නොවැදගත් දේ

බළලුන්ට
එදිනෙදා දේවල් ගැන
මතක ඇත්තේ මොනවාද?
නිදන්නට උණුසුම් ම තැන,
කෑම ඇත්තේ කොතැනද,
වේදනා දෙන දේ ගැන,
තමන්ගේ හතුරන් ගැන
පක්ෂීන්ගේ කරදරය,
පසෙහි උණුසුම් පුසුඹ
දූවිලිවල ප්‍රයෝජනවත් බව,
ඔවුන්ට මතකයි
ඇඳක කිරි කිරිය
අයිතිකරුගේ පා හඬ
මාළු කද්දී අම රස,
කිරි බඳුනක සොඳුරු බව
බළලුන්ට මතක ඇත
එදිනෙදා දේවල් වල
වැදගත්ම කොටස
ඔවුන් අපට වඩා
සුවෙන් නිදන්නේ එබැවිනි
අප
නොවැදගත් දේ
මතකයේ රඳවාගෙන
හදවත් බිඳගනිමිනි.
Translation of the poem ‘Inessential Things’ by Brian Patten


Brian Patten 1946 දී එංගලන්තයේ ලිවර්පූල් නගරයේ උපන්නෙකි. ගැටවර වියේ සිටම කාව්‍යකරණයේ යෙදුනු ඔහු පාසල් වයසේදී තමන්ගේම කවි සඟරාවක් ලියා පළ කළේය. වැඩිහිටියන්ට මෙන්ම කුඩා ළමුන් වෙනුවෙන්ද කවි ලියූ ඔහු කාව්‍ය ග්රන්ථ කිහිපයක්ම පළ කර ඇත.
පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි
http://hotchocolatedays.blogspot.com/
මා තනිවී නොමැත

කඳු සිට සයුර තෙක්
පාළුය රාත්‍රිය
එනමුදු ඔබ විසින් සැනසුණු
මා තනිවී නොමැත
පාළුය අහස්කුස
සඳවතිය මුහුදේ ගිලී
එනමුදු ඔබ විසින් ස්පර්ශ කළ
මා තනිවී නොමැත
මුළු ලොවම පාළුය
සෝබරය සියලු දෙන
එනමුදු ඔබ විසින් වැළඳගත්
මා තනිවී නොමැත
ගේබ්‍රියෙලා මිස්ට්‍රල් (1889-1957)


පරිවර්තනය නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් .
http://nilukakadurugamuwa.blogspot.com/
*අවසර ඇතිව උපුටා ගැනුනකි.


