සත් වසරකට පසු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවට.

එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවන බව එරට ක්‍රිකට් ආයතනය පසුගිය (20) නිල වශයෙන් තහවුරු කළා.

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස ඔවුන් මෙම සංචාරය සිදුකරන අතර, තරගාවලිය 2026 වසරේ ජනවාරි මස මුලදී පැවැත්වීමට නියමිතයි.

පළමුව එක්දින තරගාවලිය පැවැත්විමට තිරණය කර තිබෙනවා.ඒ අනුව එය ජනවාරි 22, 24 හා 27 දිනවලදී පැවැත්වෙනවා.ඉන් අනතුරුව තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය ජනවාරි 30 හා පෙබරවාරි 01, 03 දිනවල පැවැත්විමට නියමිතයි.

මෙලෙස එංගලගන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවන්නේ වසර 7කට වැඩි කාලයකට පසුව වීම විශේෂත්වයක්.අවසන්වරට ඔවුන් 2018 වසරේ පැවති එක්දින තරගාවලිය තරග 3-1ක් ලෙස ජයග්‍රහණය කළ අතර, එකම 20-20 තරගය ජයග්‍රහණය කළා.එමෙන්ම දෙරට අවසන් වරට 20-20 තරගයකදී හමු වූයේ 2022 ලෝක කුසලාන තරගාවලියේදීය.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන එළැඹෙන 2026 20-20 ලෝක කුසලානය පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදි පැවැත්වෙනවා. එංගලන්තය අවස්ථා දෙකකදී එනම් 2009 සහ 2022 වසර වලදි 20-20 ලෝක ශූරයන් වුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *