
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පළපුරුදු පිතිකාරිනියක වන නිලක්ෂිකා ද සිල්වා, නවසීලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පසුගිය (14) වැනිදා පැවැති ලෝක කුසලාන තරගයේදී මෙවර තරගාවලියේ වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් වුණා.
නිලක්ෂිකා සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට වැය කළේ පන්දු 26ක් පමණයි.
ඒ අනුව මීට පෙර තරගාවලියේම බංග්ලාදේශයේ ෂෝනා අක්තාර් විසින් පන්දු 34කින් අර්ධ ශතකයක් වාර්තාකරමින් තැබූ වාර්තාවයි ඇය විසින් බිඳ දමනු ලබා ඇත්තේ.
ශ්‍රී ලංකා ඉනිම අසීරු තත්ත්වයකට පත්ව තිබූ මොහොතක අංක 6 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි නිලක්ෂි, නොදැවී ලකුණු 55ක් රැස් කළේ පන්දු 28 වැය කරමින්. මෙම ඉනිමට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.
මෙම විශිෂ්ට ඉනිම අතරතුර නිලක්ෂි ද සිල්වා, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ලකුණු 1,000 සීමාව ද පසු කිරීම සුවිෂේෂී සිදුවීමක්. කෙසේ වෙතත් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති ශ්‍රී ලංකාව - නවසීලන්ත තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුනා.ඒ අනුව කණ්ඩායම් දෙකටම ලකුණු 1 බැගින් ලබා දීමටයි තරග තීරකයින් තීරණයකර ඇත්තේ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 50ක් අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 258ක් රැස්කර ගත්තා.ඉන් අනතුරුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුනා.


