
කැනඩාවේ එලියට් ග්‍රොන්ඩින් මිලාන් කෝර්ටිනා ඔලිම්පික් උළෙලේ පිරිමි ස්නෝබෝඩ් කුරුස ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
24 හැවිරිදි ග්‍රොන්ඩින් ඔස්ට්‍රියාවේ ඇලෙස්සැන්ඩ්‍රෝ හැමර්ල්ට පිටුපසින් තරගය අවසන් කල අතර එය ඔහුගේ තුන්වන ඔලිම්පික් පදක්කම විය.ග්‍රොන්ඩින් සුදුසුකම් ලැබීමේ තරඟ වලදී ශක්තිමත් බවක් පෙනෙන්නට තිබුණි, ඔහු අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරඟ ජයග්‍රහණය කළේය.
දැඩි උද්වේගකාරී තරඟයකදී, ඔහු ඔස්ට්‍රියානුවාට වඩා තත්පරයකින් සුළු කොටසක් පිටුපසින් සීමාව පසු කළේය.ග්‍රොන්ඩින් 2022 බීජිං හි පැවති ඉසව්වේදී රිදී පදක්කමක් මෙන්ම මෙරියෙටා ඕ’ඩයින් සමඟ මිශ්‍ර කණ්ඩායම් ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.ග්‍රොන්ඩින්ගේ පදක්කම කැනඩාව මිලාන් කෝර්ටිනා ක්‍රීඩා උළෙලේ හයවන පදක්කමයි.
මේ අතර කැනේඩියානු නිදහස් ආර ස්කී තරුව මයිකල් කිංස්බරි මිලාන් කෝර්ටිනා ඔලිම්පික් උළෙලේ පිරිමි මෝගල් ඉසව්වේ රිදී පදක්කමක් දිනා ගත්තේය.
33 හැවිරිදි ඔහු ඕස්ට්‍රේලියාවේ කූපර් වුඩ්ස් පිටුපසින් සිව්වන ඔලිම්පික් පදක්කම ලබා ගත්තේය. ජපානයේ ඉකුමා හොරිෂිමා ලෝකඩ පදක්කම දිනා ගත්තේ ලකුණු 83.44 ක් සමඟිනි.
වුඩ්ස් සහ කිංස්බරි සමාන ලකුණු 83.71 ක් වාර්තා කළ නමුත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා ඡයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එය කිංග්ස්බරිගේ සිව්වන ඔලිම්පික් පදක්කම විය. ඔහු 2018 දී පියොංචැං හි රන් පදක්කම සහ 2014 දී සෝචි හි සහ 2022 දී බීජිං හි රිදී පදක්කම දිනා ගත්තේය.
“මට පුදුම හිතෙනවා. මගේ ස්කීං ගැන මම ගොඩක් සතුටු වෙනවා. – අවාසනාවකට මෙන්, මම එහි හොඳ පැත්තේ නොසිටි පුද්ගලයා වුනා. නමුත් මම මෙම පදක්කම සඳහා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළා,” කිංස්බරි පැවසීය.


