ඉන්දියාව සහ කැනඩාව අතර තීරණාත්මක සාකච්ඡාවක්.

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සහ කැනඩාවේ ජාතික ආරක්ෂක උපදේශක නතාලි ජී. ඩ්‍රොයින් අතර හමුවක් නවදිල්ලියේදී පසුගියදා සිදුව තිබෙනවා..

මෙම ද්විපාර්ශ්වික හමුව කැනඩාවේ ඇල්බර්ටා හි කනනාස්කිස් හි පැවති G7 සමුළුවට සමගාමීව ඉන්දීය අගමැති මෝදි සහ කැනේඩියානු අගමැති කාර්නි අතර පැවති සාකච්ඡාවල දිගුවක් ලෙස පවත්වා ඇති බවයි වාර්තාවන්නේ.

එම හමුවේදී දේශපාලන නායකත්වයේ ඉහළම මට්ටම්වල විශ්වාසය නැවත ගොඩනැගීම සහ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා පැහැදිලි ගම්‍යතාවයක් එහිදී දෙපාර්ශ්වයම පිළිගෙන තිබෙනවා.

තවද එහි දී ත්‍රස්තවාදයට එරෙහි වීම, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම සහ බුද්ධි හුවමාරු ඇතුළු ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ඉදිරියට ගෙන යාම පිළිබඳව ඔවුන් ඵලදායී ලෙස සාකච්ඡා පැවැත්වූ බවත් ඉන්දීය විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.

ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ පවතින මැදිහත්වීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමට ද ඔවුහු එකඟ වූ බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *