කැවිලි මිල ඉහල යද්දී,කොහාගේ පැමිණිම අවුරුද්දෙන් පසු.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයට හුරුපුරුදු හඬක් වන්නේ කොහාගේ නාදයයි.කෙසේවෙතත්, මෙම අලුත් අවුරුද්දේ දී එය තරමක් වෙනස් වීමට ඉඩ ඇත.මන්ද කොහාගේ බිත්තර දැමීමේ චක්‍රයේ වෙනසක් සිදුව තිබීම ඊට හේතුව බව පරිසරවේදීහු පෙන්වා දෙති.

පරිසරවේදී ජගත් ගුණවර්ධන පැවසුවේ කොහාගේ බිත්තර දැමීමේ චක්‍රය අලුත් අවුරුදු කාලය සමඟ සමපාත වී ඇති බැවින් මෙම වසරේ අවුරුදු සමයට පෙර කොහාගේ හඬ අඩුවෙන් ඇසෙනු ඇති බවයි.

“මෙම වසරේ මාර්තු මාසයේ අවසාන දින කිහිපය තුළ චක්‍රය ආරම්භ වුණා. අප්‍රේල් මාසයේ තවත් දින කිහිපයක් එය පවතියි. ඒ අනුව කොහා මේ වසරේ අප්‍රේල් මැද භාගයේදී පමණක් ශබ්ද කරන්න පටන් ගනී. එමනිසා, පෙර වසරවල මෙන් අලුත් අවුරුදු කාලය තුළ කොහාගේ ශබ්දය ඇසෙන එකක් නැහැ,” ආචාර්ය ගුණවර්ධන පැවසීය.

“බිත්තර දැමීමේ චක්‍රය පසුගිය වසරේ මාර්තු මස මුලදී සිදු වූ නිසා, 2025 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේදී කොහාගේ හඬ ඇහුනා. කොහොමවුණත්, වසර 50කට පෙර හා සසඳන විට අද කුරුල්ලා හඬ නගනවා. දශක ගණනාවකට පෙරට වඩා දිගු කාලයක් කොහාගේ හඬ දින ගණනක් පවතිනවා,” ඔහු තවදුරටත් පැවසීය.

ආචාර්ය ගුණවර්ධන සඳහන් කළේ කොහෝ ගහනය වසර ගණනාවක් පුරා වැඩි වී ඇති බවයි.කොහාගේ හඬ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමඟ සමීපව සම්බන්ධ වේ.බොහෝ ශ්‍රී ලාංකිකයන් අතර පොදු විශ්වාසයක් වන්නේ එහි හඬ අලුත් අවුරුදු සමයේ පැමිණීම සනිටුහන් කරන බවත්, උත්සව සඳහා සූදානම් වීම ආරම්භ කිරීමට ජනතාව පොළඹවන බවයි.

මේ අතර ගෑස් සහ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අවුරුදු කැවිලි මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. මේ අනුව, ආස්මි එකක මිල රුපියල් 180 ත් 200 ත් අතර මිලක් දක්වාද, කොණ්ඩ කැවුමක මිල රුපියල් 90 ත් 100 ත් අතර මිලක් දක්වාද, පැණි වළල්ලක මිල රුපියල් 100 ක් දක්වාද, මුං කැවුමක මිල රුපියල් 80 ක් දක්වාද, කොකිස් එකක මිල රුපියල් 40 ක් දක්වාද, අළුවා කැටයක මිල රුපියල් 70 ක් දක්වාද වැඩිවී ඇත.

අතිරස එකක මිල රුපියල් 80 ක් වන අතර, පොල් ටොපියක මිල රුපියල් 20 කි.අවුරුදු කැවිලි මිල උඩ යයිපොල් තෙල් බෝතලයක මිල රුපියල් 700 ත් 750 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇතැයිද රස කැවිලි නිෂ්පාදකයෝ කියා සිටිති.

මීට අමතරව, කේක් ආදියෙහි මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. බටර් කේක් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 1,000 ත් 1,200 ත් අතර මිලකටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *