
දැරිය හැකි මිල ගණන් යටතේ කම්කරුවන්ට සහාය වීම සඳහා පළාත් පහක් පසුගිය බදාදා ඔවුන්ගේ අවම වැටුප වැඩි කිරීමට කටයුතු කෙරිණි .
මෙම ගාස්තු ඉහළ දැමීම් ඔන්ටාරියෝ, මැනිටෝබා, සස්කැච්වන්, නෝවා ස්කොටියා සහ ප්‍රින්ස් එඩ්වඩ් දූපත යන ප්‍රදේශවලට අදාළ වේ.
පළාත් බළධාරීන් සේවක වැටුප් වැඩිවීම් කැනඩාවේ ක්‍රමයෙන් වර්ධනය වන පාරිභෝගික මිල දර්ශකයට සම්බන්ධ කර ඇති අතර එය උද්ධමනයේ දර්ශකයකි.
ඔන්ටාරියෝ හි අවම වැටුප දැන් පැයකට ඩොලර් 17.60 ක් වන අතර, නෝවා ස්කොටියා සහ ප්‍රින්ස් එඩ්වඩ් දූපත් වල පැයකට ඩොලර් 16.50 ක් වේ. මැනිටෝබා හි පැයකට ඩොලර් 16 ක් ගෙවන අතර සස්කැච්වන් හි පැයකට ඩොලර් 15.35 ක් ගෙවීමට තීරණය කර ඇත.
ඇල්බර්ටා පළාත අවම වැටුප වැඩි කර නොමැති එකම පළාත වන අතර, එහි පැයකට ඩොලර් 15 ක ගෙවීමක් සිදුරයි.එම අනුපාතය දැන් කැනඩාවේ අඩුම අගයයි.
බ්‍රිටිෂ් කොලොම්බියාව, ක්විබෙක්, නිව් බ්‍රන්ස්වික් සහ නිව්ෆවුන්ඩ්ලන්ඩ් සහ ලැබ්‍රඩෝ යන ප්‍රාන්ත මෙම වසර මුලදී ඔවුන්ගේ අවම වැටුප ඉහළ නැංවීමට පියවර ගැනිණි..


