පරිවර්තන කවි

අස්වනු නෙලන්නී

බලනු මැන ! කෙතෙහි හුදෙකලා වූ

අර ‍සොඳුරු කඳුකර යුවතිය දෙස
අස්වනු නෙලන්නී ඕ තමාටම ගී ගයමින්
බලනු මැන නැවතී මඳක්, ‍නොඑසේනම්
පසු කරනුය ඈ හඬ නොනැගෙන පරිදි

නෙලා අස්වනු මිටි බඳින්නී ඈ
ගයා ගී සෝබර සරින්
යොමනු මැන සවන් යුග
නිම්නය පිරීතිරි ගලනා
ඇගේ කටහඬ වෙතට

නිරුදක වැලි කතර සරනා
විඩාබර දනන් සිත සනසන
මියුරු වූ මෙවන් ගී නදක්
කිසි දිනෙක නැත නගා
කිසිදු සියතකු විසින්
බෝ ඈත විසිරුණු
කුඩා දූපත් අතර
රළ නැගෙන සයුරු තෙර නිහඬ බව බිඳලන
මෙතරම් උල්ලසිත ගීතයක්
නොගැයීය වසත් කල කොවුලකු පවා

නොකියනු ඇතිද කිසිවකු මහට
ඈ ගයන ගීතයේ අරුත කිමදැයි?
බොහෝ කලකට පෙර කැරුණු
සංග්රාරම යුද සමර ගැන හෝ
පැරණි, දුක්මුසු අතීතය ගැන
ඇගේ සෝ ගී ගැයෙනවා විය හැකිය
එසේ නැතිනම් ගයන්නිද ඈ
බොහෝ කල රැඳී සිට යළි යළිත් ඇය පෙළන
දුක පිරිපත,විරහව වේදනාව ගැන?

ඈ ගැයුවේ කුමක් වුව
අවසනක් ‍නොවී ඒ ගීතයට
නැවී දෑකැති අඩ කවයට උඩින්
ගැයුවාය ඕ අස්වනු නෙලමින්මැ

සවන් යොමු කළෙමි මම නිසලව සිටිවනමැ
නික්මුණෙමි එතැනින් ගී නද අසා ගෙනැ
නෑසුණු නමුදු ඈ ගැයූ සෝ ගී මට යළිත්
හදවත රැඳුණු මියැසිය තිබිණි එහි බෝ කලක්



විලියම් වර්ඩ්ස්වර්ත් (1770-1850)


විලියම් වර්ඩ්ස්වර්ත්ගේ The Solitary Reaper නම් කාව්‍යයේ පරිවර්තනයකි.

පරිවර්තනය නිලූක කදුරුගමුව 

පරිවර්තන බ්ලොග් අඩවියෙන් .

 http://nilukakadurugamuwa.blogspot.com/

*අවසර ඇතිව උපුටා ගැනුනකි.

දිනමිණ- වසත් සුළඟ 

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Hot Chocolate days

https://hotchocolatedays.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *