පරිවර්තන කවි

රාත්‍රිය හඳුනා ගත්තෙක්මි මම

රාත්‍රිය හඳුනා ගත්තෙක්මි මම

ඇවිද ගොස් ඇත්තෙමි යළි යළිත්
මහා වරුසාවේ
ඇවිද ගොස් ඇත්තෙමි පසු කර
අවසන් පහන් එළියද නග‍රයේ

පසුක‍ර ගොසින්
වීදි සරනා රැකවලුන්
සඟවා ගෙන මුහුණ
හේතු කීමට නොරිස්සෙන්
හෙලා ඇත්තෙමි දෙනෙත්
දුක්බරම වීදි දෙස නගරයේ

ඈත වීදියකින් නැගී
නිහඬ බව බිඳ හෙලන
හඬකට සවන් දී
නිසලව නැවත ඇත්තෙමි
හඬ නොනගා දෙපා
එනමුදු ඒ නැගුණු හඬ
මා අමතනු නොවේ

බොහෝ උස් තැනක දිදුලන
අහස පරයා නැගි ‍හෝරා කණුව
පැවසීය වේලාව
හරිත් නැත වැරදිත් නැතැයි

රාත්‍රිය හඳුනා ගත්තෙක්මි මම

රොබට් ෆ්‍රොස්ට්
(1874- 1963)

පරිවර්තනය නිලූක කදුරුගමුව 

පරිවර්තන බ්ලොග් අඩවියෙන් .

 http://nilukakadurugamuwa.blogspot.com/

*අවසර ඇතිව උපුටා ගැනුනකි.

සතුට සඳහා වට්ටෝරුව

දෙපස ගස් වැවුණු අලංකාර මාවතක්
හිරු එළිය ඇති තැනක අපූරු කෝපි හලක්
ඉතා කුඩා කෝප්ප වල සැර කළු කෝපි

ඔබට ආදරය කරන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්
(ඔවුන් ඉතා ලස්සන වීම අත්‍යවශ්‍ය නැත)

යහපත් කාලගුණයක් ඇති දවසක්

Translation of the poem ‘Recipe for Happiness’ by Lawrence Ferlinghetti

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක

Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි

http://hotchocolatedays.blogspot.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *