පාස්කු විමර්ශන කඩාකප්පල් කරලා! උසාවියෙන් තීරණාත්මක නියෝගයක්?

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහා­ර­යට සම්බන්ධ බවට සැකකරන පුල­ස්තිනී මහේ­න්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ට අදා­ළව තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණය සිදුකිරී­මට 2022 වස­රේදී එව­කට සිටි ජනා­ධි­ප­ති­ව­රයා විසින් දී ඇති නියෝග සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශ­න­යක් කර අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ගොනුකරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් ඉසුරු නෙත්ති­කු­මා­රගේ පසුගිය (11 වැනිදා) අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කෙළේය.

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් අන­තු­රුව කොළඹ සිට කල්මු­ණේට පළාගිය සහ­රාන්ගේ පවුලේ සාමා­ජි­ක­යන් ඇතුළු පිරි­සක් සයි­න්ද­ම­රුදු හි පිහිටි නිවෙසකදී 2019.04.26 වැනිදා සිදුවූ පිපු­රු­ම­කින් මිය­ගි­යේය. මෙම පිපු­රුම සිදු­වන විට එම නිවෙසේ සිටි සාරා ජෙස්මින් නමැති කාන්තාව මිය‍ගොස් නැති බව ඩී.එන්.ඒ. පරී­ක්ෂණ දෙක­කින්ම තහ­වුරු වී තිබිණි.

එසේ තිබි­ය­දීත් 2022 වස‍රේ පැවැති ආර­ක්ෂක මණ්ඩල රැස්වී­ම­කදී සාරා ජෙස්මින්ගේ තෙවැනි ඩී.එන්.ඒ පරී­ක්ෂා­වක් සිදු කිරී­මට එවක ජනා­ධි­ප­ති­ව­රයා විසින් නියෝග ලබාදී ඇත්තේ විම­ර්ශන හරි මඟට ගැනී­ම­ටද එසේ නැත්නම් සාක්ෂි වසන්කිරී­මට සහ කඩා­ක­ප්පල් කිරීම සඳ­හාද යන්න විම­ර්ශ­නය කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

එහි අප­රාධ වර­දක් තිබේද නැද්ද යන්න සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශන කර අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ගොනුකරන ලෙසත් මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.එසේම එම නියෝග දී ඇත්තේ කුමන පද­න­ම­කින්ද කාටද යන්න සම්බ­න්ධ­යෙන්ද විමසා බලන ලෙස­ටද මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙහි දී නියෝග කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යට අදා­ළව චැනල් 04 නාළි­කාව විසින් හෙළි­කළ කරුණු සම්බ­න්ධ­යෙන් කෙ‍ෙරන විම­ර්ශ­නයේ තෙවැනි සැක­කරු ලෙස නම්කළ හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සැක­ක­රු­වෙක් ලෙස නම් කිරී­මට අදාළ සාක්ෂි ඇතු­ළත් පිටු 25න් යුක්ත සාක්ෂි සම්පි­ණ්ඩන වාර්තා­වක් ද රහස් පොලී­සිය විසින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.

මෙහි පළමු සැක­කරු වන රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් සැර­යන් ජැකීල් පාරස්, පොලිස් බුද්ධි අංශයේ පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් වන නිශාන්ත යන දෙදෙනා පාස්කු ප්‍රහා­ර­යට සම්බන්ධ බවට සාක්ෂි ඉදි­රි­පත් කරන ලෙස දී තිබූ අධි­ක­රණ නියෝග ප්‍රකා­රව සිදු කළ විම­ර්ශන ප්‍රග­තිය ඇතු­ළත් වාර්තා­වක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.

මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම වැඩි­දුර වාර්තා­වට අදා­ළව වවු­න­තිව් සිද්ධිය හැරුණු විට පාස්කු ඉරු­දින ප්‍රහා­ර­යට අදා­ළව තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේද යන්න විමසා සිටි අව­ස්ථාවේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දැනුම් දුන්නේ ඊට අදාළ තොර­තුරු අනා­ව­ර­ණය නොවන බවය.

වවු­න­තිව් විම­ර්ශන නොමඟ යැවී­මට අදා­ළව ජැක­ට්ටු­වක් හඳුන්වා දෙමින් එම විම­ර්ශන නොමඟ යැවී­මට ඔවුන් කට­යුතු කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණය හමුවේ කියා සිටි­යේය.

ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න තම සේවා­දා­ය­කයා වන සුරේෂ් සලේ යන අය වෙනු­වෙන් ඇති සාක්ෂි සම්බ­න්ධ­යෙන් විමසා සිටි අව­ස්ථාවේ පිටු 25කින් යුක්ත වාර්තා­වක් ඉදි­රි­පත් කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඒ සම්බ්න­ධ­යෙන් කෙටි­යෙන් කරුණු දක්වන්න යැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට දන්වා සිටි­යේය.එහිදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කරුණු තුනක් සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කර­මින් කරුණු දැක්වීය.

ශ්‍රී ලංකා බුද්ධි අංශයේ දීර්ඝ කාල­යක් ඔත්තු­ක­රු­වෙක් ලෙස සේවය කළ මීග­මුව පදිංචි අයෙක් මුස්ලිම් අන්ත­වා­දීන්ට කටු­වා­පි­ටිය දේව­ස්ථා­නය පෙන්වා ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කියා සිටි­යේය.

“තවත් යුද හමුදා බුද්ධි අංශයේ සිටි පාණ­දුර පදිංචි ඔත්තු­ක­රු­වෙක් මාර්තු මාස­යේදී සහ­රාන්ගේ කණ්ඩා­යම මෙලෙස ප්‍රහා­ර­යක් එල්ල කළ හැකි බව යුද හමුදා බුද්ධි අංශ­යට දැනුම් දී තිබෙ­නවා. යුද හමුදා බුද්ධි අංශය කිසිදු ක්‍රියා­මා­ර්ග­යක් ගෙන නැහැ. එම ප්‍රහා­රය සිදු වූ පසුව එම ඔත්තු­කරු මෙම ප්‍රහා­රය පිටු­පස යුද හමුදා බුද්ධි අංශයේ වසර 20කවත් අද්දැ­කීම් ඇති අයෙක් සිටිය යුතු බවට කියා ති‍බෙනවා. එම ප්‍රකා­ශ­යෙන් පසුව ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන ත්‍රස්ත වාම­ර්ශන කොට්ඨා­ස­යට භාර දී තිබෙ­නවා” යැයි රහස් පොලී­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

එමෙන්ම සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍ය­ක්ෂ­ව­රයා වූ පසුව එම විම­ර්ශන සිදු කරන ආකා­රය සම්බ­න්ධ­යෙන් ඔහු­ගෙන් තොර­තුරු ලබා ගෙන ඇති බවට සිදු කළ විම­ර්ශන අනා­ව­ර­ණය කර ඇතැ­යිද රහස් පොලී­සිය සඳ­හන් කළේය.

ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන සිටි­යදී ඔහුගේ නිවස බලා ගෙන ඇති බවත්, ඔහුගේ පුතාට යුද හමුදා බුද්ධි අංශයේ පරි­ග­ණක අංශයේ රැකි­යා­වක් සොයාදී ඇති බවත් රහස් පොලී­සිය අධි­ක­ර­ණය දන්වා සිටි­යේය.

යුද හමුදා බුද්ධි අංශ­යට ඔත්තු­ක­රු­වන් නඩත්තු කිරී­මට හැකි වුවද ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන සිටි­ය­දීත් මෙලෙස කට­යුතු කර තිබේද යන්න මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා විමසා සිටි­යේය.

එහිදී රහස් පොලී­සිය කියා සිටියේ, ඊට අදාළ සාක්ෂි ඇති බවය. නීති­ප­ති­ව­රයා විසින් ලබා දුන් උප­දෙස් ප්‍රකා­රව එම ඔත්තු­කරු නිද­හස් කර තිබි­ය­දීත් සුරේෂ් සලේ මහතා විසින් කොළඹ හෝට­ල­ය­කදී ඔහු හමු වී ස්තූති කර ඇතැ­යිද රහස් පොලී­සිය කියා සිටි­යේය.

2019.04.26 වැනිදා කල්මුනේ සයි­න්ද­ම­රුදු නිවෙ­සක සිදු කළ එම සාමූ­හික ස්වයං ඝාත­න­යේදී පුල­ස්තිනී මහේ­න්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් මිය­ගොස් ඇති බව සනාථ කරී­මට අදාළ මුල් ඩී එන් ඒ වාර්තා ගැළ­පුණේ නැති බවත් සුරේෂ් සලේ විසින් හිටපු පොලි­ස්පති චන්දන වික්‍ර­ම­රත්න මහ­තාට සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට තෙවැනි ඩී එන් ඒ එකක් සිදු කරන ලෙස බල­පෑම් කර ඇතැයි රහස් පොලී­සිය අධි­ක­ර­ණ­යට කියා සිටි­යේය.

එහිදී පොලි­ස්ප­තිට බුද්ධි නිල­ධා­රි­යෙක් බල­පෑම් කළා කිය­ලද කියන්නේ කියා මහේ­ස්ත්‍රා­ත්ව­රයා විමසා සිටි­යේය.

ස්වාමීනී, බුද්ධි රැස්වී­ම්ව­ලදී දිගින් දිග­ටම බල­පෑම් කර තිබෙ­නවා යැයි විම­ර්ශ­ක­යන් කියා සිටි­යේය.

බල­පෑම් කරද්දී තුන්වැනි ඩී එන් ඒ එකක් නොකර සිටි­යදී ආර­ක්ෂක මණ්ඩ­ල­යට පොලි­ස්ප­ති­ව­රයා කැඳවා තුන්වැනි ඩී එන් ඒ එකක් සිදු කරන ලෙස බල­පෑම් කර තිබෙ­නවා. මේ බල­පෑම් සිදු කර තිබෙන්නේ එවක ජනා­ධි­ප­ති­ව­රයා හමු­වේයි.

බුද්ධි රැස්වී­ම්ව­ලදී බල­පෑම් කළද සිදු කළේ නැති නිසා ආර­ක්ෂක මණ්ඩල රැස්වී­මේදී හිටපු ජනා­ධි­ප­ති­ව­රයා හරහා මේ බල­පෑම සිදු කර තිබෙ­නවා.

මේ බල­පෑම හමුවේ හිටපු පොලි­ස්ප­ති­ව­ර­යාට ආර­ක්ෂක මණ්ඩ­ල­යේදී හෘද­යා­බා­ධ­යක් පවා වැල­ඳුණු බවත් රහස් පොලී­සිය කරුණු දක්ව­මින් කියා සිටි­යේය. ඒ සම්බ­න්ධ­යෙන් හිටපු පොලි­ස්ප­ති­ව­රයා පවා ප්‍රකාශ සට­හන් කර තිබෙ­නවා යැයිද පොලී­සිය කීවේය.

ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න මහතා සුරේෂ් සලේ වෙනු­වෙන් කරුණු දක්ව­මින් මෙසේ කීවේය.

මෙයට පෙර අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමුවේ ගොනු කළ රිට් පෙත්ස­මක් තිබෙ­නවා. 2023 වසරේ මේ සම්බ­න්ධ­යෙන් නියෝ­ග­යක් තිබෙ­නවා එහි තිබෙන්නේ රැඳ­වුම් භාරයේ සිටි­යදී කට­යුතු කළ යුත්තේ කෙසේද කියලා. දැන් කට­යුතු සිදු වන්නේ එහෙම නෙවෙයි. සුරේෂ් සලේ රඳවා සිටී­මෙන් අව­මන් සහ­ගත සැල­කිලි ලැබෙන බවට තොර­තුරු ලැබී තිබෙ­නවා. පවුලේ කෙනෙක් ඔහු බලන්න එනවා නම් උප්පැන්න සහ­තික ඇතුළු සහ­තික කළ ලේඛන රැගෙන එන ලෙස දැනුම්දී තිබෙ­නවා. එසේ සිදු කරන එක වැර­දියි. නීති­ඥ­ව­රුන් හමු­වෙද්දි රහස් පොලී­සිය ඒවා අහ­ගෙන වාර්තා කර ගන්නා බවත් නීති­ඥ­ව­රයා සහ සේවා දාය­කයා අතර තිබෙන රහස් සම්බ­න්ධ­තා­වට එය ගැට­ලු­වක්. සුරේෂ් සලේ රහස් පොලී­සි­යෙන් පිට­තට රැගන යාමේදී අධි­ක­රණ අව­ස­ර­ය­කින් තොරව රැගෙන නොයන ලෙස නියෝග නිකුත් කරන ලෙසත් ජනා­ධි­පති නීති­ඥ­ව­රයා දීර්ඝ විස්ත­ර­යක් සිදු කර­මින් ඉල්ලා සිටි­යේය. එමෙන්ම මේ තොර­තුරු ලැබී ඇත්තේ ඉන්දි­යා­වෙන්. එව­කට සිටි පොලි­ස්ප­ති­ව­රයා ඇතුළු පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන විම­ර්ශන කළත් මේ විම­ර්ශන සම්බ­න්ධ­යෙන් ජැයිකි ද අල්විස් කමි­ටුව යම් නිර්දේශ සිදු කළා. ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය හමුවේ විවෘත කරුණු දක්වන්නේ නැහැ. එම ලේඛන මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාට කිය­වී­මට ලබා දෙයි.

සියලු කරු­ණු­ව­ලට සවන් දුන් මහේ­ස්ත්‍රා­ත්ව­රයා සිද්ධිය සම්බ­න්ධ­යෙන් අයැද සිටි නියෝග ලබන 25 නිකුත් කරන බවත් එදි­නට අදාළ වාර්තා ගොනු කරන ලෙසත් නියෝග කළේය.

මෙහිදී සුරේෂ් සලේ මහතා වෙනු­වෙන් මෝස­මක් ගොනු කර­මින් ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න මහතා ඇතුළු නීතිඥ මඬු­ල්ලක් සිදු කරන ලද ඉල්ලී­ම්ව­ලට අදාළ නියෝග ඉදිරි දින නිකුත් කරන බවත් ඇතැම් කරුණු සම්බ­න්ධ­යෙන් ලිඛි­තව ඉල්ලීම් කරන ලෙසත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම පාර්ශ්ව­යට දන්වා සිටි­යේය.

සුරේෂ් සලේ වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න ඇතුළු නීතිඥ මඬු­ල්ලක් පෙනීසිටි­යේය.

අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් නීතිඥ මනු­ෂිකා කුරේ පෙනීසිටි අතර පළමු සහ දෙවැනි සැක­ක­රු­වන් වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ එම්. නිසාම් කාරි­ය­ප්පර් අධි­ක­ර­ණය හමුවේ පෙනීසිටි­යේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *