
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා (British Columbia) පළාතේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි උසස් පාසලක පසුගිය (10)වැනිදා සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් දහදෙනෙකු මියගොස් තිබෙනවා.
සැකකාර වෙඩික්කරු ද මියගොස් ඇති බවට විශ්වාස කරන බවයි කැනේඩියානු පොලිසිය පවසා ඇත්තේ.වෙඩි වැදී මියගොස් සිටි සැකකරු සියදිවි නසාගත් බවට පොලීසිය සැකපල කරණවා.තවද මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්ථා වන්නේ. මෙහිදී බරපතල හෝ ජීවිතයට තර්ජනයට ලක්වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගුවන් මගින් රෝහලට ගෙන ගොස් තිබුණා. උතුරු දිස්ත්‍රික් අණදෙන නිලධාරී RCMP අධිකාරී කෙන් ෆ්ලොයිඩ් පැවසුවේ වෙඩික්කරු හඳුනාගෙන ඇති නමුත් මේ අවස්ථාවේ ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන බවයි.
පීස් රිවර් සවුත් (Peace River South) පාසල් දිස්ත්‍රික්කයේ සිදුවු මෙම වෙඩි ප්‍රහාරයෙන් පසු අදාළ ද්විතීයික පාසල සහ ටම්බ්ලර් රිජ් (Tumbler Ridge) ප්‍රාථමික පාසල යන දෙකම වසා දමා දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර තිබුණා.
පීස් රිවර් සවුත් ප්‍රදේශයේ ව්‍යවස්ථාදායකයේ සාමාජික ලැරී නියුෆෙල්ඩ් (Larry Neufeld) වාර්තාකරුවන්ට පැවසුවේ, රාජකීය කැනේඩියානු මවුන්ටඩ් පොලිසිය (RCMP) සහ ගිලන්රථ සහාය ඇතුළු අතිරික්ත සම්පත් ප්‍රමාණයක් එම ප්‍රජාව වෙත යවා ඇති බවයි.
දැනට ක්‍රියාත්මක වන මෙහෙයුම්වල ආරක්ෂාවට බාධාවක් විය හැකි බැවින් වැඩිදුර තොරතුරු නිකුත් කිරීමට තමන් අකමැති බව ද ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කෙසේ වෙතත් ප්‍රාථමික හා ද්විතීයික පාසල් සතියේ ඉතිරි කාලය සඳහා වසා තබන බව එරට බලධාරීන් තහවුරු කළේය.


