
මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා (Dr Mohamed Muizzu) අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පසුගිය (28) වැනිදා පස්වරුවේ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.මාලදිවයින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා මාලදිවයින් ජනාධිපතිවරයා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක එහි අමුත්තන්ගේ සමරු පොතෙහි සමරු සටහනක් තැබීමෙන් අනතුරුව, දෙරටේ නායකයෝ නිල ඡායාරූපයකට පෙනී සිටියා.
ඉන් අනතුරුව, ජනපති සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වුණා.එම සාකච්ඡාවෙන් පසුව, දෙපාර්ශ්වය අතර ගිවිසුම් හුවමාරු කරගනු ලැබුවා.
ඒ අනුව, අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසුමක් සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුම මෙසේ හුවමාරු කර ගැණුනා.මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර, විවිධ ක්ෂේත්‍රයන්හි සබඳතා සහ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා මෙම ගිවිසුම් ඉවහල් වනු ඇති.
අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී අන්‍යෝන්‍ය වශයෙන් නෛතිකව සහාය වීම මෙම පළමු ගිවිසුමෙහි අරමුණ වන අතර, දෙවැන්න, අදාළ ආයතන අතර රාජ්‍යතාන්ත්‍රිකයන් පුහුණු කිරීම සහ ඊට අදාළ තොරතුරු සහ ලේඛන හුවමාරුව පිළිබඳ වූ අවබෝධතා ගිවිසුමක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මාලදිවයින වෙනුවෙන් එහි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා කලීල් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙම ගිවිසුම් හුවමාරු කර ගත්හ.
අනතුරුව, මෙම මාලදිවයින් රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මාධ්‍ය වෙත සිය ප්‍රකාශ සිදු කරනු ලැබුවා.
එහිදී මාලදිවයින් ආයෝජකයින් සඳහා සැමවිටම තම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කලා.අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ආයෝජකයින්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව දැනට සකස් කරමින් පවතින එකම වහළක් යටින් සියල්ල ඉටු කර ගැනීමේ යාන්ත්‍රනය සහ ආයෝජකයින් තවදුරටත් දිරි ගැන්වීම සඳහා ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන දිරිගැන්වීම් යෝජනා ක්‍රම පිළිබඳව තමා මාලදිවයින් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි.තවද මාලදිවයිනේ ව්‍යාපාරිකයින් සඳහා ශ්‍රී ලංකාවේ විවිධ අංශවල ආයෝජනය කරන ලෙස තමන් ආරාධනා කරන බවද මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.


