ඉංග්‍රිසි මොඩියුලයයේ අවුලෙන් 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල්යයි.

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික අධධ්‍යාපන ආයතනය විසින් සිදුකළ විමර්ශන වාර්තාව අනුව ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.ඹහු මෙම අදහස් පලකලේ පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිණි.

මේ අතර හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෙරෙන විමර්ශනවලින් පෙනීගොස් ඇත්තේ යම් නිලධාරියකුගේ වගකීම් විරහිත ක්‍රියාවක් හේතුවෙන් ආන්දෝලනයට තුඩු දී ඇති වෙබ් අඩවි කේතය ඊට ඇතුළත් වී ඇති බවයි.

මෙම මොඩියුලය අධීක්ෂණය කළ බව සඳහන් නිලධාරීන්ගේ නම් රැසක් එහි ඇතුළත්ව ඇතත් ඒ කිසිදු නිලධාරියෙක් මොඩියුලය මුද්‍රණය කිරීමට නිසි අධීක්ෂණයක් කළ බවට තොරතුරු ද විමර්ශනයේ දී අනාවරණය වී නැත.

මෙම මොඩියුලය කෙටුම්පත් කිරීමේ සිට මුද්‍රණය කිරීම දක්වා සම්බන්ධ වූ නිලධාරීන්ගෙන් මෙම මොඩියුලය සකස් කිරීමට දායකත්වය ලබා දුන් විද්වතුන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ ලබාගෙන තිබේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළව ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන්වලට යොදා ගැනීමට මෙම මොඩියුල 300ක් 350ක් පමණ මුලින් මුද්‍රණය කර ඇත.

ගුරුවරුන්ට පුහුණු වැඩමුළුවලදී මොඩියුල ලබා දී ඇතත් ප්‍රශ්නගත වෙබ් අඩවි කේතය ඒ කිසිදු ගුරුවරයකුගේ අවධානයටද ලක්ව නැති බවද විමර්ශනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනීගොස් ඇත.

ඒ වනවිටත් ගුරුවරු 5000ක පමණ පිරිසක් පුහුණු වැඩසටහන් සඳහා සහභාගි වී සිට ඇත.

මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇති කරුණු ඉදිරියේ දී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *