
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දඹුල්ලේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යෙදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ප්රමුඛ විධායක කමිටුව තීරණය කර ඇත.
ඒ අනුව තරගාවලියේ ලාභය රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට පරිත්‍යාග කෙරෙන අතර තරගාවලිය අතරතුර #VisitSriLanka හැෂ් ටැගය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීමට නියමිතය. මීට පෙර අදාළ රජයේ අරමුදල සඳහා රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලිය එළැඹෙන 7 වැනිදා සිට ඇරැඹීමට නියමිතය.


