ෆෝමියුලා වන් ලෝක ශූරයා බ්‍රිතාන්‍යයේ ලැන්ඩෝ නොරිස්

2025 ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතික ලැන්ඩෝ නොරිස් සමත් විය.ඔහු ලෝක ශූරතා ෆෝමියුලා වන් ශූරතාවක් දිනා ගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.26 හැවිරිදි ලැන්ඩෝ නොරිස් මැක්‍ලැරන් කණ්ඩායමේ සාමාජිකයෙකි.

අබුඩාබි හි පැවති  ග්‍රෑන්ඩ් ප්‍රී තරගය ඔහු තුන් වැන්නා ලෙස අවසන් කරමින්, 2025 ෆෝමියුලා වන් ලෝක ධාවකයින්ගේ ශූරතාව හිමි කර ගැනීමට සමත් විය.

සමස්ත තරගයේ ලකුණු සටහන අනුව, ඔහුගේ ප්‍රතිවාදී ක්‍රීඩකයා වූ මැක්ස් වර්ස්ටැපන් ක්‍රීඩකයා ලකුණු 2 ක තියුණු පරතරයකින් පරාජය කරමින් ඔහු ශූරතාව හිමි කර ගැනීමට හැකිවිය. මැක්ලැරන් කණ්ඩායමක් ලෝක ශූරතා ෆෝමියුලා වන් ශූරතාවක් ජය ගත්තේ, 2008 වසරෙන් පසුව වීම විශේෂත්වයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *