නවකතාවේ වීරයා ; ඔබ

හිස බමන වෙලාවට විතරක්ම
ඔබ අහන
තත්පර එකසිය පනහෙ කුඩා සංගීත ඛණ්ඩය;
මම
උණු කෝපි බඳුනක්ව – පැහෙද්දී ඔය හදවත
මේසයත් ඔබත් අතරින් වැතිරෙන
පැලුම් පැල්ලම් නවත්තාගෙන – ආපදා සේරම උරාබොන
ඝනැති කපු ලේන්සුව;
මම
තොල් ආලේප පිහදාන
අනතුරුව කුණු කූඩෙකට දාන
මේකප් රිමූවර් ටිෂූ කොල අහුර;
මම
වැහි වෙලාවට පිපෙන
අඳුරු අහසකත් හසරැලි අඳින
වෛවර්ණ ඉඳුදුන්න;
මම
සත්පාට වියැකෙනත’ර – වෙණ තත් බිඳෙන්නට හැර
සපුරාම ප්‍රීතියෙන් නික්මෙයි – ගීතයක් සිවුරුහන් කරකර
නවකතාවේ වීරයා;
ඔබ
බස්සි ……..යශෝධා සම්මානි ප්‍රේමරත්න
කළු දළ මල….!

සියල් දන නෙතු
වසාගෙන ඇත
නොමත වදනක්
ගෙනෙන තෙතමන . . . .
නිමල් හදවත
දිනාගත් පින
නොමැත නිදියහනේදි
තනිවුන . . . .
කමල් මල්පෙති
ගෙනා මධුවිත
මතකයකි
සිහිනයක ගොනු උන . . .
පුළුල් උරහිස
ඔබට වෙන්වුන
දවයි සිසිලෙන්
සිරුර ගිනිගෙන . . . .
තට්ටයාගේ කොලම
https://thattayagekolama.blogspot.com
සඳත් දැන් තැවිල්ලෙන් රැඳෙන්නේ වලාවේ ….

සඳත් දැන් තැවිල්ලෙන් රැඳෙන්නේ වලාවේ
තරුත් දුන් හැඬිල්ලෙන් කියන්නේ කතාවේ
ළඟත් උන් නිදැල්ලෙන් ඇදෙන්නේ මුලාවේ
මමත් රන් කැදැල්ලෙන් හොයන්නේ ඔයාවේ
සදා කල් සිනාවන් තිබූදෙන් පැතූවේ
එදා කල්පනාවන් නිසාවෙන් හැඬූවේ
හදා මල් රටාවන් රැඳූ තැන් නොවූවේ
මෙදා සිල් වතාවන් මෙමා දැන් පිරූවේ
සිතක් සෝ නොදේනම් නොරිස්සුම් නොවන්නම්
මලක් කෝ වැටේනම් පරිස්සම් කරන්නම්
දුරක් ඕ ඇදේනම් වෙනස්කම් නොදෙන්නම්
හෙටක් හෝ නැතේනම් දෙඇස් මම් පියන්නම්
දුමින්ද අබේසේකර
https://dumindasanchare.blogspot.com
‘මිස්’ වීම

කිටි කිටියේ හිරවී
ෆුඩ් බෝඩයේ එල්ලී
දාඩිය පෙරාගෙන
ආපු කාලය මිස් වී
රත්මලානෙන් නඟින නංගී
පෑවා හිනාවක් ලංවී
කොල්ලුපිටියේ බැංකු අක්කා
කියන ‘මෝනින්’ මිස් වී
දුවනා ගමන් ඔපිසියට
ගත්තු ශෝටිස් කෑලි තුන
ලේහවුසිය ළඟ කැඳ කඩේ
හකුරු කැඳ රහ මිස් වී
උදේ සිට මීටින්
තිබ්බත් එක දිගට කෝඩින්
ඔපිසියේ කෝපි මැෂිමේ
නෙස්කැෆේ රහ මිස් වී
ලන්ච් එකට දොළහට
එළියට බැස්සොත් හරියට
හාබරේ බත් එක බෙදාගෙන
කාපු රඟ දැන් මිස් වී
නිදිමතක් එනකොට
එහා පැත්තේ එකා අරගෙන
පෙට්ටි කඩයේ ප්ලේන්ටියෙ
ගිනි රස්නේ දැන් මිස් වී
ඔපිස් ඇරෙනා මොහොතට
ඇරෙනා තවත් ඔපිසියන් ඇත
ඒ ඔපිසියන් ඇතුළත
උකුළු මුකුලුත් මිස් වී
ප්‍රොඩක්ෂන් බග් එකක්
රෑටත් වැඩ වැටුනොත්
QA අමතං – අපි හොඳටම පදං
නයිටවල් දැන් මිස් වී
හවසට හීනියට
ඔපිසියේ උන් එක්ක
නැත්නං කාගෙහරි බෝඩිමක
සාර සුභාවිත මිස් වී
ආවා කොරෝනා
ගෙදරටම වී වැඩ කරන්නට ඕනා
නිකමට හිතලා බැලුවම
ජීවිතෙන් බාගයක් මිස් වී
අහෝ කොරෝනා…
සිරාවට උඹ කළ හදියක්!
නාඩියා නාඩිරත්න


