
විදේශ අමාත්‍ය විජිත හේරත් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී, පවතින අර්බුද නිරාකරණය කර කලාපීය සාමය යළි ස්ථාපනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වීමේ අත්‍යවශ්‍යතාව අමාත්‍ය විජිත හේරත් මෙහිදී පෙන්වා දී තිබෙනවා.
මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තමන් එරට විදේශ අමාත්‍ය Gideon Saar මහතා සමග සාකච්ඡා කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසා සිටියේ, එම සාකච්ඡාවේදී මෙරට ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබූ බවය.
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම අපගේ ඉහළම ප්‍රමුඛතාවයක් බවත්, ඒ හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින 29,000කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බවත් අදාළ නිවේදනයේ දැක්වේ.
එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ කලාපීය සාමය ඇති කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බවත් අදාළ ‘X’සටහනේ දැක්වේ.


