
ගම හා ජන ජීවිතය පසුබිම් කරගත් සිනමා කෘතීන් රැසක් නිර්මාණය වී ඇත. එහෙත් මේ චිත්‍රපට ඇසුරින් රුහුණේ ජන ජීවිතය පිළිබඳ විග්‍රහයක් කිරීම මදක් අසීරු වනුයේ රුහුණට පමණක් සීමා වූ ජීවන රටාවක් විශ්ලේෂණයට වඩා මිනිස්කමට පොදු ගතිලක්ෂණ සාකච්ඡා කිරීම මේ සිනමාකරුවන්ගේ අධ්‍යාශය වූ බවක් පෙනෙන හෙයිනි. පසුබිම රුහුණ වුවද මේ චිත්‍රපටවලට විෂය වන කථා පුවත් ජීවිතය පිළිබඳ පොදු ධර්මතා හා බැඳී පැවතිණි. එහෙයින් ඒවායින් මතුවන අනුභූතින් මුළු මහත් ශ්‍රී ලංකාවේම ජන ජීවිතය හා බැදෙන බවත් දිස් වෙයි. කෙසේ වෙතත් රුහුණේ පසු බිමත් එහි මිනිසුන්ගේ ජිවිතයන් මූලික තේමාව ලෙස ගනිමින් නිර්මාණය වූ චිත්‍රපට තුනක් ඇසුරු කරගනිමින් එහි සමාජ හැඩරුවත් චර්යා වනුත් පිළිබඳ චිත්‍රයක් මවාගත හැකි යැයි සිතමි.
ගම් පෙරළිය (ආචාර්ය ලෙස්ටර් ජේමස් පිරිස්) දකුණේ ගම්මානයක සිදුවන සමාජ පෙරළියත් එයට හසුවන මිනිසුන්ගේ ගති ලක්ෂණත් විග්රහ කෙරෙන හොඳ ම චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි ය. මේ චිත්‍රපටයත් එයට පාදක වූ මාර්ටින් වික්‍රමසිංහයන් ගේ නව කථාවත් මේ සියවසේ මුල් දශක වල දකුණේ සමාජ ව්‍යුහය පසුතල කොටගනී. ඉතා වැරවෑයමින් ජීවිතය ගැටගසා ගන්නා ගැමියන් ද වඩා ඉහළ කුලීන පංතිය ද ලෙස මේ සමාජ පසුබිම තුළ පැහැදිලි පංති දෙකක් දැකගත හැකි විය. දැඩි කුල පීඩනයක් හෝ පංති පීඩනයක් දැකිය නො -හැකි වුවද රජයේ නිලතල හිමි වී තිබුණේ ගමේ වංශවත් පවුල් කිහිපයටයි. ඔවුන් ගැමියන්ට තාඩන පීඩන කරමින් ජීවත් වූ වැඩවසම්, රදළ ප්‍රධානීන් නොව ගැමියන්ගේ ගෞරවය දිනාගනිමින් ඔවුන් හා සමඟ සහයෝගී ව ජීවත් වූ කොටසක් බව පෙනේ. මේ ප්රභූවරු කුල ගර්වය දිවි දෙවැනි කොට ආරක්ෂා කළහ. ගම් පෙරළිය චිත්‍රපටයට විෂය වන මූලික චරිත කිහිපය ඇසුරින් මේ ලක්ෂණය ඉස්මතු කරගත හැකිය. ගම් පෙරළිය පුවතඇරඹෙනුයේ මේ සමාජ ව්‍යුහය ක්‍රමයෙන් දෙදරා යාමකට ලක්ව තිබූ සමයකයි. ඉඩම් හිමි ප්‍රභූ පංතිය ක්‍රමයෙන් ආර්ථික වශයෙන් බිඳ වැටීමකට ලක්වෙයි. ඔවුන් සතු ධනය ලෙස ගැනුනේ මුදල්
නොව ඉඩකඩම්ය. ක්‍රමයෙන් අතමිට මුදල් ගැව සෙන පුද්ගලයන් ධනවතුන් ලෙස ඉදිරියට ඒමක් දැකිය හැකි වෙයි. ගොවිතැනින් හෝ ධීවර කර්මාන් තයෙන් හෝ ජීවත්වන ගැමියන් අතුරින් කෙනෙකු දෙදෙනෙකු මුදල් ස්වල්පයක් ඉතිරි කර ගනිමින් මුදල් උකසට දීමට පටන් ගනිති. ක්‍රමයෙන් ඔවුන් රුපියල් සියයක් දෙසියයක් අතැතියවුන් බවට පත් වත්ම ධනවතුන් ලෙස බුහුමනට පත් වීම සාමාන්‍ය ලක්ෂණයක් බවට පත් වෙයි. මේ හැරෙන්නට වෙළෙඳාම පිණිස සිංහලේ බලා ගිය වෙළෙන්දන් කිහිප දෙනෙකුද ගමේ පොහොසතුන් ලෙස සැලකිණ. මොවුන් සාමාන්‍ය ගැමියන්ට වඩා ප්‍රභූ පංතියේ ගෞරවාදරය ලබන හෙයින් සාමාන්‍ය ගැමියන්ගෙන් වෙනස් කොටසක් බවට පත් වෙයි. ක්‍රමයෙන් මුදල ඉස්මතු වන මේ සමාජ ක්‍රමය තුළ ප්‍රභූ පංති -යේ බල පරාක්‍රමය පිරිහෙනුයේ ඔවුන්ගේ දුදරුවන් ගේ පුරුෂාර්ථ ද වෙනස්වන සමාජය හා නොගැල පෙන බැවිනි.
කයිසාරුවත්ගේ මුහන්දිරම් ආර්ථික වශයෙන් ක්‍රමයෙන් පිරිහෙන තැනැත්තෙකි. තිස්සගේ ඉගෙනීම සඳහාත් නන්දාගේ රෝගය සඳහාත් වියදම් කිරීමෙන් ද කරෝලිස් මගින් කළ වෙළෙඳාම අසාර්ථක වීමෙන්ද ඔහු දිළිඳු තත්ත්වයකට පැමිණෙයි. එහෙත් මේ දිළිඳුකමට හේතුව අවබෝධ කර ගනිමින් නව සමාජයට මුහුණ දෙන්නට ඔහුගේ පවුලේ සාමාජිකයන් අසතුටු වන්නේ පාරම්පරික කුල ගර්වය නිසයි. මේ මිනිසුන්ගේ බිඳ වැටීම වැඩවසම් රදළ පංතියක අවසානය පිළිබිඹු කරන්-නේ නම් පියල්ගේ ජීවිතය මුදල ඉස්මතු කරගත් නව ධනවාදී සමාජයක නැගී ඒම පිළිබිඹු කරයි. පියල් ගුරුවරයෙකි. එනිසා ගම්මුන්ගේ පමණක් නොව මහ ගෙදරින් ද ගෞරවාදරය ලබන්නෙකි. එහෙත් ඔහුට මහගෙදරින් විවාහයක් කරගත නො-හැකිය. ඒ ඔහු පරම්පරාවෙන් කුලවතකු නොවන හෙයිනි. පියල් කුලහීනයකු නොවේ. එහෙත් ඔහු ගේ පියා ඉතා වැරවෑයමෙන් ජීවත් වූ මිනිසෙකි. මේ නිසා පියල් තම බෑණා ලෙස පිළිගන්නට කයිසාරුවත්තේ මුහන්දිරම් හා මාතර හාමිනේ අසතුටු වෙති. නන්දගේ සිතැඟි වටහා ගන්නට ඔවුන් උත්සාහ නොගනුයේ හේතු දෙකක් නිසාය.
ගමේ සාමාන්‍ය පංතියට අයත් පියල් වැන්නකු හා ඥාති සම්බන්ධතා ගොඩනගා ගැනීම ඔවුන්ගේ පාරම්පරික කුල මානයට එල්ල වන මරු පහරකි. එපමණ ලිහිල් ආකල්පයක් ඔවුන්ට සමාජ ව්‍යුහය කෙරෙහි දක්විය නොහැකිය. අනෙක් අතින් දරුවන් දෙමාපියන්ගේ බසට අවනත විය යුතු ය යන සම්මතයේ ඔව්හු පිහිටා සිටිති. ඒ සිංහලයා ගේ ජන ජීවිතයේ ඝට්ටනයක් බවට පත්ව තිබු ධර්මතාවකි. දෙමාපියන් ඇසුරේ පාරම්පරික සම් මතයන් තුළ හැදී වැඩුණු නන්දා දෙමාපියන්ට අවනතවී තම ප්‍රේමයට පිටු පාන්නීය. ඇය විවාහ කර ගනුයේ ඇයගේ ම පංතියට අයත් ජිනදාසයි. ඔහු ඉඩම් ස්වල්පයක් පමණක් හිමි ස්ථිර රැකියාවක් නො මැති සමකාලීන ගැමියන්ගේ දෘෂ්ටියට අනුව ‘ නික -මෙකි ‘ විවාහයෙන් පසුව ආර්ථික දුෂ්කරතාවන්ට හසුවන ඔහුට වෙළෙඳාම් සඳහා සිංහලේ යාමට සිදුවෙයි. එහිදීද ඔහු අසාර්ථක වීම පිළිබිඹු කරන් -නේ වැඩවසම් රදළ පරම්පරාවල අවසන් පුරුක් තුළ දැකිය හැකි උදාසීන බවයි. කොළඹ නගරයට සංක්රම -ණය වන පියල් සුදු ජාතිකයන්ගේ ද ආධාර ඇතිව ක්‍රමයෙන් ධනවතකු බවට පත්වෙයි. නගරය මුලික කරගනිමින් නව සමාජ ක්රමයක නැගී ඒම පමණක් නොව ගමද මහත් වූ වෙනස් වීම් වලට හසුවන ආකාරය ඉන් පිළිබිඹු වෙයි. ගම දී ගැමියන්ගේ ගෞරවාදරයට ඉන්පසු ලක්වනුයේ මහගෙදර මුල් කරගත් ප්‍රභූ පංතිය නොව නව ධනවතකු බවට පත්වන පියල්ය. ඔහු ගැමියන්ගේ පමණක් නොව මාතර හාමිනේගේ ද ගෞරවයට ලක්වෙයි. මේ නව ධනවතාට මහගෙදරින් විවාහයක් කර ගැනුමට ඉන්පසු බාධකයක් නොමැත. නන්දාගේ හා පියල්ගේ විවාහය ගමේ සමාජ රටාවේ දෙදරා -යාම පිළිබඳ බලගතුම සංකේතයයි. සමාජ ව්‍යුහ යේ ඉහළම ස්ථරය වැඩවසම් රදළ පංතිය වෙතින් මුදල් හිමි ගැමියන් අතට පත් වෙයි. ජිනදාස භුමදානය කර පාංශුකූලය දුන්නේ මගේ සල්ලි වලන් යැයි අවසානයේ පියල් ප්‍රකාශ කරන විට ඉන් ගම්‍ය වන්නේ වැඩවසම රදළ ක්‍රමය වළ දමනුයේ නැගී එන නව ධනවාදී සමාජය විසින් බවයි. ගම තුළ සිදුවන මේ පෙරැළිය ගම්පෙරළිය චිත්‍රපටයේ යටි පෙළින් ධ්වනිත වන මුලික ධර්මතා වයි.
එහි මිනිසුන්ගේ ජීවිත රටාව රුහුණේ ජන ජීවිතය හා පොදුවේ බැඳුණු ගති ලක්ෂණ මුර්තිමත් කරයි. කුලවතුන් වුව ද මහගෙදර ඇත්තන් ද ගැමි ජීවන රටාව ඉක්මවා සිටින්නවුන් නොවේ. ඇඳුමින් ඔවුන් ගැමියන්ට වඩා වෙනස් වනුයේ බොහෝ විට
අලුත් පන්නයට නොව පිරිසුදුව ඇඳීමට ප්‍රිය කරන හෙයිනි. ඔවුන් කුල මාන්නය වැමෑරීමට උත්සාහ ගන්නවුන්ට වඩා ගැමියන් සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූවන් ලෙස ඉස්මතු වේ. විශේෂයෙන් මාතර හාමිනේ හා සෙසු ගැමියන් අතර සම්බන්ධතා හෙළි කරන්නේ ඔවුනොවුන් අතර පැවති සාමකාමී සහජීවනයයි. මේ නිසා ගම් පෙරළිය චිත්‍ර පටය දුක සැප සමසේ බෙදාගනිමින් අන්‍යෝන්‍ය සුභද බවින් යුක්ත ව කල්ගෙවූ ගැමියන් පිළිබඳ පුවතක් ගෙන එයි. මේ ලක්ෂණ ක්‍රමයෙන් ගිලිහෙන ස්ව-රූපය ද ගම් පෙරළියට ඡායා මාත්‍රව ඇතුළත් වෙයි. ඒ නිරූපණය වනුයේ පියල්ගේ ධනවත් වීම තුළිනි. මේ සමාජ පෙරැළියේ පසු සමය විග්රහයට ලක්වනුයේ ‘කලියුගය’ චිත්‍රපටයෙනි.

විරාගය චිත්‍ර පටය ( තිස්ස අබේසේකර) විෂය කරගනුයේ මූලික වශයෙන් දකුණේ සමාජ පසුබිම නොවේ. එහෙත් එහි සිදුවීම් ධාරාව යටින් දිවෙන ධර්මතාව වනුයේ ගැමි පරිසරය විසින් මිනිසා වෙතදායක කරනු ලැබූ හර පද්ධතියයි. වීරාගයේ දී ද අපට හමුවනුයේ දුක සැප දෙකට හුරු වූ, ජීවිතයට නොබියව මුහුණ දෙන ගැමියන් පිරිසකි. අරවින්ද ගමේ ප්‍රභූ පංතියට අයත් තරුණයෙකි. වෙද මහතකු වන පියා ගම්මුන්ගේ ගරු බුහුමනට පාත්‍ර වූවෙකි. එහෙත් සාමාන්‍ය ගැමියන් හා සමග ඔහුගේ සම්බන් ධතාවන් අතිශයින් සුභද ය. කැරොල් කණ්ඩායමේ දර්ශනය මේ ලක්ෂණ මැනවින් හෙළි කරන අව-ස්ථාවයි. වෙද මහතාගේ ජීවිතයේ පුරුෂාර්ථ ගැමි සංස්කෘතිය විසින් හසුරුවන ලද්දකි. ඔහු මිල මුදල් පවා නොගෙන අසරණ ගැමියනට වෙද හෙදකම් කරන බව දැක් වේ. එසේම ඔහුගේ බිරිඳ ද ආගන්තුක සත්කාරයට අතිශයින් ප්‍රිය කාන්තාවකි. ප්‍රධාන චරිතය වන අරවින්ද මූර්තිමත් කරන්නේ බුදු දහම විසින් හික්මවනු ලබන සාමාන්‍ය ගැමියායි. ගැමියන් ජීවිතය දෙස බලනුයේ උපේක්ෂාවෙනි. ඔවුන්ට ආයාසයෙන් අත් කරගත යුතු. ජයගත යුතු අරමුණු නොමැත. උපේක්ෂාව, මධ්‍යම ප්‍රතිපදාව ඔවුන්ගේ ජීවිත මෙහෙයවන බලවේග බවට පත් වනුයේ බුදු දහමින් ලැබු පෝෂණය නිසයි, පන්න -රය නිසයි. තමා වෛද්‍යවරයකු කරන්නට පියා තුළ තිබු ආශාවට අරවින්ද පිටුපායි. (මව පවසන්නේ ලොකු මිනිසකු නොව හොඳ මිනිසකු වන ලෙසයි) තමා හා ආදරයෙන් බැඳී සිටි සරෝජිනි හා පලා යාම ඔහු ප්‍රතික්ෂේප කරයි. ඔහු තම දේපල සහෝදරියට හිමිවනු බලා සිටියි. බතී වෙනුවෙන් යුතුකම් ඉටු කර ඇය සැපවත් වනු ඔහු ඈතින් සිට බලා සිටී. මේ ලක්ෂණ හෙළි කරන්නේ අරවීන්ද
අකරමන්‍ය පුද්ගලයකු බව හෝ ජීවිතයේ යථාර්ථයට මුහුණු දිය නොහී සැඟව පලා යන්නකු හෝ බව නොවේ. ඒ අරවින්ද පිළිබඳ සැබෑව විකෘති කිරීමකි. අරවින්ද ගිහි ජිවිතයේ නො ඇලෙන්නේ ඔහු කෙලෙසුන් නැසූ තැනැත්තකු නිසා නොව උපේ -ක්ෂාවෙන් ජීවිතය දෙස බලන්නකු හෙයිනි. මමත් වය තුරන් කළ තැනැත්තකු හෙයිනි. ජීවිතයේ හරයයි. මෙයට වඩා වෙනස් පුරුෂාර්ථ මුලික කරගත් පිරිස් ද මේ සමාජයේ වෙසෙති. සිරිදාස හා මේනකා නියෝජනය කරන්නේ ඒ චරිතලක්ෂණයි. මුදල් හරිහම්බ කරමින් එය ජීවිතයේ අරමුණු බවට පත් කරගත් සිරිදාස හා මේනකා ජීවිතයට ප්‍රායෝගික ව මුහුණ දෙන්නන් බව දෘශ්‍ය-මානයෙන් පළවෙයි. එහෙත් මේ ව්‍යායාමය අවසන ඔවුන් හිමි කරගන්නේ කවරාකාර ජයග්‍රහණ යක්ද? සිරිදාස හා සරෝජිනිගේ ජීවන රටාව වජිරා කෙරෙහි බලපාන ස්වරූපය විග්රහ කිරීමේ දී මේ මානය මතු කරගත හැකිය. මතු පිටින් ගත් කල ඔවුන් අරවින්ද ඉක්මවා යමින් ජීවිතය සාර්ථක කර ගත්තවුන් බව පෙනේ. එහෙත් ඇතුළාන්තයෙන් ඔවුන් ජීවිතයේ පරාජය උරුම කරගත්තවුන් ය. ජීවිතය ජයගනුයේ අරවින්දයි. මේ ජයග්‍රහණය පසු පස ඇත්තේ බුදු දහම විසින් හික්මවනු ලැබූ ගැමියා ගේ හර පද්ධතියයි. මේ හර නියෝජනය කරන අරවින්ද මඩ මත පිපුණ ද මඩ නොතැවරි අරවින්ද යක් බවට පත්වෙයි. විරාගය චිත්‍රපටය දකුණේ ගැමි ජනයාගේ ජීවිතය පිළිබඳ හරස් කඩක් බවට පත් වනුයේ මේ ලක්ෂණය මැනවින් හසු කර ගන්නා හෙයිනි. ප්‍රතිනිර්මාණය කරන හෙයිනි.
මේ චිත්‍රපට දෙකින් ම හෙළිවන ගැමි පරිසරය හැමියන්ගේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනුමට නිර්ණායකයක් බවට පත්වෙයි. ඔවුන්ට ආවේණික කට වහර, ඇඳුම් පැළඳුම් හා භෞතික සම්පත් පිළිබඳ යථාරූපි චිත්‍රයක් මවන්නට මේ චිත්‍රපට සමත් වෙයි. ඒ ඇසුරින් මේ ගැමියන්ගේ සුහද බව පමණක් නොව ඔවුන්ගේ ජීවිත හා බැඳුණු බාහිර ස්වරූප -යන් ද හඳුනාගත හැකි වෙයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කැලෑ ගමක සිදුවීම් මාලාවක් ප්රස්තුත කරගත් ‘ බැද්දේගම(ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්) මෙයට වඩා වෙනස් ආකාර යක සමාජ හා මිනිස් සම්බන්ධතාවන් විග්රහ කරන චිත්‍රපටයක් සේ හැඳින්විය හැකිය. විසිවන සියව -සේ ප්‍රථම දශකය තුළ දකුණේ ඇත නොදියුණු ගම් මානයක දිවි පෙවෙන ඉන් හෙළිවෙයි . බැද්දේගම

යේ සිළිඳු, බබුන්, පුංචි මැණිකා, සින්හාව, චිත්‍රපටයේ දී සිනමාකරුවාගේ මුලිකාධ්යාශය ආරච්චිල, මුදලාලි වැන්නවුන් මුහුණ දෙන මාතු ගැටුම විවරණය කිරීමයි. මිනිස් බවට උරුම ගති ලක්ෂණ ඇසුරින් මේ ගැටුම විවරණය කරන සිනමා කරුට මේ වරිත පසුපස ඇති සමාජමය ලක්ෂණ හසුවනුයේ මඳ වශයෙනි. බැද්දේගම නවකථාව තුළ මුලිකව ඉස්මතු වනුයේ සමාජ ව්‍යුහය මේ මිනිසුන් කෙරේ බලපාන ස්වරූපයයි. චිත්‍රපටයෙන් ඒ ලක්ෂණ උකහා ගත යුත්තේ අසීරුවෙනි. බැද්දේ ගම මිනිසුන් ස්වභාව ධර්මයත් මිනිසාගේම කුරීරු ග්රහණයන් නිසා විනාශයට පත්වන්නවුන්ය. එක් අතෙකින් වන ප්‍රවාහය විසින් ඔවුන්ගේ ජීවිත ගිල ගනු ලැබේ. අනෙක් අතින් නියඟය හා වසංගතරෝග ඔවුන්ගේ ජීවිත බිල්ලට ගනී. මේ ස්වා භාවික ආපදාවන් දෙකම ඉක්මවමින් මිනිසාගේ රුදුරු ගහණයෙන් ගැලවී ගන්නට ඔවුන්ට නො හැකිවේ. එක් අතෙකින් ආරච්චිලගේ බල පරා-ක්‍රමය ඔවුන්ගේ ජීවිත කෙරෙහි බලපායි. අනෙත් අතින් මුදලාලිගේ කාමාශාව මේ පවුලේ ඉරණම වෙනස් කරන්නට හේතු වෙයි. නීතිය ද ඔවුන්ගේ පිළිසරණට නොඑයි. මේ අයුරු විවිධ අතවරයන් නිසා ඔවුන්ගේ ජීවිත බිඳ වැටෙයි. මේ සියලු ලක්ෂණ චිත්‍රපටය තුළ දැකිය හැකි ය. මූලික මානය ලෙස ගැනෙනුයේ මේ මිනිසුන් මුහුණ දෙන පුද්ගල ව්‍යසනයන්ය. සිළිඳු, බබුන් වැන්න-වුන්ගේ චරිත පසුපස සැඟව ඇති සමාජාර්ථ චිත්‍ර -පටයට නොපිවිසෙන්නේ එහෙයිනි. කෙසේ වෙතත් මේ සියවස ආරම්භයේ දකුණු පළාතේ කෙළවරක පිහිටි කැලෑ ගම්මානයක සිදුවීම් ඇසුරින් මේ මිනිසුන්ගේ ජීවිතත් ඒ කෙරේ බලපාන සමාජ සාධකත් පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නට බැද්-දේගම චිත්‍රපටය සමත් වෙයි. එහෙත් රුහුණේ පසුබිම රැගත් චිත්‍රපට රාශියක් නිපද වී ඇතත් (මඩොල්දුව, මාතර ආච්චි, මොනරතැන්න ඒ අතුරින් කිහිපයකි) එහි සුවිශේෂ තත්ත්වයන් පිළිබඳව විමසා බලන්නට තරම් ඒවා ප්‍රබල නොවේ. රුහුණ හා සිංහල චිත්‍රපටය පිළිබඳ විග්රහයකදී රුහුණෙන් බිහි වූ එක් පුරෝගාමි සිනමාකරුවකු වෙත අනිවාර්යයෙන්ම අපේ අවධානය යොමු විය යුතුය. සිරිසේන විමලවිර සිනමාකරුවාගේ චිත්‍රපට රුහුණ පසුබිම් කරගත් නිර්මාණ සේ හැඳින් වීම අසීරුය. එහෙත් සිංහල සිනමාවට රුහුණේ දායකත්වය පිළිබඳව කෙරෙන ඇගයුමක දී ඔහුගේ නිර්මාණ කාර්යයන් බැහැර කිරීම අසීරු ය. ප්‍රථම දශකය තුළ සිංහල චිත්‍රපටයට දේශීය අනන්‍යතාව උරුම කරදීමේ කාර්යභාරය ආරම්භ කරනුයේ සිරිසේන විමලවීරයි. සිංහල චිත්‍රපටය විජාතික ග්රහණයෙන් මුදා ගැනුම සඳහා ඔහු දියත් කළ කාර්යය සෙසු කලා මාධ්‍ය වල පැවති ජාතික ප්‍රබෝ -ධය සමඟ බද්ධ වෙයි. නව කථාව, නාට්‍යය. සංගීතය හා භාෂා ක්ෂේත්රය තුළ විවිධ මුහුණුවරින් සිංහල ලකුණ ගවේෂණය කිරීමේ කාර්යය මේ වන විට ඇරඹී තිබිණි. දෙමළ සිනමා ශිල්පින්ගේ මූලික-ත්වයෙන් නිර්මාණය වූ සිංහල චිත්‍රපටය ද ඉතා දැඩි ව දෙමල ඌව හිමි කරගත්තක් විය. වීමලවීර යන්ගේ කාර්යය යොමු වූයේ චිත්‍ර පටයේ දෙමළ ඌරුව බිඳින්නට ම නොව විජාතික සිනමා ශිල්-පීන් ගෙන් එය මුදා ගැනීමට ය. කෙසේ වෙතත් අන්තර්ගතය විසින් ද ඔහු දේශීයත්වය කරා සමීප-වන්නට උත්සාහ දැරු බව පෙනේ. ‘ සරදියල් ‘ චිත්‍රපටය ජන ජීවිතය වෙත සමීපවන්නට ඔහු ගත් ප්රයත්නයකි. පොඩි පුතා චිත්‍රපටයේ දී ඔහු උත්සාහ කළේ කාලීන සමාජ ගැටළුවක හැඩරුව විමසා බැලීමටයි. දෙමළ හැඩරුව තම චිත්‍රපට වලින් …………..සම්පුර්ණයෙන්ම බැහැර කරන්නට ඔහු සමත් වූයේ නැත. එහෙත් හැකිතාක් ස්වාධීන වන්නට ඔහු ප්රයත්න දැරූ බව නම් පැහැදිලිය. කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරය පිහිටුවීමෙන් ඔහු විජාතික ග්රහණයෙන් චිත්‍රපට ව්‍යාපාරය මුදා ගැනීමේ ප්‍රථම පියවර තැබීය. එම චිත්‍රාගාරයේ දී සිංහල ශිල්පින්ට මේ නව මාධ්‍යය පිළිබඳ පුහුණුක් ලබා දෙන ලදී. මේ කාර්යයන් ඉතා තීරණාත්මක වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් මාධ්‍යය පිළිබඳ අත් දැකීම් මඳ වීමේ හේතුවෙන් කලා මාධ්‍යයන් ලෙස සිනමා -වේ ප්‍රගමණයට දායක වන්නට ඔහුට අවකාශ නො -ලැබිණ.
රුහුණට ආවේණික සිරිත් විරිත්, ආකල්ප හා ඇගයීම් මෙන්ම සදාචාර සම්මතයන් ද එහි ජනතාව ගේ ජීවන රිද්මයද තුළ සෙසු පළාත් වලින් වෙන් කොට ගත හැකි පමණට වෙනස් කම් දැකිය හැකිය. ගම් පෙරළිය, විරාගය හා බැද්දේගම සිනමාකෘති තුළ මේ සුවිශේෂතා අන්තර්ගත වන බවක් කිව හැකිය.
” ගම් පෙරළිය ලියන ලද්දේ දකුණු පළාතේ කොග්ගල නමැති ගමෙහි සමාජ තත්ත්වය විපර්යාස වූ සැටි දැක්වීමකට වුවද එයින් විස්තර වන්නේ නවීන සභ්‍යත්වය නිසා ලොව සියලුම රටවල ගම වෙනස්වන සැටිය… වික්‍රමසිංහ මහතා ගමෙහි විපර්යාසය දක්වන්නේ කුල ගර්වයම දැඩි කොට ගත් පැරණි ධනවත් පවුලක් ක්‍රමයෙන් පිරිහෙන සැටි ද ගර්වය ද උපදවා ගැනීමට තරම් පරම්පරාවක් නැති පවුලක් ක්‍රමයෙන් ධනවත් සැටි ද දැක්වීමෙනි.”
( සිළුමිණ – 1944.5.21 ජී. බී. සේනානායක )
මාතර අභිමානය Proud of Matara මුහුණු පොත් පිටුවෙන්


