2026 FIFAලෝක කුසලානයේ කැනඩාවේ සම-සත්කාරකත්වයට එක්සත් ජනපදයෙන් දේශපාලන තර්ඡන .

2026 FIFA ලෝක කුසලානය සඳහා වසරකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී , කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව තරඟාවලිය සම සත්කාරකත්වය දැරීමට සූදානම් වන විට දේශපාලන ආතතීන් සහ එක්සත් ජනපද ප්‍රතිපත්තීන් මත ඊට ගැටළු ඇති වීමේ අවධානමක් මතුව ඇත.

ලබන වසරේ පැවැත්වෙන FIFA ලෝක කුසලානය මෙතෙක් පැවති විශාලතම තරගාවලිය වන අතර, මෙම රටවල් තුන වාර්තාගත කණ්ඩායම් 48 කට සත්කාරකත්වය සපයනු ඇත.  ලබන වසරේ ජුනි 11 සිට ජූලි 19 දක්වා කාලය තුළ ඔවුන් තරඟ 104 කට සත්කාරකත්වය සපයනු ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් තරග ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වේ.

ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා මිලියන සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් දේශසීමා තරණය කිරීමට අපේක්ෂා කරන අතර, සමහර රටවලට සංචාරක තහනම් කිරීම්, සංක්‍රමණික වැටලීම් සහ සමූහ පිටුවහල් කිරීම් ඇතුළු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති කනස්සල්ලට හේතු වී තිබේ.

"මේ සියල්ල මෙහෙයවනු ලබන්නේ එක්සත් ජනපදය විසිනි. අපි මෙහි සම්පූර්ණයෙන්ම වැරදිකරුවන් වෙමු," මැසචුසෙට්ස් හි හෝලි ක්‍රොස් විද්‍යාලයේ ක්‍රීඩා ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ මහාචාර්ය වික්ටර් මැතිසන් පැවසීය.

"දේශසීමා හරහා යන ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රීඩකයින් සමඟ ඔබට සැලකිය යුතු සංක්‍රමණ ගැටළු ඇති විය හැකිය."

එක්සත් ජනපදය රටවල් 12 ක් සඳහා සංචාරක තහනම් සහ හතක් සඳහා සීමාවන් ක්‍රියාත්මක කරන අතර තවත් රටවල් 36 ක සංචාරකයින් තහනම් කිරීම පිළිබඳව සලකා බලමින් සිටී.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාර්ය මණ්ඩලය සහ ඹවුන්ගේ පවුල් සඳහා නිදහස් කිරීම් තිබුණද, ට්‍රම්ප් පරිපාලනයේ අනපේක්ෂිත බව නිසා තරඟාවලිය ආරම්භ වන විට කුමන ආකාරයේ නීති ක්‍රියාත්මක වේද යන්න කිසිවෙකු නිශ්චිතව දන්නේ නැත.

ලෝක කුසලානය පැවැත්වීම පිළිබඳ පොතක් ලියූ ආර්ථික විද්‍යාඥ ඇන්ඩෲ සිම්බලිස්ට් පැවසුවේ, ට්‍රම්ප්ට මිනිසුන්ට ගමන් කිරීම දුෂ්කර කිරීමේ හැකියාව ඇති නමුත් ඔහු ඇත්ත වශයෙන්ම එසේ කරයිද යන්න පැහැදිලි නැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *