ක්‍රිකට් රන් දෙවොලේ තණ­කොළ විකු­ණයි.

ක්‍රිකට් ලොව රන් දෙවොල යනු­වෙන් හඳු­න්වන ඓති­හා­සික ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ තණ­කොළ කපා විකි­ණී­මට මාර්ලි­බෝන් ක්‍රිකට් සමා­ජය කට­යුතු යොදා ඇත. අඩි 3යි අඟල් 10ක් දිගින් හා අඩි 2ක් පළ­ලින් යුත් තණ පිඩැ­ල්ලක් ස්ටර්ලින් පවුම් 50 (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් 20,200ක්) බැගින් අලෙවි කිරී­මට සූදා­නම් වේ.

ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ තණ­කොළ සම්පූ­ර්ණ­යෙන්ම ඉවත් කොට සංව­ර්ධ­නය කිරී­මට මාර්ලි­බෝන් ක්‍රිකට් සමා­ජය තීර­ණය කොට ඇති හෙයින් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් ඉති­හා­සයේ කොට­සක් ගෙදර ගෙන­යෑ­මට අව­ස්ථාව ලබා­දෙන බව එම සංග­මය පවසා සිටී. වසර 1814දී ඉදි­ක­රන ලද ලෝඩ්ස් ක්‍රිකට් පිටිය දශක දෙක­කට වැඩි කාල­යක් සංව­ර්ධ­නය වී නැති හෙයින් ලබන මාස­යේදී තණකොළ සම්පූ­ර්ණ­යෙන් ඉවත් කෙරේ.

ලෝඩ්ස්හි තණකොළ සාමා­න්‍ය­යෙන් උසස් තත්ත්වයේ රයි­ග්‍රාස් මිශ්‍ර­ණ­යක් වන අතර, පිටියේ වේග­වත් බව ආරක්ෂා කර ගැනී­මට මේ නඩත්තු කට­යුත්ත කඩි­නම් කළ යුතුව ඇතැයි පැවසේ. ඓති­හා­සික ලෝඩ්ස් පිටියේ සිදත් වෙත්ත­මුණි, දුලිප් මෙන්ඩිස්, අමල් සිල්වා, මාවන් අත­පත්තු, මහේල ජය­ව­ර්ධන, ටී.එම්. ඩිල්ෂාන්, කුමාර් සංග­ක්කාර හා ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ශතක රැස්කර ගෙන ඇති අතර, උපුල් තරංග, දිනේෂ් චන්දි­මාල් හා කුමාර් සංග­ක්කාර එක්දින ශතක ලබා තිබේ.

ලෝඩ්ස් ක්‍රීඩා පිටිය බොහෝ හේතු නිසා ප්‍රසි­ද්ධය. 2005 වන තෙක් එය ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලයේ (ICC) මූල­ස්ථා­නය විය. ලෝඩ්ස් යනු මාර්ලි­බෝන් ක්‍රිකට් සමාජ භූමි­යයි. වර්ත­මා­නයේ, එංග­ලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩ­ලයේ (ECB) සහ අයි­සීසී යුරෝපා කාර්යාල පිහිටා ඇත. ලොව පැර­ණි­තම ක්‍රීඩා කෞතු­කා­ගා­ර­ව­ලින් එකක් සහ ක්‍රිකට් ආශ්‍රිත ප්‍රකා­ශ­න­වල විශා­ල­තම පුස්ත­කා­ලය ද ලෝඩ්ස් ක්‍රීඩා සංකී­ර්ණයේ පිහිටා ඇත.

ඉවත් කරන ලද තණ­කොළ විකුණා මාර්ලි­බෝන් ක්‍රිකට් පද­නම සඳහා අර­මු­දල් රැස් කිරී­මට සහ ක්‍රීඩාං­ග­ණයේ අනා­ගත සංව­ර්ධ­න­යට සහාය වීමට අපේක්ෂා කෙරේ. එක­තු­වන මුළු මුද­ලින් සිය­යට 10ක් මාර්ලි­බෝන් ක්‍රිකට් පද­න­මට යන අතර ඉතිරි මුදල ක්‍රීඩාං­ග­ණයේ යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­න­යට වැය කෙරේ. තණ­පි­ඩැලි අලෙ­විය ලබන මස 29 හා 30 දින සිදු කිරී­මට නිය­මි­තය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *