
2035 වන විට කැනඩාව නව නිවාස මිලියන 2.5 ක් ඉදිකිරීමට නියමිතව සිටියද, නිවාස පරතරය පියවා ඉල්ලුම සපුරාලීමට එය ප්‍රමාණවත් නොවනු ඇතැයි කැනේඩියානු පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ නව වාර්තාවක සඳහන් වේ.
PBO හි ප්‍රක්ෂේපණවලට අනුව, එම නව නිවාස මිලියන 2.5, ඉදිරි වසර 10 තුළ කැනඩාවේ නිවාස ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය වන නව නිවාස මිලියන 3.2 ට වඩා නිවාස 690,000 ක් අඩු වනු ඇත.
2035 වන විට කැනඩාවේ නිවාස පරතරය පියවා ගැනීම සඳහා ශුද්ධ නව නිවාස ඒකක වාර්ෂිකව 290,000 ක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය වනු ඇත, සාමාන්‍යයෙන්, ඒ 2025 සිට 2035 දක්වා කාලය සදහායි."නිවාස ඉදිකිරීමේ මෙම වේගය, අඛණ්ඩව වසර 11ක් පුරා 2024 දී නිම කරන ලද ඒකක 276,000 ක වාර්තාගත ඉහළම අගය අභිබවා යාමට සමාන වනු ඇති," බව වාර්තාවේ දැක්වේ.
කැනඩාවේ නිවාස අවශ්‍යතා සඳහා PBO හි ඇස්තමේන්තු අනුව , 2025 සිට 2035 දක්වා කාලය තුළ කැනඩාවට නව ඒකක මිලියන 5.3 ක් අවශ්‍ය වනු ඇතැයි ප්‍රක්ෂේපණය කරන කැනඩා උකස් හා නිවාස සංස්ථාවේ ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින් අඩුවේ - එහි වාර්ෂික ඉදිකිරීම් අනුපාතය නව නිවාස 478,000 කි.
කෙසේ වෙතත්, සංක්‍රමණ මට්ටම් පහත වැටීම ද ඉල්ලුම අඩුවීමට දායක විය හැකි බව වාර්තාව වැඩිදුරටත් පැවසීය. 2024 දී කැනඩාව ආර්ථිකයට නව නිවාස 482,000 ක් එකතු වීමත් සමඟ ඓතිහාසික ඉහළම මට්ටමට ළඟා විය.
2025 සහ 2026 දී ගෘහ ගොඩනැගීම තියුනු ලෙස පහත වැටෙනු ඇති බවත් 2030 වන තෙක් එහි ඓතිහාසික සාමාන්‍යය වන 176,000 ට වඩා අඩු මට්ටමක පවතිනු ඇති බවත් PBO ප්‍රක්ෂේපණය කරයි, එය "සංක්‍රමණ අඩු කිරීම සඳහා රජය විසින් 2024 දී සිදු කරන ලද ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබිඹු කරයි."
අගමැති මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂයේ ප්‍රධාන මැතිවරණ සැලැස්මක් වූයේ නිවාස ඉදිකිරීමේ වේගය දෙගුණ කිරීමයි. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී, කාර්නි නිවාස ඉදිකිරීම් අනුපාතය දෙගුණ කරන සහ වසරකට නව නිවාස 500,000 ක් ඉදිකරන පියවර මාලාවක් යෝජනා කළේය.පසුගිය අඟහරුවාදා PBO නිකුත් කල වාර්තාව පැවසුවේ එහි ප්‍රක්ෂේපණ ලිබරල් රජයේ මෙම ප්‍රතිපත්තිමය කැපවීම් සැලකිල්ලට නොගන්නා බවයි.
"ශුද්ධ නිවාස නිම කිරීම් සහ නිවාස තොගය සඳහා අපගේ යාවත්කාලීන දැක්ම දිගුකාලීන ආර්ථික හා ජනවිකාශන ප්‍රවණතා පිළිබිඹු කරන අතර කැනඩාවේ නිවාස ඉදිකිරීම් අනුපාතය දෙගුණ කිරීම සඳහා රජය විසින් මෑතකදී කරන ලද ප්‍රතිපත්තිමය කැපවීම් ඇතුළත් නොවේ" යනුවෙන් වාර්තාව පවසයි.