
පාර්ලිමේන්තු සතියත් පසුගිය සතියේ පැවැත්වුණු නිසා දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් කතා බස් රැසක් මැතිසබය තුළද සිදු විය. ඒ අතරින් සුප්‍රීම්සැට් චන්ද්‍රිකාවත් ඡනපතිගේ කථාවත් වැඩි අවධානයකට ලක්විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ 2012 වසරේ දී ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියෙන් රජයට 2015 සිට 2023 දක්වා කාලයේ දී රුපියල් මිලියන 343,909 ක ආදායමක් ලැබී ඇති බවත් ඊට රජයෙන් මුදල් ආයෝජනය කර නොමැති බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඉකුත් 6 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවසුවා ය.
එහෙත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ ඊට පසු දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ අදාළ චන්ද්‍රිකා සන්නිවේදන ව්‍යාපෘතියේ ආදායම් සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය අගමැතිවරියට වැරදි තොරතුරු සපයා ඇති බව ය.
මේ අතර සුප්‍රීම් සැට් සම්බන්ධයෙන් පසුගිය බදාදා අගමැතිනිය කළ ප්‍රකාශයේ දී දශමස්ථාන නොපෙනී යාම නිසා වැරදි අදහසක් කියවුණාදැයි මේ වනවිට කසුකුසුවක් පැතිර යමින් තිබේ. එයට හේතුව ඇය කියූ සංඛ්‍යාවන්ගේ දශම ස්ථාන වෙනස් කිරීමෙන් පසුව කියැවෙන ආකාරය ඊට පසුදා අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනයේ තිබීමයි.
මේ අනුව පැහැදිලිවම දශම ස්ථාන ගැටලුවක් ඇති අතර දශමස්ථානය නොයොදා මෙම ලේඛනය අගමැතිනියට ලබා දුන්නාද නැත්නම් අගමැතිනිය අතින් දශමස්ථාන ගිලිහුණාද යන්න විමර්ශනවලින් පසුව තහවුරු වනු ඇත.
මේ අතර “චිචී ගේ රොකට් එක තියන තැන දැන් ආණ්ඩුව හොයා ගත්තනේ. ඒක පැලවත්ත පක්ෂ කාර්යාලය උඩට වට්ට ගන්න එපා කියලා මම කියනවා.” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ජනපතිගේ කතාවට දැඩි අවධානයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණියේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයට සම්බන්ධ වීමටය. එහිදී ජනාධිපතිවරයා දීර්ඝ වේලාවක් රටේ ආර්ථිකය ගොඩනැඟීම සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබිණි.ජනපතිවරයා දීර්ඝ වේලාවක් කතා කළත් එම කතාව අවසන් වන තුරු ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සභා ගර්භයේ සිටීම විශේෂත්වයකි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඇසීමටද ඉඩ දුන් ජනාධිපතිවරයා, එම සියලු ප්‍රශ්නවලට ක්ෂණිකව පිළිතුරු ලබාදීමට ද කටයුතු කළේය.
ආර්ථිකයේ ඉලක්ක සපුරන හැටි ජනපති පෙන්වයි.
“මූල්‍ය සහ බලශක්ති වෙළෙඳපොළ, වරාය වැනි ඉමහත් උපාය මාර්ගික වැදගත් ක්ෂේත්‍රවල රජය ඉන්න ඕන. අපි ඒක ප්‍රතික්ෂේප කරපු දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. අපි අත්හරින්නේ නෑ. රජය තෙල් සංස්ථාව බලශක්ති වෙෙළඳපොළේ යම් ප්‍රමාණයක් නියෝජනය කරනවා නම් එය ජනතාවට බරක් නොවිය යුතුයි. කරන්න ඕනකම තියෙන නිෂ්පාදන පිරිවැයට අනුව මිල ගළපන්න ඕන. ඒක වැරැද්දක් නෙවෙයි. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කියනවාද නැද්ද අදාළ නෑ. ඒක කළ යුතු දෙයක්. කවුරුහරි කියනවා නම් ඒක වැරදියි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඒකෙ උගුල නෙමෙයි, මේ මොකද්ද ප්‍රතිපත්තිය.
විපක්‍ෂනායකතුමා ආණ්ඩුවට කලින් විදුලි බිල ප්‍රකාශයට පත් කර 33% කිව්වා. අපි ඉතාමත් හොඳ සූත්‍රයකට අනුව විදුලි බිල තීරණය කළා. කුඩා වැඩි වීමක් සිදු වුණා. මේ ජනවාරි, ජුනි මාසවල තමයි ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම. අපේ අපේක්ෂාව තියෙනවා ඩොලර් බිලියන 7 ඉක්මවූ විදේශ සංචිතයක්. මේ දෙසැම්බර් මාසේ වෙනකොට අපි ආරම්භ කරනවා. අවුරුදු පහකට පස්සේ වාහන වෙළෙඳපොළ විවෘත කළා. ඊයෙ වෙනකොට එල්. සී. ඕපන් කරලා තියෙනවා ඩොලර් මිලියන 1267ක් අපි අපේක්ෂා කරනවා, ඩොලර් මිලියන 1500ක්, 1800 ප්‍රමාණයක් මේ දෙසැම්බර් වෙනකොට එල්. සී. ඕපන් කරයි කියලා. මතයක් හදනවා වහන්න හදන්නේ කියලා. වහන්නෙ නෑ මතක තියාගන්න, වහන්න හදලා කියලා ගන්න ටිකත් පස්සට ගන්න ඉන්න කට්ටියත් වෙෙළඳපොළට කැඳවන්නේ ඉන්න කුමන්ත්‍රණයක් තියෙනවා. තර්ජනය දෙන්න මෙතනට ඩොලර්වලට බලපෑම ඇති කරන්න. වාහන ආනයනය සීමා කරන්නේ නෑ. විවෘත කරන ලද වෙළෙඳපොළ මේ විදිහටම පවත්වාගෙන යනවා. අපි කවුරුත් පිළිගන්නවා මේ වෙලාවේ තියෙන බද්ද විශාලයි. තවත් කොහොමද වාහනයකට බදු වැඩි කරන්නේ. කිසිදු බදු වැඩි කිරීමක් කරන්නේ නෑ .” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
රවීගේ දියණියගේ මංගලෝත්සවයේදී මහින්ද, රනිල්, ගෝඨා කතාබහක
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ දියණියගේ මංගල උත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලේදී පැවැත්විණි. ව්‍යාපාරිකාවක වන රවීගේ දියණිය මිනෙලා කරුණානායකගේ අතගත් ශෙනාල් ගුණතිලක ද ව්‍යාපාරිකයෙකි.
මෙම විවාහ උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් ඇතුළු දේශපාලනඥයන් රැසකට ආරාධනා කර තිබීම විශේෂත්වයකි. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනෙකු එක් මේසයකට වී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ආකාරයක් දක්නට ලැබිණ. ජනාධිපති වරප්‍රසාද කප්පාදුව සහ තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී කෙටි කතාබහක් සිදුවී තිබේ.
මේ අතර මහින්ද අමරවීර, තිස්ස අත්තනායක, රවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, වජිර අබේවර්ධන, හර්ෂණ රාජකරුණා, හර්ෂ ද සිල්වා, රිෂාඩ් බදියුදීන් ඇතුළු දේශපාලනඥයන් රැසක් මෙම මංගල උත්සවයට පැමිණ සිටීම විශේෂත්වයකි. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින සියලුම දෙනා වාගේ මෙම මංගල උත්සවයට පැමිණ සිටි අතර, ඒ අතර හිටපු මැති ඇමැතිවරුන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද වූහ.
කාලෙකින් හමුවුණේ යනුවෙන් මහින්ද අමරවීර කතාබහ පටන් ගත් අතර, චාමර සම්පත් කීවේ අපේ පරණ සෙට් එකේ හුඟ දෙනෙක් ඡන්දෙන් පස්සෙ හමු වූ බවයි. වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හා ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන මෙහිදී සාකච්ඡා විය.
මෙම මංගල උත්සවයට රටේ ප්‍රකට ව්‍යාපාරිකයන් රැසක්ම සහභාගි වූ අතර ඔවුන් කිහිප දෙනෙකුම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චෝදනා කළේ වර්තමානයේදී විපක්ෂය භූමිකාව හරියට සිදු නොවන බවටය.
විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී හරියට හඬක් නඟන්නේ නෑ චාමර සම්පත් මන්ත්‍රීතුමා විතරයි හරි දෙයක් කතා කරන්නේ යනුවෙන් ව්‍යාපාරිකයකු කියූ කතාවට මඳක් සිනාසුණු චාමර සම්පත් මන්ත්‍රීවරයා තම කොළරය උස් කරගත්තේය.
රනිල්ගෙන් ප්‍රකාශයක්.
ජාතික තරුණ සේවා සභාවේ මේ දිනවල සිදු වන අලකලංචි ගැන එහි නිර්මාතෘ මෙන්ම ආදි කාර්තෘ රනිල් වික්‍රමසිංහ ඉතා උපේක්ෂාවෙන් මෙන්ම නිහඬව බලා සිටියේය. තමන් තරුණ සේවා සභාව ගොඩනැගූ අපේක්ෂාවන් මෙන්ම අරමුණු පිළිබඳව හොඳින්ම දන්නේ ඔහුය.
” ඔබතුමා මේවා ගැන ප්‍රකාශයක් කළොත් නරක දැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් වරෙක රනිල්ට මතක් කර දුන්නේ සතියකට පමණ පෙරය. රනිල් පුරුදු උපේක්ෂාවෙන්ම තව ටිකක් බලමු යැයි කීය. කෙසේ වුවද අවසානයේ දිනිත් කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව රනිල් වටහා ගත්තේය.
” අපි ලබන ඉරිදා ප්‍රකාශයක් කරමු. ඒකට සූදානම් වෙන්න” රනිල්- දිනිත්, ශානුක ඇතුළු මාධ්‍ය හිතවතුන් කැඳවා දැනුම් දුන්නේය. ඒ අනුව රනිල් ලබන ඉරිදා තරුණ සේවා සභාව සම්බන්ධයෙන්ද එහි උද්ගතව පවතින වත්මන් අර්බුද මෙන්ම තරුණ සේවා සභාව ගොඩනැගූ අතීතය ගැනත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
රනිල්ගේ ලේකම්වරුන් පොලීසියට.
දැන් හිටපු ජනපති රනිල්ගේ සමීපතමයන් රහස් පොලීසියට, මූල්‍ය අපරාධ අංශයට දවස ගානේ ගෙන්වීමට පටන්ගෙන තිබේ. රනිල් ජනපති අවධියේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා සහ එකල ජනපති ලේකම්වරයා වූ සමන් ඒකනායක රහස් පොලීසියට කැඳවද්දී රනිල්ගේ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ සාගල රත්නායක නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි.
” ආණ්ඩුවේ උත්සාහය වෙලා තියෙන්නේ අපේ නායක රනිල් මොන ක්‍රමයකින් හරි හිර කරලා තියාගන්න, අර සමහර සත්තු බයට ඇඟට පනිනව කියලා කියනවනේ. අන්න ඒ වගේ තමයි” වජිර මේ සිද්ධිවල සුල මුල පැහැදිලි කරමින් කතා කරන විට රනිල් ඉවත බලාගෙන සිනහවක් පෑවේය.
“ටික දවසක් නිහඬව ඉඳලා ඔය රාජපක්ෂ දඩයම ආපහු පටන් අරගෙන තියෙන්නේ තරුණ විරෝධය ගැන සමාජය කතා කරන එක මැඩ පවත්වන්න. ආණ්ඩුවට තරුණ විරෝධයට මුහුණ දෙන්න බැරි නිසා ඒවා වෙනසකට යොමු කරන්න උපක්‍රමයක් විදියට ආපහු මේ ඊනියා හොර දඩයම පටන් අරගෙන” චාමර සම්පත් කීවේය.
UNICEF නියෝජිතවරියට ඇමති විජිත කිව්වේ මොනවාද?
ශ්‍රී ලංකාව සඳහා යුනිසෙෆ් ආයතනය විසින් පත් කරන ලද නව නියෝජිතවරිය වන ඒමා බීගම් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමු විය. මෙහිදී ළමා අයිතිවාසිකම් සහ ළමා අයිතිවාසිකම් සුරැකීමට රජයක් විදියට ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දෙන ලදි. මෙම හමුවීමෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා තබන ලද X ගිණුමේ සටහන පහත දැක්වේ. “UNICEF_SriLanka සඳහා අලුතින් පත් කරන ලද UNICEF නියෝජිතවරිය වන එමා බ්‍රිගම් මහත්මිය මගේ කාර්යාලයේදී මට අක්තපත්‍ර ප්‍රදානය කළාය. දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ සමස්ත සංවර්ධනයට සහාය වීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අපි ඵලදායී සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික හා දේශපාලන ප්‍රගතිය පිළිබඳව මම ඇයට විස්තර කළ අතර, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ට ආරක්ෂිත, වඩාත් සාධාරණ අනාගතයක් ගොඩනැඟීමට රජයේ නොසැලෙන කැපවීම නැවත තහවුරු කළෙමි.”ශ්‍රී ලංකාව විවිධ අංශවලින් ලබා ඇති ප්‍රගතිය එහිදී ඇය අගය කළ අතර, රටේ සියලුම දරුවන්ගේ යහපැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා රජය සමඟ සමීපව කටයුතු කිරීමේ සිය අභිප්‍රාය බව ද ප්‍රකාශ කළාය.
ජී.එල්.ගේ ගෙදර කතා කළේ මොනවාද?
මේ අතර පසුගිය දවසක විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් රැසක් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නාරාහෙන්පිට චන්ද්‍රා පටු මඟෙහි පිහිටි නිෙවසට පැමිණියේ විශේෂ කාරණයකටය.
ජී.එල්. පීරිස් මහාචාර්යවරයාගේ දැනුම් දීමකට අනුව මෙම පිරිස පැමිණ සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.
රවුෆ් හකීම්, ජීවන් තොණ්ඩමාන්, පලනි දිගම්බරම්, කබීර් හශිම්, මනෝ ගනේෂන්, ඩීවී චානක, රමේෂ් පතිරණ, ශෙහාන් සේමසිංහ ඇතුළු දේශපාලන පක්ෂ දාහතක නියෝජිතයන් මෙම හමුවට පැමිණ දීර්ඝ වේලාවක් වර්තමාන දේශපාලන තත්ත්වයත් ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳවත් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
පාඨලී ඩාර්ලි පාරට.
පසුගිය 06 වැනි අඟහරුවාදා අමුත්තෙක් ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ සිටියේය. ඒ හිටපු අමාත්‍යවරයකු මෙන්ම ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ය.
ඔහු පැමිණ සිටියේ පොදුජන එක්සත් පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහාය.
නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් ලංසා, ලසන්ත අලගිය වන්න, පියල් නිශාන්ත, අසංක නවරත්න, මහාචාර්ය තිස්ස විතාරණ, සුගීෂ්වර බණ්ඩාර ඇතුළු දේශපාලඥයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ දෙනකු පැවසුවේ රට හමුවේ පවතින අභියෝගවලට පිළිතුරු ලබා දීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවය. ඒ තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුම්වත් කළ යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස විය.
“මම මේ අවස්ථාවට ආවේ පොදුජන එක්සත් පෙරමුණ සමඟ සන්ධානගත වීමට නොවේ. නිරීක්‍ෂණ මට්ටමින් මං සහභාගිවෙලා ඔබතුමාලගේ කටයුතුවලට උදවු කරන්නම්” යනුවෙන් පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කොට ඇත.