කැනඩාව පලස්තීනය රාඡ්‍යක් ලෙස පිලිගැනීමට යයි.ට්‍රම්ප්ට තදවෙයි.

ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය සමග යමින් තමන් ද පලස්තීනය රාජ්‍යයක් පිළි ගැනීමට සූදානම් බව කැනඩාව ප්‍රකාශ කරනවා.මේ අනුව පලස්තීන රාජ්‍යයක් පිළිගත් තුන්වන ජී 7 රට කැනඩාවයි.ඊශ්‍රායලය සටන් විරාමයකට සහ සෙසු කොන්දේසි වලට එකග නොවන්නේ නම් සැප්තැම්බර් මාසයේ දී පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව එක්සත් රාජධානිය ප්‍රකාශයට පත්කර දිනකට පසුව කැනඩාව ද එම තීරණය ගෙන තිබෙනවා.

ප්‍රංශය ද පසුගිය සතියේ පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව ප්‍රකාශයට පත්කළා.

මෙම රටවල් තුනම ප්‍රකාශ කර තිබෙන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජගත් මහා මණ්ඩල සැසිවාරයේ දී පලස්තීන රාජ්‍යය විධිමත් ලෙස පිළිගන්නා බවයි.ගාසා තීරයේ මිනිසුන් විඳින දුක්වේදනා දරාගත නොහැකි මට්ටමකට පැමිනීමත් සමග මෙම තීරණය ගත් බව කැනඩා අගමැතිවරයා පවසා තිබේ.

මේ අතර කැනඩාව විසින් පලස්තීන රාජ්‍යය පිළිගැනීමට ගෙන ඇති තීරණය ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව අතර ඇතිකර ගැනීමට නියමිත වෙළෙඳ ගිවිසුමට තර්ජනයක් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

පලස්තීන රාජ්‍යය පිළිගැනීමට යන බව කැනඩාව විසින් සිදු කර ඇති ප්‍රකාශය හේතුවෙන් කැනඩාව සමග වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම අසීරු වී ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ. කැනඩාව විසින් පලස්තීන රාජ්‍යය පිළිගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල සටහනක් තබා ඇති ජනාධිපති ට්‍රම්ප් “මෙම තත්ත්වය මත කැනඩාව සමග අපට වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම ඉතාමත් අසීරු කාර්යයක් වී තිබේ.  ‘කැනඩාව’ යයි සඳහන් කර තිබේ. ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලොව පුරා රටවලට ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ ගිවිසුමක් ඇති කරගැනීම සඳහා ලබා දී ඇති අවසන් දිනය අද (01දා) වන අතර එසේ ඇමෙරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට නොඑළඹෙන රටවලට අදින් පසුව අධික තීරු බද්දකට යටත් වීමට සිදුවන බව ඇමෙරිකානු රජය විසින් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *