
ඔබේ නිවසට යමෙකු කඩා වැදුනහොත් එය ආරක්ෂා කර ගැනීම සඳහා බලය යෙදවීම සාධාරණ යැයි සැලකෙන බවට රජය මගින් අපරාධ නීති සංග්‍රහය සංශෝධනය කලයුතු බව කොන්සර්වේටිව් නායක පියරේ පොයිලිවර් පවසයි.රජය මෙය ඉටු නොකරන්නේ නම්, මෙම සරත් සෘතුවේ දී යෝඡිත වෙනස සිදු කිරීම අරමුණු කරගත් පෞද්ගලික මන්ත්‍රී පනතක් තම පක්ෂය විසින් ඉදිරිපත් කරන බව ඔන්ට් හි බ්‍රැම්ප්ටන් හි පැවති මාධ්‍ය හමුවකදී ඔහු පවසයි.
"ඔබ හරි දේ පමණක් කරන විට, නීතියට, පොලිසියට සහ විනිසුරුවන්ට ඔබට එරෙහිව සංකීර්ණ, තේරුම්ගත නොහැකි නීති මූලධර්මයක් යෙදීම වැරදියි," පොයිලිවර් මාධ්‍ය හමුවේදී පැවසීය."ඒ වෙනුවට, අපගේ සංශෝධනය මඟින් අපරාධ නීති සංග්‍රහයේ 34.2 වගන්තිය වෙනස් කරනු ඇති අතර, නීතිවිරෝධී ලෙස නිවසකට ඇතුළු වී ඇතුළත සිටින ඕනෑම කෙනෙකුගේ ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයෙකුට එරෙහිව මාරාන්තික බලය ඇතුළුව බලය භාවිතා කිරීම සාධාරණ යැයි සැලකේ."යනුවෙන් ඹහු පවසයි.
මෙම සංශෝධනයට ආසන්නතම සිදුවීම වන්නේ ඔන්ට්රියෝ හි 44 හැවිරිදි ලින්ඩ්සේ නම් පුද්ගලයෙකුට කඩුවක් අතැතිව සිටි පුද්ගලයෙකු ඔහුගේ මහල් නිවාසයට කඩා වැදීමෙන් පසු ඇති වූ ආරවුලකදී පහරදීමේ චෝදනාව එල්ල වීමෙන් පසුවය.
ලින්ඩ්සේහිම පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු බව කියන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා බරපතල තුවාල සහිතව ගුවන් මගින් ටොරොන්ටෝ රෝහලට ගෙන යන ලදී. අපරාධ නීති සංග්‍රහයේ සඳහන් වන්නේ, බලය භාවිතා කිරීම "තත්වයන් යටතේ සාධාරණ" නම්, යමෙකුට බලහත්කාරයකදී තමන්ව ආරක්ෂා කර ගැනීමට අවසර ඇති බවයි.