කැනඩා අගමැති මාර්ක් කානි  ඉන්දියාවට.

කැනඩාවේ අග්‍රාමාත්‍ය මාර්ක් කානි ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වනවා.එළඹෙන මාර්තු මස මුල් සතියේ කානි ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්ථා වන්නේ.එහිදී යුරේනියම්, බලශක්තිය, ඛනිජ සහ කෘතිම බුද්ධිය පිළිබඳ ගිවිසුම් කිහිපයකට දෙපාර්ශ්වය අත්සන් කරනු ඇතැයි කැනඩාවේ ඉන්දීය මහ කොමසාරිස් දිනේෂ් පට්නායික් මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

මාර්ක් කාර්නි එහි ඉහළම වෙළෙඳ හවුල්කරුවා වන ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔබ්බට, කැනඩාවේ සන්ධාන විවිධාංගීකරණය කිරීමට උපරිම උත්සාහයක් දරමින් සිටින පසුබිමකයි මෙම සංචාරය සැලසුම් කර ඇත්තේ.

අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ බදු තර්ජනයකට මුහුණ පා සිටින කැනඩාව නව වෙළඳ අවස්ථා සොයමින් සිටින අතර, ඉදිරි දශකය තුළ එක්සත් ජනපදය පදනම් කර නොගත් අපනයන දෙගුණ කිරීම කැනඩාවේ අරමුණ වී ඇතැයි පැවසෙනවා.

ඒ සඳහා සුදුසු තරගකාරී වෙළඳපලක් ලෙස මාර්ක් කානිගේ රජය ඉන්දියාව තෝරා ගෙන ඇති අතර, සිය පූර්වගාමියා වූ ජස්ටින් ටෲඩෝගේ පාලනය හමුවේ බිඳවැටීමට ලක්වූ ඉන්දු – කැනඩා සබඳතා යළි නඟා සිටුවීමට ද ඔහු උත්සහ කරන බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්.

කැනේඩියානු ආග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයෙන් පසුගිය වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජී7 කණ්ඩායමේ සමුළුවට සහභාගී වූ අතර කැනඩා රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද ඉන් අනතුරුව ඉන්දියාවේ සංචාරය කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *