
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩාවේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනය වාර්තා කරන පරිදි, රොනාල්ඩෝගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 1.4ක් ලෙස තක්සේරු කර තිබුණා. ඔහුගේ වයස අවුරුදු 40ක්.
පෘතුගාලය සහ අල්-නස්ර් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයා වන රොනාල්ඩෝගේ ධනය,ලොව ධනවත්ම පුද්ගලයින් ඔවුන්ගේ ශුද්ධ වත්කම් මත පදනම්ව සොයා බලන බ්ලූම්බර්ග් ප්‍රකෝටිපති දර්ශකය මඟින් පළමු වරට තක්සේරු කර තිබුණා.මෙම තක්සේරුව මගින් ඔහුගේ වෘත්තීය ජීවිතයේ ආදායම , ආයෝජනසහ අනුමත කිරීම් සැලකිල්ලට ගනිමින් සිදු කර තිබෙනවා.
ඔහුගේ වැටුප් ආදායම 2002 සහ 2023 අතර කාලය තුළ ඔහු වැටුප් වශයෙන් ඩොලර් මිලියන 550කට වඩා උපයා ඇති බව වාර්තා වනවා.දශකයක් පුරා ක්‍රියාත්මක වන නයික් (Nike) සමඟ ඇති ගිවිසුමක් මඟින් වසරකට ඩොලර් මිලියන 18කට ආසන්න ආදායමක් ඔහුට හිමියි.
2022 දී රොනාල්ඩෝ සෞදි ප්‍රෝ ලීගයේ අල්-නස්ර් සමාජයට සම්බන්ධ වූ විට, වාර්තා වන පරිදි ඔහු පාපන්දු ඉතිහාසයේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයාබවට පත් වුණා. ඔහුගේ වාර්ෂික වැටුපපවුම් මිලියන 177ක්.ඔහුගේ කොන්ත්‍රාත්තුව 2025 ජුනි මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණා.රොනාල්ඩෝ විසින් නව වසර දෙකක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
මෙම නව ගිවිසුමඩොලර් මිලියන 400කට වඩා වටිනා බව වාර්තා වන අතර, එමඟින් ඔහුගේ 42 වන උපන්දිනයෙන් පසුවත් ඔහුව එහි රඳවා ගනු ඇති බවයි පැවසෙන්නේ.
රොනාල්ඩෝගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ආර්ජන්ටිනාවේ සහ ඉන්ටර් මියාමි ඉදිරිපෙළ ක්‍රීඩකයා වන ලයනල් මෙසීසිය. වෘත්තීය ජීවිතය තුළ බදු ගෙවීමට පෙර වැටුපෙන් ඩොලර් මිලියන 600කට වඩා උපයා ඇති බව බ්ලූම්බර්ග් පවසනවා.
වයස අවුරුදු 38 ක් වන මෙසී, 2023 සිට ඉන්ටර් මියාමිහිදී ඩොලර් මිලියන 20ක සහතික කළ වාර්ෂික වැටුපක් ලබනවා. කෙසේ වෙතත්, මෙම මුදල එම කාල සීමාව තුළ රොනාල්ඩෝගේ ආදායමෙන්10%ක් පමණවන බවයි වාර්තා වන්නේ.
මෙසී විශ්‍රාම යන විට ඔහුට ඉන්ටර් මියාමි සමාජයේ කොටස් හිමිකමක් ලැබීමට නියමිතයි.


