ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තුන්වන ස්ථානය දිනූ සබීනා යූසෆ් දිවයිනට

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වී , එහි තුන් වන ස්ථානය මෙන්ම මෙම තරගාවලියේ ” ජායාකාන්ත ” ( Missis Photo Genie ) රූ රැජින ලෙස ද කිරුළු පළන් සබීනා යූසෆ් මහත්මිය පසුගියදා කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියාය .

මෙම තරගාවලිය , ලෝකයේ රටවල් 60 ක තරගකාරියන් ගේ සහභාගීත්වයෙන් ඉකුත් 22 දින සිට 29 දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පවත්වා තිබුණා .

ඇය පිළිගැනීම සදහා මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ , ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ” ගෝල්ඩ් රූට් ” මගී පර්යන්තය වෙත පැමිණ තිබුණා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *