
පාපන්දු ලෝක කුසලාන දිනුම් ඇදීමේදී ලෝක පාපන්දු සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා විසින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ‘ෆීෆා සාම ත්‍යාගය’ ප්රදානය කිරීමෙන් ලෝක පාපන්දු පාලක මණ්ඩලයේ නීති කඩ කළ බවට චෝදනා කරමින්, විමර්ශනයක් සිදු කරන ලෙස ෆීෆා ආචාර ධර්ම කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.
සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා ලෝක පාපන්දු පාලක මණ්ඩලයේ දේශපාලන මධ්‍යස්ථභාවය පිළිබඳ තමන්ගේම නීති විවෘතව උල්ලංඝනය කළ බවට මානව හිමිකම් අයිතිවාසිකම් කණ්ඩායම වන ‘ෆෙයාර් ස්කුවයාර්’ මේ චෝදනාව ඉදිරිපත් කර තිබේ.
“මේ ආකාරයේ ත්‍යාගයක් වත්මන් දේශපාලන නායකයකුට පිරිනැමීම, ෆීෆාහි මධ්‍යස්ථභාවය පිළිබඳ නීති උල්ලංඝනය කිරීමක්” යනුවෙන් චෝදනාවේ සඳහන් වේ. “ෆීෆා සභාපතිවරයාට සංවිධානයේ මෙහෙවර, උපායමාර්ගික දිශාව, ප්‍රතිපත්ති සහ වටිනාකම් ඒකපාර්ශ්විකව නියම කිරීමට බලයක් නැත” යනුවෙන් චෝදනාවේ සඳහන් වේ.
ලබන වසරේ ජූනි 11 සිට ජූලි 19 දක්වා අෙමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ලෝක පාපන්දු තරගාවලියේ කාලසටහන එළිදැක්වීමේ උත්සවය වොෂින්ටන් ඩීසී කෙනඩි මධ්‍යස්ථානයේ පසුගියදා පැවති අතර, එහිදී ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා විසින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ‘ෆීෆා සාම ත්‍යාගය’ ලෙස විශාල රන් කුසලානයක් සමඟ, පදක්කමක් සහ සහතිකයක් පිරිනැමුවේය.
මේ අතර, නිව්යෝර්ක් පදනම් කරගත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය ද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ‘ෆීෆා සාම ත්‍යාගය’ පිරිනැමීම විවේචනය කොට ඇත.


