මැදපෙරදිග ගැටුම් නිසා 2026 ෆෝමියුලා 1 තරග දෙකක් අවලංගු කරයි.

මැදපෙරදිග කලාපයේ පවතින වාතාවරණය හේතුවෙන්, අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2026 ෆෝමියුලා 1 තරගාවලියේ බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී තරග නිල වශයෙන් අවලංගු කිරීමට ෆෝමියුලා 1 සංවිධායකයින් සහ ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) පියවර ගෙන තිබෙනවා.

තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ගේ, කණ්ඩායම්වල සහ සියලුම සේවකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ප්‍රමුඛ කරගනිමින් මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.

බහරේන් සහ සෞදි අරාබි තරගාවලි පවත්වන ස්ථාන අවට පවතින ආරක්ෂක අවදානම් පිළිබඳව දැඩි ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බවද වාර්තා වනවා..

මෙම තීරණයත් සමග 2026 තරගාවලියේ මුළු තරඟ සංඛ්‍යාව 24 සිට 22 දක්වා අඩු වී තිබෙනවා.අවලංගු කළ තරග වෙනුවට වෙනත් රටක තරග පැවැත්වීමට අපේක්ෂාවක් නොමැති බවද සංවිධායකයින් වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *