2028 ලෝක අයිස් හොකී කුසලානයේ සත්කාරකත්වයට කැල්ගරි සහ එඩ්මන්ටන් නගර තෝරා ගැනේ.

2028 දී ලෝක අයිස් හොකී කුසලානය සඳහා සත්කාරක නගර ලෙස චෙක් ජනරජයේ අගනුවර වන ප්‍රාග් සමඟ කැල්ගරි සහ එඩ්මන්ටන් තෝරාගෙන ඇත .

NHL පසුගිය සඳුදා නිවේදනය කළේ කැල්ගරි හි උපත ලැබූ NHL සුපිරි තරු වන කේල් මාකාර්, එඩ්මන්ටන් ඔයිලර්ස් නායක කොනර් මැක්ඩේවිඩ් සහ චෙක් ජනරජයේ සිට බොස්ටන් බෲයින්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන ඩේවිඩ් පැස්ට්‍රනැක් යන අයගේ පණිවිඩ ඇතුළත් සමාජ මාධ්‍ය සටහනක ය.

” 2028 ලෝක හොකී කුසලානය මගේම උපන් ගම වන ඇල්බර්ටා හි කැල්ගරි හිදී පැවැත්වෙන බව නිවේදනය කිරීමට මම ඉතා සතුටු වෙමි ,” යනුවෙන් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි පළ කරන ලද පණිවිඩයක මාකාර් පැවසීය.ලොව ඉහළම හොකී රටවල් අටක් හොඳම-හොඳම තරඟාවලියකට සහභාගී වන මෙම ඉසව්ව 2028 පෙබරවාරි මාසයේදී පැවැත්වේ.

කැල්ගරි සහ ප්‍රාග් නගරවල රවුන්ඩ් රොබින් තරඟ පැවැත්වෙන අතර, අවසන් පූර්ව තරඟ සහ අවසන් තරඟ එඩ්මන්ටන් හි රොජර්ස් පෙදෙසේදී පැවැත්වේ.

“2028 ලෝක හොකී කුසලානයේ අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරගය ඇල්බර්ටා හි එඩ්මන්ටන් හිදී පැවැත්වෙන බව නිවේදනය කිරීමට මම අතිශයින් සතුටු වෙමි,” මැක්ඩේවිඩ් සමාජ මාධ්‍ය සටහනේ පැවසීය.

මෙම තරඟාවලිය 1996 දී ආරම්භ වූ අතර අවසන් වරට 2016 දී ටොරොන්ටෝ හිදී පැවැත්වූ අතර එහිදී කැනඩාව ජයග්‍රහණය කළේය .

කැල්ගරි නගරයේ ස්කොටියා පෙදෙසේ දී  තරඟ හතක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එයට රවුන්ඩ් රොබින් තරඟ හයක් සහ ඉවත් කිරීමේ තරඟයක් ඇතුළත් වේ.

ෆ්ලේම්ස් හි නව ක්‍රීඩාංගණය 2027 සරත් සමයේදී නිම කිරීමට නියමිත අතර එහි පුද්ගලයින් 18,400 ක් පමණ අසුන් ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එඩ්මන්ටන්හි , හොකී තරග නැරඹීම සඳහා 18,347 ක ධාරිතාවක් ඇති රොජර්ස් පෙදෙසේ ක්‍රීබා පිටිය අවසන් පූර්ව තරඟ දෙකකට සහ ශූරතා තරඟයට සත්කාරකත්වය දරනු ඇත.සහභාගී වන රටවල්, ටිකට්පත් තොරතුරු සහ අනෙකුත් තරඟාවලි විස්තර පසුව ප්‍රකාශයට පත් කෙරේ.

තරඟාවලියේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට කැමති රසිකයින්ට තරඟාවලියේ නිල වෙබ් අඩවියේ “උනන්දුව දැක්වීමේ පෝරමයක්” පුරවන ලෙස ඉල්ලා සිටී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *