
දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 52කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම පසුගිය (2) වැනිදා සමත් විය.
නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 298ක් රැස්කර ගත් අතර, එම කණ්ඩායම වෙනුවෙන් ෂෆ්ලි වර්මා ලකුණු 87ක් රැස්කර ගැනීමට සමත් වූවාය.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් අයබොන්ගා කාකා කඩුළු 3ක් දවා ගැනීමට සමත් වූවාය.ලකුණු 299ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 45.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 246ක් පමණි.මෙම ජයග්‍රහණයත් සමග ඉන්දීය පිරිමි හා කාන්තා කණ්ඩායම් දිනාගත් ක්‍රිකට් ලෝක කුසලාන සංඛ්‍යාව 5ක් බවට පත්විය.
ඉන්දීය පිරිමි කණ්ඩායම එක්දින ලෝක කුසලාන 2ක් (1983, 2011) හා විස්සයි20 ලෝක කුසලාන 2ක් (2007, 2024) මීට පෙර ජයග්‍රහණය කර තිබුණි.ඉන්දීය කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා දෙකකදී එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය ක්‍රීඩාකර තිබුණත්, එම දෙවතාවේදීම ඔවුන් පරාජය වී තිබුණි.
දකුණු අප්‍රිකාව ලැබූ මෙම පරාජයත් සමග ලෝක කුසලාන පිපාසයෙන් සිටි ඔවුන්ට එකම වසරකදී ලෝක කුසලාන 02කට හිමිකම් කීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය.ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් එරට පිරිමි ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කර 2023-2025 ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට සමත් විය.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ පළමු අවස්ථාව මෙය වේ.


