
නිව්ෆවුන්ඩ්ලන්ඩ් සහ ලැබ්‍රඩෝ පළාත් ගිනි නිවන නිලධාරීන් පවසන්නේ, පළාතේ පාලනය කළ නොහැකි විශාලතම ලැව්ගිනි , වියළි, සුළං සහිත තත්ත්වයන් හේතුවෙන් තවදුරටත් පැතිර යන බවයි.ඇවලෝන් අර්ධද්වීපයේ, නිව් ජර්සි හි කිංග්ස්ටන් වෙරළබඩ නගරය අසල ගින්න වර්ග කිලෝමීටර් 52 ක් පමණ දක්වා ව්‍යාප්ත වී ඇති බව ගිනි නිවන නිලධාරී මාර්ක් ලෝලර් පවසයි.
ගින්නෙන් ප්‍රදේශයේ නිවාස හෝ වාසස්ථාන කීයක් විනාශ වී ඇත්ද යන්න තවමත් පැහැදිලි නැතැයි ඹහු පවසයි.කන්සෙප්ෂන් බොක්කෙහි බටහිර ප්‍රෙද්ශය පුරා පැතිර යන ඝන දුමාරය නිසා දෘශ්‍යතාව දුර්වල වන බව ලෝලර් පවසන අතර, එමඟින් සිදුව ඇති හානිය තක්සේරු කිරීම කාර්ය මණ්ඩලයට අභියෝගයක් වේ.
පළාතේ පාලනයෙන් තොර ලැව්ගිනි හතක් දැවෙමින් පවතී - ඉන් පහක් නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි සහ දෙකක් ලැබ්‍රඩෝහි,වාර්ථා වේ. නමුත් කිංග්ස්ටන් ගින්න අනෙක් ලැව්ගිනිවලට වඩා බෙහෙවින් විශාලය.පසුගිය සෙනසුරාදා වන විට, පුද්ගලයින් 3,000 ක් හෝ නිවාස 1,500 ක් පමණ පළාත් ඉවත් කිරීමේ නියෝගයක් අපේක්ෂාවෙන් පසුවිය.