ලොව හොඳම ගම­නාන්ත 25 අත­රට යාප­නයත්.

එළැ­ඹෙන 2026 වස­රේදී සංචා­රය සඳහා ලොව හොඳම ගම­නාන්ත 25 අත­රට ශ්‍රී ලංකාවේ යාප­නය ද එක්ව තිබේ.

සංචාර සඳහා මාර්ගෝ­ප­දේශ තොර­තුරු සප­යන ලොව පිළි­ගත් සඟ­රා­වක් වන අමෙ­රි­කාවේ ‘ලෝන්ලි ප්ලැනට්’ විසින් 2026 වසරේ දී සංචා­රය කිරී­මට හොඳම ගම­නාන්ත 25 නම්කර තිබෙන අතර අදාළ සඟ­රාව විසින් රට­වල් කිහි­ප­යක ආක­ර්ෂ­ණීය ස්ථාන මේ සඳහා තෝරා­ගෙන ඇත.

ඒ අනුව අදාළ හොඳම ගම­නාන්ත අත­රට ශ්‍රී ලංකාවේ යාප­නය එක්ව තිබෙන අතර සංස්කෘ­තික සංචා­රක ගම­නා­න්ත­යක් ලෙස ජන­ප්‍රිය යාප­නය, මෑත කාලය තුළ දහස් ගණ­නක් සංචා­ර­ක­යන් ආක­ර්ෂ­ණය හිමි­ක­ර­ගත් ස්ථාන­යක් බවට පත්ව තිබේ. ඒ අනුව යාප­නයේ ඇති සංස්කෘ­තික හා ඓති­හා­සික උරු­මය මෙම තෝරා ගැනී­මට ප්‍රධාන වශ­යෙන් බලපා තිබෙන අතර ලොව වඩාත් විශ්වා­ස­දා­යක සංචා­රක මාධ්‍ය සන්නා­ම­යක් වන ‘ලෝන්ලි ප්ලැනට්’ 1970 වසරේ සිට ක්‍රියා­ත්මක සඟ­රා­වකි.

අදාළ සඟ­රාවේ සංචා­රක මාර්ගෝ­ප­දේශ පොත් මිලි­යන 150කට වඩා මේ වන­විට අලෙවි වී තිබෙන අතර ශ්‍රී ලංකා­වට අම­ත­රව දකුණු ආසි­යානු කලා­ප­යට අයත් තායි­ල­න්තය පම­ණක් මේ ගම­නාන්ත 25 අත­රට එක්ව සිටීම විශේ­ෂ­ත්ව­යකි.

යාප­න­යට අම­ත­රව දකුණු අමෙ­රි­කාවේ පේරු, එක්සත් ජන­ප­දයේ මේන්, ස්පාඤ්ඤයේ කාඩිශ්, අප්‍රි­කාවේ රින­යන් හා බොට්ස්වානා, කොලො­ම්බි­යාවේ කාර්ට­ගේන්, යුරෝ­පයේ ෆින්ල­න්තය, අය­ර්ල­න්තයේ ටිපෙ­රරි, මෙක්සිකෝ සිටි, ගෝත­මා­ලාවේ කුට්ස­ල්ටෙ­නන්ගෝ, කැන­ඩාවේ බ්‍රිටිෂ් කොලො­ම්බියා, ඉතා­ලියේ සාර්ඩි­නියා, සාඕ පාලෝහි ලිබ­ර්ඩේඩ්, නෙද­ර්ල­න්තයේ යුට්‍රේච්, කැරි­බි­යන්හි බාර්බ­ඩෝස්, දකුණු කොරි­යාවේ ජෙජු-ඩෝ එම ගම­නාන්ත අත­රට අයත් වෙයි.

ඊට අම­ත­රව නව­සී­ල­න්තයේ උතුරු දූපත, උතුරු ඩකෝ­ටාහි තිය­ඩෝර් රූස්වෙල් ජාතික උද්‍යා­නය, විය­ට්නා­මයේ කුයි නොන්, කාම්බෝ­ජයේ සියම් රීප්, තායි­ල­න්තයේ ෆුකට්, දකුණු ඔස්ට්‍රේ­ලි­යාවේ ඉක්රා ෆින්ඩර්ස් හා අවුට් බැක්, අප්‍රි­කාවේ ටියු­නී­සියා සහ ඕෂ­නි­යාවේ සොල­මන් දූපත් ද එම ගම­නාන්ත 25 අත­රට එක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *