
තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කළ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා පසුගිය 06 වැනිදා දිවයිනෙන් පිටව ගියා.2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ සිදුකළ පළමු සංචාරය මෙය වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7කට පසුගිය (04) වැනිදා අත්සන් තබා තිබෙනවා.
ඒ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති රාජ්‍ය නායක හමුවෙන් පසුවයි
ඒ අනුව සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය , ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශවල කේෂ්ත්‍රවල සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම්වල මෙලෙස අත්සන් තබා ඇති බව සඳහන්.
දිවයිනට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල උත්සවය පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී උත්කර්ෂවත්ව පැවැත්වුණා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා මහතා එළැඹෙන 07 සහ 08 යන දිනයන් හී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
එහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි රාජ්‍ය සංචාරය අතරතුර දී අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත අතර එම ගිවිසුම් සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබෙනවා.
මේ අතර වියට්නාම ඡනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබෙනවා.
• ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්රයේ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.
• ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම.
• ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම ජනවාර්ගික හා ආගමික කටයුතු අමාත්‍යාංශය අතර ආගමික ක්ෂේත්රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබසාධනය, ආගමික විශ්වාස, සිරිත්විරිත් ප්‍රචාරණය සහ ආරක්ෂා කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම.
• ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයන්හී සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම. • ශ්‍රී ලංකාවේ පොලිස් අභ්‍යාස ආයතනය සහ වියට්නාම මහජන පොලිස් අභ්‍යාස ආයතනය අතර පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.යන ගිවිසුම් වලට අත්සන් තැබීමට නියමිතයි


