එන්න මා හා තනි වන්න!

හිම වැටෙන දිගු රැයක
නිදා නොනිදා ඉන්න .....
ඔබෙන් මා - මගෙන් ඔබ
නිබඳ උණුසුම් වන්න .....
මා ළයේ හිස තබා
සුවෙන් දොඩමළු වන්න .....
ඔබේ ලැම අතර මා
ඇස් පියා ගොළුවන්න .....
ඔබට මා - මෙමට ඔබ
තුරුළු වී ගුලි වන්න .....
එන්න මා හා තනිවන්න !
තට්ටයාගේ කොලම
https://thattayagekolama.blogspot.com
මතක මංතීරුව දිගේ....පහළට නොහොත් ගෑස්පා හංදියෙන් ඉහලට

මේස ඔරලෝසුවේ දෙකයි තිහ පෙනෙනවා
එලියෙ මේ ජාමෙටත් හිම වැස්ස වහිනවා
දවල් බුදියන බස්සො, රෑට නිදි මරනවා
එලි සමක් නැතිවුනත් බස්සො කවි. ලියනවා
අපේ ගම් අඩවියේ හාදයෙක් හමුවුනා
ගල්කන්දෙ පාන් ගැන කවි රසක් මතුවුනා
වැඩි කතාවට ගියොත් පටිත් දිග ඇරෙන්නා
ආඳාගේ ක්රමවේදෙ පිහිට මට තියෙන්නා
මරදානෙ හංදියත් තාම ඔහෙ තියෙනවද
පරණ පොත් කඩ වලට වුන දෙයක් දන්නවද
පෙට්ටිකඩ වල තවත් බුරියානි ඉදෙනවද
චිකන් කරියේ තාම ඉඟුරු පෙති හැපෙනවද
ඔටුව, පිටෝටුව මට හීනෙනුත් පෙනෙනවා
සීනි සම්බල් පාන් රස දිවට දැනෙනවා
දුරින් ඉඳගෙන හිතින් එහි රසය විඳිනවා
හිතේ ඇති පිටෝටුව, නැති බවත් දන්නවා
බකමූණු කතා
https://frozenlazyowl.blogspot.com
වැරදි තැනමයි තොප්පි රැඳුණේ නොමග යවනව රූපෙ නාරී…

දුරදි දැකලා හිතම පිරුණත්
කුතුහලේමයි නිතර පෑරී
නොරැඳි මොහොතක් කොහෙ ගියේදෝ
සළුව අහකට හැඩය බේරී
පැරදි පැරදී ඉන්න බෑමයි
පිපිල නටනව හැඟුම් මේරී
වැරදි තැනමයි තොප්පි රැඳුණේ
නොමග යවනව රූපෙ නාරී...
දුමින්ද අබේසේකර
https://dumindasanchare.blogspot.com
රංගධරයාගේ බිරිඳ

ඔහු නැත සැම විටම ළඟ පාතක...
ඇත ඒ විටක ඈ ළඟ තිරය පිටුපස...
සුසුම් හෙලුවත් දැනුනේ මටම මිස
වළකනු කෙලෙස ඉකි බිඳුමන් ගැහැණු හිතකට
ආලින්දය පිරි පිත්තල සම්මාන ගොන්නට
පෙනෙනා ආලිංගන රඟනා ඔහු මැදි කොට
සැප එරෙන මෙට්ටයට බර දී
නො ඔරවා සිටින්නේ කෙලෙස රූ පෙට්ටියට
බදු ගත් පළල් උර මත සැතපෙවෙන ළඳකට
බුරුසු රැවුලේ පහස ලැබූ ඕ ගත පිපුණු හිරි ගඩුවකට
සාප නොකරනු කියම් කෙලෙසද
කෙලෙස් සපිරුණු මිනිස් ළඳකට
නිදහසේ තොදොල් වන්නට
යන විටෙක උයන් කෙළියට
කෙලෙස ඉවසම්ද කරන කෝලම
ඇදෙන කෙල්ලෙන් සෙල්පි ගැනුමට
යනෙන හැම තැනකම
ලැබෙනා පුද සත්කාර අඩු නැතිවම
කඳුළු ගෙන දෙයි දෑසට
උදම් වනවා වෙනුවට
නාඩියා නාඩිරත්න
https://naadiyaonline.blogspot.com
සොඳුර

පාළු මහ රෑ මැදියම
සඳ ළඟින් හෙමිහිට
අඳිමි. මම මගේ හදවත
අමුතු හැඩ ඇති තරුවක
නිවෙන දිලෙනා එළියක
කවි බසක් හැඳිනුවොත්
ඉතිං දැන ගත යුතුය - ඔබ
ඒ තමයි සඳ ලෙසින් - මම
ඔබේ උවනත දුටු දින
හුදකලාවේ ලියු කවි


