
කැනේඩියානු ප්‍රෙද්ශයන් හි හටගෙන ඇති ලැව්ගිනි වලින් ඇති වන දුමාරය දකුණු ක්විබෙක් පුරා වායු තත්ත්ව අනතුරු ඇඟවීම් වලට ලක්ව ඇත.
ස්විට්සර්ලන්ත සමාගමක් වන IQAir පසුගිය ඉරිදා උදෑසන මොන්ට්රියල් ලෝකයේ නරකම වාතයේ ගුණාත්මකභාවය ඇති ප්‍රදේශය ලෙස ශ්‍රේණිගත කළේය.
මේ වනවිට කැනේඩියානු පරිසරය බලධාරීන් එළිමහනේ ගත කරන කාලය සීමා කිරීමට නිර්දේශ කරන අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
දැනට අයහපත් සෞඛ්‍ය තත්වයක් පවතින පුද්ගලයින්, වැඩිහිටියන්, ගර්භනී කාන්තාවන්, ළදරුවන් සහ කුඩා දරුවන් මෙම සති අන්තයේ දැඩි එළිමහන් ක්‍රියාකාරකම් වලින් වැළකී සිටිය යුතු බව එහි සඳහන් වේ.
දකුණු ක්විබෙක් හි ඉරිදා, සඳුදා සහ අඟහරුවාදා සඳහා අධික උෂ්ණත්වය පිලිබද අනතුරු ඇඟවීම් ද ක්‍රියාත්මක වේ.
දිවා කාලයේදී උෂ්ණත්වය අංශක 30 ට වඩා ඉහළ යනු ඇති අතර රාත්‍රියේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


