
ප්‍රංශයේ Benjamin Bonzi ට එරෙහි සිව්වන වටයේ ජයග්‍රහණයකින් පසු කැනඩාවේ Felix Auger-Aliassime Cincinnati Open අර්ධ අවසන් පූර්ව වටයට පිවිසී ඇත.
Auger-Aliassime ඔහුගේ බලගතු පන්දු යොමු කිරීමේ ශක්තිය යොදාගනිමින් පසුගිය බදාදා පැවති තරගයෙන් 6-4, 6-3 ජයග්‍රහණයක් ලබාගැනීමට සමත්විය.මෙම තරගය පැය එකයි මිනිත්තු 14ක තරගය පුරා පැවතිනි.
මොන්ට්‍රියල්හි 25 හැවිරිදි මෙම ක්‍රීඩකයා ලබාගත හැකි break points තුනම ජය ගත් අතර ඔහුගේ පළමු පන්දු පිරිනැමීමේ ලකුණු වලින් සියයට 89ක් සාර්ථක කර ගැනීමට සමත් විය.
Auger-Aliassime hard court තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ඉතාලියේ ශ්‍රේණිගතකිරීම් වල ප්‍රමුඛ ක්‍රීඩකයෙකුවන Jannik Sinner ට මුහුණ දෙනු ඇත.
Sinner 16 වන වටයේදී ප්‍රංශ සුදුසුකම් ලාභී Adrian Mannarino ට එරෙහිව 6-4, 7-6(4) ජයග්‍රහණයකින් පසුව මෙම තරගයට අවතීර්න වනු ඇත.
Auger-Aliassime තරගාවලියේ තවමත් සිටින එකම කැනේඩියානු තනි ක්‍රීඩකයා වන අතර, කැනේඩියානු යුගල විශේෂඥයන් වන Gabriela Dabrowski සහ ඇයගේ සහකරු නවසීලන්තයේ Erin Routliffe බ්‍රහස්පතින්දා තුන්වන වටයේදී ඇමරිකානු Caty McNally සහ චෙකියාවේ Linda Noskova ට මුහුණ දීමට සූදානම් වේ.