෝධනය කරනවා. අපි අපේක්ෂා කරනවා විභාග කේන්ද්‍රීය ක්‍රමයකට වඩා ප්‍රායෝගික, ළමුන්ට බරක් නොවන අධ්‍යාපනයක් ලබාදෙන්න අපි සැලසුම් කරනවා."
මේ අතර සෞන්දර්යය, තොරතුරු තාක්ෂණය හා ගිණුම්කරණය වැනි විෂයන්වල අන්තර්ගතයන් වඩාත් යෝග්‍ය පරිදි වෙනස් කිරීමට කටයුතු කරන බවත් එම විෂයන් කිසිවිටෙකත් ඉවත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
"අපි දකින විදියට මේ විෂයන් අධ්‍යාපනය තුළ තිබිය යුතුයි. ඒවා අන්තර්ගත විය යුතුයි විෂය මාලාවට."
මේ අතර අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යමින් සිටින අවස්ථාවක අංශ තුනකින් එය සිදුකිරීමට බලාපොරොත්තුවන බවද පැවසු අග්‍රාමාත්‍යවරිය, ගුරු පුහුණුව, පාසල් සංවිධානය හා යටිතල පහසුකම් වර්ධනය මෙන්ම පාසල් විෂය අන්තර්ගතය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන බව ද පැවසුවාය.
මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා වන අතර A,B,C යනුවෙන් කුසලතා සාමාර්ථයන් ලබාදීම සම්පූර්ණයෙන්ම අහෝසි වන අතර, සාමාන්‍ය පෙළ විභාගයෙන් කිසිදු සිසුවෙකු අසමත් නොවන ක්‍රමයකට එනම් GPA හෙවත් Grade Point Average නම් කාර්ය සාධක ලකුණක් ලබාදීමට කටයුතු කරන බවට වාර්තා වෙනවා.
මේ අනුව 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය, විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන්නේ විද්‍යාව, ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය හා ඉතිහාසය යන විෂයන් සඳහා පමණි.
මීට අමතරව තමන් කැමැති තවත් විෂයන් තුනක් සඳහා සිසුන්ට පෙනී සිටීමට අවස්ථාව ඇති අතර, එය පවත්වන්නේ 350ක් වූ පාසල් ඇගැයීම් හා අධ්‍යාපන මණ්ඩල හරහායි.
2025 වසරේ සිට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර 2026 වසරේදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මෙම නව වෙනස්කම් ඇතුළත් වන අතර විභාග දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට A,B,C යනුවෙන් සම්මාන කුසලතා සාමාර්ථ ලබා නොදෙන අතර GPA හෙවත් යම් කාර්ය සාධක පරිමාවකට යටත්ව උසස් පෙළ විෂයන් තෝරා ගැනීමට අවස්ථාව උදා වනු ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ක්‍රමවේදයට අනුව කිසිදු සිසුවෙකු සාමාන්‍ය පෙළ විභාගය අසමත් නොවන අතර සෑම සිසුවෙකුම යම් ලකුණු පරාසයකට ඇතුළත්ව සමත් වනු ඇති.
ඒ අනුව 2027 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා උසස් පෙළට පෙනී සිටින සිසුන් වෙනුවෙන් දැනට පවත්නා කලා, විද්‍යා, ගණිත, වාණිජ, තාක්ෂණ යන විෂය ධාරා 6ට අමතරව අධ්‍යාපන නමින් නවතම විෂය ධාරාවක් එකතු කෙරේ.එහිදී අඩු කාර්ය සාධන පරිමාවකට ඇතුළත් වන සියලු සිසුන් සඳහා වෘත්තීය පාඨමාලා ද අලුතින් එක් කිරීමට නියමිතයි.මෙමඟින් වර්ෂයකට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු සිසුන්ට උසස් පෙළ හැදෑරීමට හැකි ඇති..