එ.ඡා.ප යට 79 යි.සියලු පක්ෂවලට එක්වෙමු රනිල්ගෙන් ඇරයුම්.

තමා සිදු කළ සංචාරය සම්පූර්ණයෙන්ම නිල රාජ්‍ය  සංචාරයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සමුළුව අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය (20)වැනිදා මේ බව ප්‍රකාශ කළා.

තමන්ව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, අදාළ පැමිණිල්ල වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වර්තමාන ලේකම් විසින් සිදුකර ඇති බවයි.

කෙසේවෙතත් තමන් අදාළ නිල සංචාරය අවසන් කර එංගලන්තය වෙත පැමිණි බවත් පෙන්වාදුන් රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ලන්ඩනයේ එක් රාත්‍රියක් රැඳී සිටීම නිල ආරාධනාවක් මත සිදුවූවක් බවත් එහි එක් රැයක් ගත කර නැවත තමා කොළඹ බලා පැමිණි බවයි. 

තමන්ට ලැබී තිබූ නිල ආරාධනාවත් තමන් එහි සිටි නිසා පිළිගත් බවත් ආරාධනාවත් නොතිබුණද එදා තමන් එංගලන්තයේ රැඳී සිටින බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කියුබාවේ පැවැති 77 කණ්ඩායමේ සමුළුවට සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබුණු බවට පෙන්වාදුන් රනිල් වික්‍රමසිංහ මහතා  මෙය සම්පූර්ණයෙන්ම නිල සංචාරයක් බව  එහිදී කියා සිටියා.

එසේ තිබියදීත්, තමා අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා එල්ල වූ තර්ජනයක් බව හිටපු ජනාධිපතිවරයා පවසනවා. 

එහිදී ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් තමාට සහය දැක්වීමට ඉදිරිපත් වූ බව රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළ අතර  තමාට සහය දුන් සියලු දෙනාටම ස්තුති කිරීම සඳහා මෙම සංවත්සරය විශේෂයෙන් පැවැත්වූ බව ඔහු අදහස් පළ කළා.  

තමා මිලියන 16ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, 2022දී රට බාරගන්නා විට දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 76.8ක් වූ අතර, ඩොලර් බිලියන 98.9ක් බවට පත් කර රට වත්මන් ජනාධිපතිවරයාට භාරදුන් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. 

මීට අමතරව, 2018දී තමන් යටතේ ජාතික විගණන නීතිය සම්මත කළ බවත්, 2022දී දූෂණයට එරෙහිව සටන් කිරීමට දූෂණ විරෝධී පනත ගෙන ආ බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.

නමුත් එම නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කොමිසම සහ නිලධාරීන් පුහුණු කිරීම වැනි කටයුතු නිසි ලෙස සිදු නොවන බව ඔහු පෙන්වාදෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේ, මෙම ක්‍රියාදාමය බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ඒකාධිපතිවාදයක් ගෙන ඒමට දරන උත්සාහයක් බවයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සියලු පක්ෂ එක්විය යුතු බව ඔහු එහිදී කියා සිටියා.ඒ පිළිබඳව අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා :

“මම මේ සංවත්සරය පවත්වන්න එක හේතුවක් තිබුණා. මාව අත්අඩංගුවට ගැනීම. මම නිල සංචාරයක ගියේ. මම 77කණ්ඩායම, ඒ සංවර්ධන රටවල්වල රැස්වීමකට කියුබාවට ගියා. හවානා ගියා. හවානා නගරයේ ඒ නායකයින් ගණනාවක් මුණගැහෙන්න මට අවස්ථාව තිබුණා. කියුබාවේ නායකයාත් මම මුණ ගැහුණා.. ඒක අපේ සම්ප්‍රදායක එක්සත් ජාතික පක්ෂයේ ජේ. ආර් ජයවර්ධන අතර විශේෂ සම්බන්ධකමක් තිබුණා. ජේ ආර් ජයවර්ධන මැතිතුමා ලංකාවේ හොඳම දේ ෆිඩෙල් කැස්ත්‍රෝ මැතිතුමාට එව්වා. ඔහු කියුබාවේ තියෙනවා හොඳම සුරුට්ටු ටික ලංකාවට එව්වා. හරි වෙලාවට ජය අර ජයවර්ධන මැතිතුමාගේ ගෙදරට  ගියොත් ඒවා දෙක තුනක් ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මම විශේෂයෙන් ගියේ ඒ අවස්ථාවේදී එතුමාව හම්බවෙන්න. එතන අපි සාකච්ඡාා කළේ ගෝලීය සංවර්ධන රටවල්වල තිබෙන ගෝලීය ණය පිළිබඳව. ඒ එක්කම මම ගියා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට අවනාවෙ ඉඳන් නිව්යෝර්ක් වලට ගියා. එහෙට යද්දිත් නායකයෝ ගණනාවක් හම්බුනා. ඉරානේ නායකයා. ඒ වගේම මැලේසියාවේ අගමැතිතුමා,  මං දන්න අයත් එහෙම ගණනාවකට මම කතා කළා. විශේෂයෙන් මන් ගියේ මට එතනදී ලෝක බැංකුවේ සභාපතිතුමාත්, IMF  සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්තුමියත්, ඒ වගේම එක්සත් ජාතීන්ගේ  මහ ලේකම්වත් හම්බෙන්න. ඒ තුන්දෙනාම මට හම්බවෙන්න වුවමනයි. රටේ ආර්ථිකය ගැන ඒ පියවර ගැන මං විශේෂයෙන්ම මේ සංවිධාන දෙක ලෝක බැංකුව IMF එකත් එක්ක සාකච්ඡා කළා.  සාකච්ඡා කරලා නිල වශයෙන් කොළඹට එන ගමන් මං එක රැයක් අපි ලන්ඩන් වලට පැමිණිලා එතන එක රැයක් ගත කරලා කොළඹට ආවේ. ඉතින් මේ සියල්ලම නිල ගමනක්. සම්පූර්ණයෙන්ම නිල ගමනක්. එතනින් මට නිල ආරාධනයක් එතන හිටපු නිසා පිළිගත්තා.  ආරාධනාවක් තිබුණේ නැත්නම් මං  ලන්ඩන් නුවර ඉන්නවා. ඉතින් මේක අරගෙන මාව ගෙනිච්චේ. මට විරුද්ධව. මම මගේ ආරාධනා ලියුමත් පෙන්නුවා.

ඇහුව මොකක්ද මාව ලන්ඩන් නුවරින් ලංකාවට ගෙනාවේ කියලා..ඕක මටත් අහන්න පුළුවන් අනුර කුමාර ජනාධිපතිතුමන්ගෙන් ජර්මනිය ගැන. එහෙම නෙමෙයිනේ මම වැඩ කටයුතු කරලා මෙහාට ආවා.  පස්සෙ මම දැන ගත්තා මට විරුද්ධව පැමිණිල්ලක් කරලා තියෙනවා කියලා. කවුද ඒ පැමිණිල්ල කළේ, වර්තමාන ජනාධිපතිතුමාගේ වර්තමාන ලේකම්. ඕක උඩ මාව අරගත්තා. ඉතුරු කරුණු මම කියන්නෙ නෑ මොකද මගේ නීතිඥ මහත්තුරු කියලා කියනවා. ඒවා ගැන දැන් කතා කරන්න එපා. උසාවියේ ඔයාට කතා කරන්න පුළුවන් කියලා.

ඒ වෙලාව්ව් සියලු දෙනාම එක්රැස් වුනා. හැම පක්ෂයෙන්ම ආවා. මගේ මිත්‍රයෝ දේශපාලන විරුද්ධවාදින් සියලු දෙනාම. මේ ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන තර්ජනයක් හැටියට. අපි ඔක්කොම එකතු උනාම ඒ වෙලාවේ ආව සියලු දෙනාටම ස්තූති කරන්න මේ රැස්වීමට එක හේතුවක්.

මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි මාව මුණගැහෙන්න ආවා. චන්ද්‍රිකා කුමාරතුංග එදා අසනීපයෙන් හිටියේ මට පණිවිඩය එව්වා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට හිටියේ මට පණිවිඩේ එව්වා. විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා ආවා මාව හම්බවෙන්න. හිටපු අගමැතිතුමා ආවා. කතානායකතුමා ආවා. ඉතින් එහෙම විශාල සංඛ්‍යාක් හිටියා. අපි දැන් එකතු වුණා. ඉතින් මං බැලුවා අපේ මේ සංවත්සරය වෙනස් විදිහකට තියලා  ඔක්කෝටම ස්තුතියි කරන්න.

මෙතන අද තියෙන්නේ ප්‍රශ්න ගැන කතා කරන එක නෙවෙයි. අපි ඔක්කොම එකතුව වැඩ කරන එක. මේ රටේ ව්‍යවස්ථා  ඒකාධිපතිවාදය පරාජය කරන්න වැඩ කරන එක. නිසා අපි මේක අලුතින් හැදුවා. මේ කරගෙන යන්න.  මොකද මේ ප්‍රශ්නෙට ආයෙ මුහුණ දෙන්න ඕනෙ.

ආණ්ඩුව කියන්නේ මොකක්ද , මම මිලියන 16ක් අරගත්තා කියලා. මම මොනවද මිලියන 16ක් අරන් කරන්නේ. මං 2022 රට බාරගන්නකොට දළ දේශීය නිෂ්පාදනය බිලියන 76.8 යි. අනුර කුමාර දිසානායකට බාර දෙනකොට බිලියන 98.9 යි. ඩොලර් බිලියන 22ක් දීලා ගියේ.  මම මොනවටද මේවා අරගන්නේ? මට වැඩක් නෑ. දැන් මේ ඒකාධිපතිවාදය විශාල තර්ජනයක්  අපේ ක්‍රමයට. අපි ඉන්නේ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ. අපේ සාගර කාරියවසම් මැතිතුමා කියන්නේ  ප්‍රධාන වශයෙන් කඳුවුරු තියෙනවා  කඳවුර ඇතුලෙත් පක්ෂ තියෙනවා. ඒක අපේ අපේ ක්‍රමය.ඉන්දියාවෙත් ඒ ක්‍රමය. එංගලන්තයේත් ඒ ක්‍රමය. දැන් මේක නැති කරන්න හදනවා. මොකක්ද කියන්නේ? මේ රටේ හොරු කියලා ඔක්කොම අරගන්න යනවලු.

මේක ගැන මම එකක් කියන්න කැමතියි. මේ රටේ ජාතික විගණන නීතිය 2018 අපි සම්මත කළෙ..මන් හිතන්නේ කබීර් මැතිතුමාට මතකයි. 2022 ප්‍රධාන ප්‍රශ්නයක් වුණේ, දූෂණය. ඒ නිසා දූෂණ විරෝධී පනත මේ ආණ්ඩුව ගෙනල්ලා අපි සම්මත කරා.  විජයදාස රාජපක්ෂ ඇමතිතුමාට අපි ස්තූතිවන්ත වෙන්න ඕන. එතුමා තමයි මේක ඉදිරිපත් කලේ වෙනම කොමිටියක් දාලා. මේ අළුත් නීතිය. වෙන කොහෙන්වත් ගෙනාවේ නෑ. ඒ වගේම මේ රටේ අඩුපාඩුකම් හොයන්න මට කිව්වාම IMF සංවිධානය මම කිව්වා විශේෂයෙන්ම මං මේක කරන්න ගියොත් හරියන්නෑ. ඔබතුමන්ලා අපිට කියන්න මොකක්ද කරන්න ඕනේ කියලා. ඒකට අපි එතුමාට බාර දුන්නා හැම එක්කෙනාටම කතා කරලා, ආසියාවෙත් තියෙන පළවෙනි රාජ්‍ය පාලන විශ්ලේෂණය ඉදිරිපත් කළා. ඒ හැම එකේම තියෙන්නේ අපේ රටේ දූෂණයට ගොදුරු විය හැටි අවදානම් අවස්ථාවල්. ආසියා පළවෙනි එක මම දැක ඊට පස්සේ අප්‍රිකානු රට කරලා තිබ්බා. මේක ගෙනාව ක්‍රියාත්මක කරන්න. කොමිසම ඇති කළා.දැන් කොමිසමේ නිලධාරීන් පුහුණු කරන්න තියෙනවා  එක්කෙනෙක්වත් පුහුණු කරන්න යවලා නැහැ. මේ ඔක්කොම කිව්වහම.. මේ තියෙන යෝජනා ක්‍රියාත්මක කරලා නෑ .. 2025ත් මේ තියන යෝජනා ක්‍රියාත්මක කරලා නැහැ. 2025 සැලැස්මේ කියනවා, 1924කාලෙදි මූලික වැඩ කටයුතු ගණනාවක් කරා කියලා. මේ කරල තියෙන්නේ හොරුන් ඉන්නකොටනේ. අපේ ආණ්ඩු හොරු නම් මේ ඔක්කොම කරලා තියෙන්නේ හොරුන් ඉන්නකොට. දූෂණයට විරුද්ධව ක්‍රියා කරනකොට අපි කවුරුවත් විරුද්ධ නෑ.ඒක අපි පටන් ගත්තේ.සමහර තැන්වල දූෂණ මුවාවෙන් ක්‍රියා කරනවා.කොමිසම විතරක් නෙවෙයි සී අයිඩිය එකත් ගේනවා. දේශපාලනීකරණයක් එතන උනා කියලා තමයි අපේ දයාසිරි ජයසේකර මන්තුමා කිව්වේ .ඒ ගැනයි බලන්න තියෙන්නේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *