
ශ්‍රී ලංකාවේ සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 150 සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස පසුගිය (11) වැනිදා නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.
පාකිස්තානය සමඟ දඹුල්ලේ පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී ඔහු මෙම සුවිශේෂී කඩඉම පසුකළ අතර, සමස්තයක් ලෙස ලොව මෙම ජයග්‍රහණය අත්කරගත් 5 වන ක්‍රීඩකයා බවටද ඔහු පත්වුණා.
ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කඩුලු 150 සීමාව පසුකළ සෙසු ක්‍රීඩකයින්ගේ විස්තර පහතින්.
ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක, රෂීඩ් ඛාන් – කඩුලු 182
නවසීලන්තත ක්‍රීඩක, ටිම් සවුති – කඩුලු 164
බංග්ලාදේශ ක්‍රීඩක, මුස්තාෆිසුර් රහ්මාන් – කඩුලු 158
නවසීලන්ත ක්‍රීඩක, ඉෂ් සෝදි – කඩුලු 157
මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි20 කඩුලු ලාභියා ලෙස වාර්තාවට හිමිකම් කීවේ කඩුලු 107ක් ලබා ගනිමින් හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගයි. වනිඳු 2024 වසරේදී මාලිංගගේ එම වාර්තාව බිඳ දැමූ අතර, දැන් ඔහු කඩුලු 150 සීමාව පසුකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළා තිබෙනවා


