
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) ඉන්දියාවේ දේශපාලන සහ වාණිජ අවශ්‍යතාවල ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්ව ඇති බැවින්, නව ගෝලීය ක්‍රිකට් පාලක මණ්ඩලයක් පිහිටුවිය යුතු බව පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් (Khawaja Asif) පවසනවා.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, “මහත්ත්වරුන්ගේ ක්‍රීඩාවේ” ජීවගුණය ආරක්ෂා කර ගැනීමට නම් එවැනි නව සංවිධානයක අවශ්‍යතාවය පවතින බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පෙබරවාරි (15) වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දු-පකිස්ථාන තරගය පකිස්ථානය විසින් වර්ජනය කිරීමට තීරණය කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබෙනවා.
ආරක්ෂක හේතූන් මත ඉන්දියාවේ තරග කිරීමට අකමැති වූ බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ඇතුළත් කිරීමට ICCය ගත් තීරණය ඉන්දියාවේ වුවමනාවට සිදුවූවක් බව පකිස්ථානයේ චෝදනාවයි.
ලෝක ක්‍රිකට් ආදායමෙන් වැඩිම පංගුවක් ඉන්දියාව සපයන බැවින්, ICCයේ තීරණ කෙරෙහි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) අසමාන බලයක් හිමිව ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මේ අතර පන්දුවාර 20 ලෝක කුසලානයේදී පාකිස්ථානය – ඉන්දියාව සමග ක්‍රීඩා නොකළොත් පාකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ICCය සැරසෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.මේ අනුව මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ ඉන්දියාව සමග පැවැත්වීමට සැලසුම් කර තිබෙන තරගය ක්‍රීඩා කිරීම පාකිස්ථානය විසින් වර්ජනය කිරීම එරටට දිගුකාලීනව ප්‍රතිවිපාක විඳීමට ද සිදුවන බවයි ICCය අනතුරු අඟවා තිබෙන්නේ.එය 1970දී දකුණු අප්‍රිකාවට පැන වූ තහනමට සමාන වනු ඇති බව සඳහන්.
කෙසේ වෙතත් පන්දුවාර 20 ලෝක කුසලානයේ තරග ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.පාකිස්ථානය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දැඩි ප්‍රතිචාරයක් දක්වමින් පවසන්නේ මෙම තීරණය හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි ගෙන දෙන බවයි.
ඉන්දියාව සමග තරග කිරීමට නොහැකි බවට පාකිස්ථානය විසින් ගත් තීරණය ICCය වෙත නිල වශයෙන් දැනුම් දී නොමැති බවත් ජගත් ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.පන්දුවාර 20 ලෝක කුසලානයක් වැනි ගෝලීය ක්‍රීඩා තරගාවලියකට සුදුසුකම් ලැබූ සියලු කණ්ඩායම් සඳහා සමාන කොන්දේසි යටතේ නියමිත තරග කාල සටහනට අනුව ක්‍රීඩා කිරීම මූලික අරමුණ වන අතර පාකිස්ථානය ගත් මෙම තීරණය ඊට පටහැනි බවත් ICCය පවසනවා.එමෙන්ම මෙම තීරණය හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය ,අඛණ්ඩතාව සහ තරගකාරීත්වය සහ සාධාරණත්වය ද බිඳ වැටීම තුළින් මිලියන ගණනක් වූ ප්‍රේක්ෂකයින්ට ද යහපතක් නොවන බව ද පෙන්වා දෙනවා.ලෝක ක්‍රිකට්වල සමාජිකයෙකු සහ ප්‍රතිලාභ ලබන පාකිස්ථානය ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවට හානි ගෙන දීම තමන්ටම හානි කර ගැනීමක් බවත් ICCය පවසනවා.මෙහිදී පාකිස්ථානයට දිගුකාලීනව ප්‍රතිවිපාක විඳීමට ද සිදුවන බව ද ICCය අනතුරු අඟවා සිටිනවා.
මේ අතර පාකිස්ථානය ඉන්දීය තරගය වර්ජනය කළත් සැලසුම් කළ පරිදි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ පුහුණුවීම් සහ නිල ප්‍රවෘත්ති සාකච්ඡාවට ද එක්ව පෙබරවාරි මස 15 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙත පැමිණෙන බව පවසනවා.මෙහිදී පාකිස්ථාන කණ්ඩායම තරගය ක්‍රීඩා කිරීමට නොපැමිණිය හොත් ICC තරග තීරකවරයා විසින් තරගය අත්හැර දමනු ලබන අතර එහිදී ඉන්දීය කණ්ඩායමට ප්‍රසාද ලකුණු ද නිතරගයෙන් හිමිවනු ඇති.
මේ අතර පාකිස්ථානය ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා ICCය විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවා තිබෙනවා.ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පන්දුවාර 20 ලෝක කුසලානයේදී පාකිස්ථානය – ඉන්දියාව සමග ක්‍රීඩා නොකළොත් පාකිස්ථානයට , 1970දී දකුණු අප්‍රිකාවට පැන වූ තහනම ලෙසින් පාකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ICCය සැරසෙන බවයි.
එමෙන්ම ICCයෙන් පාකිස්ථානයට වර්ෂිකව ලබා දෙන අමෙරිකානු ඩොලර් මිලියන 34.5ක මුදල අත් හිටුවීමට මෙන්ම පාකිස්ථාන සුපර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා කිසිඳු විදෙස් ක්‍රීඩකයෙකුට අවසර ලබා නොදීමට ද ICCයේ සමාජිකයින් විසින් තීරණය කරනු ඇති බවටත් වාර්තා වනවා.


