
ඔන්ටාරියෝහි - කැනේඩියානු තරුවක් වන බෲක් හෙන්ඩර්සන් පසුගිය ඉරිදා ඇගේ දෙවන CPKC කාන්තා විවෘත ගොල්ෆ් ශූරතාව දිනා ගනු ලැබීය. ඒ ඇයගේ, ක්‍රීඩා සහකාරිය වන මින්ජී ලී පරාජය කරමිනි. මෙය වසර 2 1/2 ක පමණ කාලයකට පසු ඇය ලැබූ පළමු ජයග්‍රහණය විය.
ලී ඇගේ තුන්වන ප්‍රධාන ශූරතාව සහ 11 වන LPGA ටුවර් ශූරතාව ලෙස ජුනි මාසයේදී ටෙක්සාස් හි පැවති KPMG කාන්තා PGA ශූරතාව දිනා ගත්තාය.
එහිදී ජපානයේ මාඕ සයිගෝ තෙවැනි ස්ථානයට පත්විය. පසුගිය සතියේ ඔරිගන්හි ජයග්‍රාහකයා වූ සෙසු ජපන් ක්‍රීඩක අකී ඉවායි, පළමු වට දෙකෙන් පසු පෙරමුණ ගෙන සිටි අතර, පසුව ඹහු සිව්වන ස්ථානයට පත්විය.
දෙවන ස්ථානයට පත්වූ 15 හැවිරිදි කැනේඩියානු ආධුනික ඇෆ්‍රොඩයිට් ඩෙන්ග්, මෙහිදී දක්ෂතා දැක් වීමට සමත්විය.