නිදහසේ සංකේතයවු නිදහස් මන්දිරේ කත­න්දරේ…

කල­කට ඉහත ලංකාවේ විවි­ධා­කාර මාර්ග අංක සහිත විවිධ ගම­නාන්ත සහිත බස් රථ දැක­ගත හැකි විය. උඩ­හ­මුල්ල ඩිපෝ­වෙන් බස් රථ­යක් ධාව­නය කළේ උඩ­හ­මුල්ල – බම්බ­ල­පි­ටිය මාර්ග අංක 179 ලෙසය. එම බස් රථය ඔය කියන සන්දියේ රූප­වා­හිනී සංස්ථා­වත් ගුව­න්වි­දුලි සංස්ථා­වත් මැදින් ඇති පාරේ ගමන් කොට ඇත්තේ නිද­හස් මන්දි­රය අස­ලිනි. එදා නිද­හස් මන්දි­රය අසල බස් හෝල්ට් එකක්ද තිබී ඇත.

“නිද­හස් චතු­ර­ස්‍රය බහි­නවා…” එක් මගි­යෙක් කියයි.

මේ අතර තවත් මගි­යකු කියන්නේ, “ටොරිං­ටන් චතු­ර­ස්‍රය බහි­නවා…” යනු­වෙනි. ඔය කොහොම කිවු­වත් බහින්නේ එකම තැන­කය.

බොහෝ දෙනා සිතා සිටින්නේ මෙයින් වසර 78කට පෙර ලංකා­වට නිද­හස උදා වුණ 1948 පෙබ­ර­වාරි 4 වැනි දින ලංකාවේ නිද­හස් උත්ස­වය පැවැ­ත්වූයේ මේ නිද­හස් මන්දි­රයේ සිට බවයි. එහෙත් ඉති­හා­සය හාරා­අ­වු­ස්සන විට එය නිවැ­රදි නොවන බව තහ­වුරු වූ නිසා මේ නිද­හස් ගොඩ­නැ­ඟිල්ලේ ඉති­හා­සය සොයා යැම වැදගත්විය.

1948 පෙබ­ර­වාරි 4 දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ආධි­ප­ත්‍ය­යෙන් මිදී නිද­හස ලැබීම නිමි­ත්තෙන් කිසි­යම් සිහි­ව­ට­න­යක් තැනිය යුතු යැයි එව­කට ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රා­මා­ත්‍යව සිටි දිවං­ගත ඩී.එස්. සේනා­නා­යක මහ­තාට සිති­වි­ල්ලක් පහළ විය. එව­කට ප්‍රවා­හන හා රජයේ වැඩ පිළි­බඳ අමා­ත්‍යව සිටි ශ්‍රීමත් ජෝන් කොත­ලා­වල මහතා සිය අග්‍රා­මාත්‍ය කාර්යා­ල­යට කැඳවා මෙරටේ දීර්ඝ ඉති­හා­ස­ය­කට අභි­මා­න­යක් හා ගෞර­ව­යක් ගෙන දෙන ආකා­ර­යට නිද­හස් අනු­ස්ම­රණ ශාලා­වක් ටොරිං­ටන් චතු­ර­ශ්‍රයේ ඉදි කරන ලෙස ඩී.ඇස්. දන්වන ලදි.

නව ගොඩ­නැ­ඟිල්ල සඳහා තෝරා­ගත් වත්මන් නිද­හස් මන්දි­රය ඇති ස්ථානය එදා ටොරි­න්ටන් උද්‍යා­නය නමින් හැඳි­න්විණ. එදා ටොරි­න්ටන් උද්‍යා­න­යට අයත් බිම් පෙදෙ­සින් වැඩි ප්‍රමා­ණ­යක් අයත්ව තිබුණේ ලංකා තුරඟ තරග කොම්පැ­නි­ය­ක­ටය. නිද­හස් මන්දි­රය ගොඩ­නැ­ඟී­මට එවක රජය එයින් බිම් කඩක් රුපි­යල් පන්ල­ක්ෂ­ය­කට මිල දී ගන්නා ලදි. එම ඉඩම මිල දී ගත් නමුත් නිද­හස් අනු­ස්ම­රණ ශාලාව ඉදි කිරී­මට වහා සැල­සු­මක් සකසා ගත යුතු වීම ඊළඟ ප්‍රය­ත්නය විය.

එම සැල­සුම සැක­සීම සඳහා ගෘහ නිර්මාණ ශිල්පීන් අට දෙන­කු­ගෙන් යුතු කමි­ටු­වක් රජය විසින් පත් කරන ලදි. එම කමි­ටු­වට රජයේ වැඩ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පි ශ්‍රීමත් ටී.එන්. විනේ ජෝන්ස් මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් යුතු කමි­ටු­වට එහි උප ගෘහ නිර්මාණ ශිල්පි ශ්‍රීමත් එෆ්.එච්. බලි­මෝ­රියාත් විශ්ව­වි­ද්‍යාල ගෘහ භාණ්ඩ ශිල්පි ෂර්ලි ද අල්විස් මහ­තාත්, කොළඹ නාග­රික සැල­සුම් ශිල්පි ඔලි­වර් වීර­සිංහත්, සහ­කාර ගෘහ නිර්මාණ ශිල්පීන් වන එච්.ජේ. බලි­මෝ­රියාත් ජේ. සම­ර­සේ­කරත්, එම්.බී. මොරේනා අයත් වූ බව කල­කට ඉහත රත්න­පුර කෞතු­කා­ගා­රයේ විනී ලය­නල් විසින් සට­හ­නක් තබා ඇත.

කමි­ටුව විවිධ සැල­සුම් තඩි බ්‍රිස්ටල් බෝඩ්වල ‘ඉන්දි­යන් ඉන්ක්’ තීන්තෙන් ඇඳ සර් ජෝන්ට ඉදි­රි­පත් කළ­මුත් ඔහුගේ හිතට ඒවා ඇල්ලුවේ නැත.

“වර­දක් නෑ… තව ඩිස­යින් එකක් ගේන්න…” සර් ජෝන් කමි­ටු­වට කිහිප වරක් පැව­සීය.

අන්ති­මට සර් ජෝන් හමු වූ කමි­ටුවේ චිත්‍ර ශිල්පි­යෙක් ඉපැ­රණි රජ යුගයේ ගොඩ­නැ­ඟිලි කීප­යක් පෙන්වා සර් ජෝන්ගේ කැමැත්ත විම­සීය.

“මේක නම් ටක්­කේ­ටම හරි යනවා!” වරක් සර් ජෝන් එක ඡායා­රූ­ප­යක් දෙතුන් සැර­යක් බලා කමි­ටු­වට පැව­සීය.

කන්ද උඩ­රට ශ්‍රී විභූ­තිය විද­හා­පාන මහ­නු­වර මඟුල් මඩුවේ කලා­ත්මක අංශ ඇතු­ළත් කොට ඊට පසු සැල­සුම් අඳින ලදි. එයට අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ සහ අමා­ත්‍ය­තු­මාගේ සිත තදින් ඇදී ගියේය. ඒ සඳහා අනු­මැ­තිය ලැබී­මත් සමඟ මහල් දෙක­කින් යුතු නිද­හස් අනු­ස්ම­රණ මන්දි­රය ගොඩ­නැ­ඟීම අර­ඹන ලදි. ඉහළ මාලය 452 දෙන­කුට එක්­වර අසුන් ගත හැකි වන සේ සකසා ඇත. එහි කැට­යම් කළු ගලෙන් නිමවා ඇති අතර, ලංකා ඉති­හා­සයේ වැද­ගත් සිද්ධි එහි චිත්‍ර­ණය කොට තිබේ. එහි තඹ­යෙන්ද කරන ලද කැට­යම් සිගන්නා­සුලු ඒවාය.

නිද­හස් මන්දි­රය චතුර­ස්‍රකාර දිගැටි ගොඩ­නැ­ඟි­ල්ලකි; ප්‍රවේශ දෙකකි. එයින් එකක් පිය­ගැ­ට­පෙළ දෙක­කින් යුක්තය. ද්වාර සතර දෙසින් හිඳි සිංහ රූප පේළි 60කි. අපේ නිද­හස් මන්දිර සැලැ­ස්මට මහ­නු­වර මඟුල් මඩුවේ ඇතැම් ලක්ෂණ අඩංගු වේ. දේශීය කලා ශිල්පද මතු වෙයි.

බැලූ බැල්මට මෙහි අප දකින්නේ යාබ­දව දෙප­ළට වූ චතු­ර­ශ්‍රා­කාර කුලුනු 60කි. මහ­නු­වර සම්ප්‍ර­දා­යට අනුව මඟුල් මඩුවේ සහ ඇම්බැක්කේ වැනි තැන්වල කණු­වල අගනා කැට­යම් දැක්වෙන අතර, වහල දරා සිටින ඉදි­රි­පස කුලුනු පේළිය දර්ශ­නී­යය. වහල මුඳුන්ද ඒ කෙළ­ව­රින්ද ඊත­ල­යෙන් වාත්තු කළ රන් ආලේ­පිත කොත් කැරලි දෙකක් වේ. සේනා­නා­යක ප්‍රථම අග­මැ­ති­ව­ර­යාගේ හදිසි වියෝ­වෙන් එතු­මාගේ ලෝහ­මය පිළි­රුව ඉදි කළ පසු ඒ අවට වූ පොකුණ බැඳි වේදි­කාව වටා සිව් දිසා­වට මුහුණ ලා සිටින සිංහ රූ හත­රක් පිහි­ටු­වීමේ විශේෂ සැල­සුම සර් ජෝන්ගේය.

මේ ගොඩ­නැ­ඟිල්ල විවෘත කරන දින පැවති උත්ස­ව­යේදී කතා­වක් පවත්වා ඇති බ්‍රිතාන්‍ය ජාති­ක­යකු පවසා ඇත්තේ මේ ගොඩ­නැ­ඟිලි ඉදි කිරී­මට යොදා­ගෙන ඇත්තේ එංග­ල­න්තයේ ප්‍රදේ­ශ­ය­කින් නැව් මඟින් ගෙන එන ලද ගල් විශේ­ෂ­යක් බවයි.

නිද­හස් මන්දි­රයේ කණු­වල ඇති සෑම කැට­ය­මක්ම සකසා තිබෙන්නේ මහ­නු­වර මඟුල් මඩුවේ සහ ඇම්බැක්ක දේවා­ලයේ ඇති කැට­යම් ඇසු­රෙනි. නාරි­ලතා මල පංච­නා­රි­ඝ­ටය, ගජ­සිංහ, භේරුණ්ඩ පක්ෂියා, වෘෂ­භ­යින්, නෙළුම් මල් ආදිය ඒ කැටයම් අතර දැක­ගත හැකිය.

නිද­හස් මන්දි­රය විවෘත වූ වෙලාවේ එව­කට එංග­ලන්ත කිරී­ට­යට විරුද්ධ පක්ෂ­යක විකල්ප පුව­ත්ප­ත­කට ලිපි­යක් ලියූ වාමා­ශි­ක­යකු නිද­හස් වෙනු­වෙන් ගොඩ­නැඟූ ගොඩ­නැ­ඟිල්ල පිහිටි ප්‍රදේ­ශය ටොරිං­ටන් චතු­ර­ශ්‍රය වන්නේ කෙසේ­දැයි ප්‍රශ්න කර සිටිනා ලදි.

1847 දී එංග­ලන්ත වෙළෙ­ඳ­පොළේ කෝපි මිල පහත වැටුණ නිසා ලංකාවේ කෝපි වගාව අර්බු­ද­ය­කට ලක් විය. ඒ හේතු­වෙන් රජයේ ආදා­යම බෙහෙ­වින් පහත වැටිණි. ඒ අර්බු­ද­යට පිළි­ය­මක් වශ­යෙන් එව­කට ආණ්ඩු­කාර ටොරි­න්ටන් සාමි­ව­රයා කඩ­සා­ප්පු­ව­ලට, කර­ත්ත­ව­ලට, පාර­ව­ල්ව­ලට, ඔරු­ව­ලට, තොටු­පො­ළට, තුව­ක්කු­වට පම­ණක් නොව ගෙදර හිටපු බලු කුක්ක­ටත් බදු ගසන ලදි. මේ අසා­ධා­රණ බදු පැන­වී­ම්ව­ලට විරු­ද්ධව අපේ අතීත විරු­වන් ක්‍රියා­ත්මක කළ කැරැල්ලේ කුඩා­පොළ හාමු­දු­රු­වොත්, ගොංගාලේ ගොඩ බණ්ඩා වගේම වීර­පු­රන් අප්පු­ලාත් දිවි පූජා කළහ.

කරුණු එසේ වුණත් අපේ වීර­යන්ගේ ජීවි­ත­ව­ලට තිත තැබූ ටොරිං­ටන්ගේ නමට අපේ නිද­හස් චතු­ර­ශ්‍රය නම් කොට ඇත. අද­ටත් එය සම­හ­රුන්ට ටොරිං­ටන් චතු­ර­ශ්‍ර­යයි. එදා­වේල තමන් දාඩිය මහ­න්සි­යෙන් හරි­හම්බ කර­ගත් අපේ මිනි­සුන්ගේ කර මත දරා­ගත නොහැකි ලෙස බදු බර පැටවූ ටොරිං­ටන්ගේ නමින් නිද­හස් චතු­ර­ශ්‍රය අද­ටත් හඳු­න්වන ඇතැම්හු සිටිති.

නිද­හස් මන්දි­රය ඉදි­කි­රීම සඳහා නිය­මිත පළමු පස් පිඬැල්ල කැපීම අග්‍රා­මා­ත්‍ය­ව­රයා අතින් සිදුවූ අතර නිදන් වස්තු තැන්පත් කළේ හිටපු ජෝන් කොත­ලා­වල ඇමැ­ති­තු­මාය. ඒත් ගොඩ­නැ­ඟිල්ල විවෘත කිරී­මට ප්‍රථම ඩී.ඇස්. සේනා­නා­යක අග්‍රා­මා­ත්‍ය­ව­රයා අභා­ව­ප්‍රාප්ත විය.

1956 බල­යට පත් අග්‍රා­මාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක ඉතිරි වැඩ නිම කර 1957 පෙබ­ර­වාරි මස 4 වැනි දින පැවැත්වූ නිද­හස් උත්ස­ව­යේදී නිද­හස් මන්දි­රය විවෘත කිරී­මට කට­යුතු කරන ලදි. උත්ස­ව­යට එව­කට චීන අග්‍රා­මා­ත්‍යව සිටි චෞ එන් ලායිගේ සහ­භා­ගි­ත්වය විශේෂ වූ බව චීනයේ ප්‍රථම ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා වූ විල්මට් ඒ. පෙරේරා නොහොත් හොරණ ශ්‍රීපාලි නිර්මා­තෘ­ව­රයා සට­හ­නක් තබා ඇත.

එහෙත් තවත් ලේඛ­න­වල ඇත්තේ 1953 පෙබ­ර­වාරි 5 වැනි දින නිද­හස් මන්දි­රය විවෘත කළ බවකි.

නිද­හස් මන්දි­ර­යට විශේෂ දින­යක් වන්නේ මීට වසර 18කට පෙර නිද­හස් අනු­ස්ම­රණ කෞතු­කා­ගා­රය බිහි වීමත් සම­ඟය. එහෙත් එය පසු කර යන බොහෝ දෙනා එහි කෞතු­කා­ගා­ර­යක් ඇති බව නොද­නිති. එසේම වසර 78 නිද­හස් උදා­නය ප්‍රෞඪ ලෙස දරා­ග­නි­මින් නිද­හස් මන්දි­රය පොදු ජන­තා­වගේ නිද­හස වෙනු­වෙන් දැන් ඉතින් ජාතික සංකේ­ත­යක් වී හමා­රය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *