පරිවර්තන කවි

තෝරාගැනීම්

Translation of the poem ‘Choices’ by Tess Gallagher

දුර ඇති කන්දත්
එහි හිම වැටුණු දසුනත්
නිවසට පැහැදිලිව පෙනෙන්නට
ඒ පස ගස්වල
අතු රිකිලි පාහින්නට
කියතත් අතින් ගෙන ගියෙමි

නමුත් එක් ගසක, උඩම අත්තක
කුරුළු කූඩුවකි

මා ඒ ගස කපා දැමුවේ නැත
අනෙත් ගස් කපා දැමුවේද නැත

එක්වරම, හැම ගසකම
කන්දක් තිබිය යුතු තැන
අදිසි කූඩුවක් විය.

Tess Gallagher

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක

Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි

http://hotchocolatedays.blogspot.com/

තාරකා

රෑ අහස දිදුලන තාරකාවෝ

එබිකම් පාති මා ලියන පදවැල් කෙරේ

අපගෙන් වියෝවූවන්ගේ

දෙනෙත් සේ මැයි ඒ

නිශාවේ නිසල බව අතර

මට ඇසේ ඔවුන් දොඩනා අයුරු

යුදට ගොස් දිවි පිදූ විරුවන්

සදා මතකයේ රැ‍‍ඳේ කියමින්

මවුබිමට පෙම් බැඳි කඳුකර වැසියෙක්මි මම්

නොවේ මා පෙරමග සැපයෙන් පිරි එකක්

කවුරු නම් දනිත්දෝ ඉදින් මතුදින

මා පවා තාරකාවක් නොවේ දැයි

එසේ වූ කල එබිකම් කරමි මම

තවෙකෙකු ලියන පදවැල් කෙරේ

ම’ සොයුරන් හද සදා රැඳෙනා

මිහිකතට පෙම් බැඳි තාරකාවක් සේ

Rasul Gamzatov (1923- 2003)

පරිවර්තනය නිලූක කදුරුගමුව 

පරිවර්තන බ්ලොග් අඩවියෙන් .

 http://nilukakadurugamuwa.blogspot.com/

*අවසර ඇතිව උපුටා ගැනුනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *