
ලිවර්පූල් වින්ග් ක්‍රීඩක මොහොමඩ් සලා, වෘත්තීය පාපන්දු ක්‍රීඩකයින්ගේ සංගමයේ (PFA) වසරේ පිරිමි ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් වුණා.33 හැවිරිදි සාලා එම සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වන අවස්ථාව මෙය වන අතර, වසරේ පිරිමි ක්‍රීඩකයා සම්මානය තුන්වරක් දිනාගත් පළමු ක්‍රීඩකයා ලෙසත් සලා ඉතිහාස ගත වුණා.ඔහු 2024-25 ප්‍රිමියර් ලීග් ක්‍රීඩකයා සම්මානය ද දිනා ගත් අතර, වසරේ පාපන්දු ලේඛක සංගමයේ (FWA) පාපන්දු ක්‍රීඩකයා ලෙස ද නම් කර තිබෙන බවයි වාර්ථා වන්නේ.
එමෙන්ම වසරේ තරුණ ක්‍රීඩකයා සම්මානය හිමිවූයේ ඇස්ටන් විලා කණ්ඩායමේ ප්‍රහාරාත්මක මැදපෙළ ක්‍රීඩක මෝගන් රොජර්ස් වෙතයි.
ඉන්දීය ජාතික කණ්ඩායම සමග තරග ජයග්‍රහණයන්ට සහ පාපන්දු ක්‍රීඩාවට දැක්වූ දායකත්වය වෙනුවෙන්, හිටපු එංගලන්ත කළමනාකරු ශ්‍රීමත් ගැරත් සවුත්ගේට් 2025 PFA කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවා.