ශ්‍රී ලංකාවේ උපන්  විද්‍යාඥ බාලි පුලේන්ද්‍රන්ගෙන් ශ්වසන රෝග රැසකින් ලොව ආරක්ෂා කරන ‘එන්නතක්’

ශ්‍රී ලංකාවේ උපන් ප්‍රතිශක්ති විද්‍යාඥ මහාචාර්ය බාලි පුලේන්ද්‍රන් රෝග රැසකින් ලොව ආරක්ෂා කරන, නාසයට දුමාරයක් සේ විදින ‘ශ්වසන එන්නතක්’ සංවර්ධනය කරමින් සිටින බව වාර්තා වේ.

ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාව සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන පුලේන්ද්‍රන්ගේ නව සොයාගැනීම් සුප්‍රකට ‘සයන්ස් සඟරාවේ’ ප්‍රකාශයට පත්කර ඇත.

එම සොයාගැනීම්වලට අනුව, එන්නත එන්නත් කරන ලද මීයන් SARS-CoV-2(කොවිඩ්) සහ අනෙකුත් වෛරස්, ස්ටැෆිලොකොකස් ඕරියස් සහ ඇසිනෙටොබැක්ටර් බෝමන්නි බැක්ටීරියා මෙන්ම ගෘහස්ථ දූවිලි මයිටා අසාත්මිකතාවන්ගෙන්ද ආරක්ෂා වී ඇත.

සාම්ප්‍රදායික එන්නත් මෙන් නොව, මෙම නව එන්නත පෙනහළු වල ප්‍රතිශක්තිකරණ සංඥා මාර්ග උත්තේජනය කරන බවද පැවැසේ.

පර්යේෂකයන් පවසන්නේ, මෙවැනි එවැනි ‘නාසික ඉසින එන්නතක්’ සාර්ථකව මිනිසුන් වෙනුවෙන් සංවර්ධනය කළහොත්, දැනට භාවිත කරන බොහෝ එන්නත් සඳහා ඇති අවශ්‍යතාවය අඩුකර, අනාගත වසංගත තර්ජන වලින් ආරක්ෂාව සැපයිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *